Article

මම ඔහුට කැමැති වුනේ සංගීතයට තියෙන ආදරේට වෙන දෙකට නෙවෙයි. රංගනයෙන් ඉවත් වී සින්දු කියන සඳනි.

Written by Prasad

සඳනි ප්‍රනාන්දු කියන්නේ ලාංකීය තරුණයින්ගේ සිහින කුමරිය බවට පත්වෙලා ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්. ඇයගේ සුරූපී බව නිසාම අනෙක් රංගන ශිල්පිනියන්ට නැති අවධානයක් දිනාගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා.ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2016 වර්ෂයේදී ITN අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමත් සමඟයි.ඒ වගේම 2017 වර්ෂයේදී ජාතික රුපවාහිනී අවුරුදු කුමරිය තරඟයෙන් දෙවන ස්ථානය දිනාගැනීමට ඇය සමත්වෙනවා.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පවසා තිබුනා.

“ඇත්තටම මුලදිම වෙළඳ දැන්වීම් හරහා තමයි කලාවට ටික ටික යොමු වුණේ මුලින්ම මම හිටියේ බිස්කට් ඇඩ් එහෙකට. ඊට පස්සේ මට දිගටම වෙළෙඳ දැන්වීමට ආරාධනා ලැබුණා 2016 දි වගේ කළ වෙළඳ දැන්වීම් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක් වුණා.උසස් පෙළ කළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අතරතුර දිමට වෙලද දැන්විම් නිරූපණයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා ඒ 2016 අවුරුද්දේ. ITN අවුරුදු කුමයරි තරඟයෙන් පස්සේ ඊට පස්සේ 2017 රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස මම දෙවැනි ස්ථානය ලබා ගත්තා.ඒ වගේම ඇයට ලැබිලා තියෙන සුරූපී බව ගැනත් ඇය අදහස් දැක්වුවා.

ඇය නම් පවසන්නේ ඇයට මේ තරම් ලස්සන රූ සපුවක් ලැබුනේ ඇයගේ වාසනාවට කියලයි.“මම හරි වාසනාවන්තයි කියලා අනේක වාරයක් හිතනවා. කිව්වට විස්වාස කරාද දන්නෑ මම මගේ ලස්සන අඳුර ගත්තේ අවුරුදු කුමාරි තරගයට සහභාගි උනාට පස්සේ. ඒක තරගයක් නිසා තරගකරුවන් දහස් ගණනක් ඉදිරිපත් වන නිසාත් උපතින් ලැබුණු රූප ස්වභාවය ලස්සන කරගන්න ශරීරය හැඩය තියාගන්න ගොඩක් වෙහෙසුණා. ඊට කලින් මම හිටියේ කොන්ඩෙ කොටට කපලා මම ඉස්සර දැනන් හිටියේ නෑ මට මෙච්චර ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලවත් ඒ වගේම ලස්සන ඇඟක් තියෙනවා කියලා වත් මන් හිතුවේ නැහැ.දැන් මන් පස්ස හරිල හිටියත් ඕනි කෙනෙක් මාව අඳුරනවා.

එතරම්ම මන් ජනප්‍රියයි කියල හිතනවා. කොහොම වුනත් ලාංකීය කලා ක්ෂේත්‍රයේ දක්ෂ වගේම ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන පියත් රාජපක්ෂ සමඟ ආදරයෙන් බැඳී සිටින ඇය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “තව අවුරුදුදෙකකින් විතර තමයි පරස්ථා වක් කරගන්න මම හිතන්නේ මේ කාලේ බඳින්න තියා තනියම ජීවත් වෙන්නත් අමාරු කාලයක්. මම මේ වෙනකොට පෙම්වතියක් ඔහු සංගීතයට සම්බන්ධ කෙනෙක් ඔහු මගේ සංගීත වැඩ වලට ඒ දේවල් ඉගෙන ගන්න හැම අතකින්ම ලොකු සහයෝගයක් දෙනවා. ඇත්තටම මම ඔහුට කැමැති වීමේ විශේෂතම හේතුව සංගීතයට තියෙන ආදරේ සහ ආසාව නිසයි. දැන් මම ආදරේ කරන්නෙ ගායකයාට වඩා ඒ පුද්ගලයාට”කියලයි ඇය අවසානයේ පැවසුවේ.

About the author

Prasad

Leave a Comment