Article

මම කවදාවත් පිටගියේ නැ මගේ විවාහයම රැවටීමක්.මම ලගදීම ආයේ විවහා වෙනවා උදාරි කෞශල්‍යා

Written by Prasad

කලා ක්ෂේත්‍රයේ නිතර නිතර කතාබහට ලක්වෙන චරිත අතර උදාරි කෞශල්‍යා කියන්නේ කැපී පෙනෙන කෙනෙක්.අන්තර්ජාලයේත් යන යන තැන ඇගේ චායාරුප තමයි දකින්න ලැබෙන්නේ.ඉතින් උදාරි කෞශල්‍යා කියන්නේ තවමත් දගකාර යෞවනයේ සිටින තරුණියක් විවහාවුනත් මේ වෙද්දී විවාහයට සමුදී නැවතත් සුපුරුදු පරිදි ජිවිතේ ගෙවනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ සුන්දර කළා කාරිනියගේ ජිවිතයේ තොරතොරු බිදක් .ඉතින් ඇය මේ දවස් වල ජිවිතේ ගෙවන හැටි අපට කිවුවේ මෙන්න මේ විදියට.

මේ දවස්වල my dear clothing යන නාමයෙන් මගේම නිමි ඇඳුම් ව්‍යාරයක් කරගෙන යනවා. එහි ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රචාරක කටයුතු දක්වා සියලුම දේ කරන්නෙ මමමයි. ඒනිසා වැඩි කාලයක් ව්‍යපාරය සඳහා යොදවලා තියෙනවා එකපාරටම රට වපු නිසා දැන්නම් ගෙදරට වෙලා තමයි සිටින්නේ රට ඇරපු ගමන් මම මගේ ව්‍යාපාරය කරන්න නැවතත් පටන් ගන්නවා.මම ලොකු ප්‍රසිද්දියක් දීලා ඩාන්සින් ක්ලාස් එකක් පටන්ගත්තා එක දැනට මාස දෙකකට කලින් තමයි නතරවුණේ මොකද මේ වසංගතය එක්ක පන්ති පවත්තන්න බැහැ.රට යහපත්වුනු ගමන් මම නැවත ඒ සියල්ලම පටන් ගන්නවා.

දැන්නම් මම කලාවෙන් ටිකක් ඈත් වෙලා තමයි සිටින්නේ හැබැයි හැමදාටම නෙවෙයි මම හිතනවා මම ටිකක් පැත්තකට උනා කියලා මට ලැබෙන වැඩ අඩුනොවෙයි කියලා මම ඇමරිකාවේ කාලයක් ඉදලා ආවා ලංකාවට ආවගමන් මට වැඩ ලැබුනා මේ පාරත් එහෙම වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා මගේ හිතේ.දැන් මගේ ව්‍යාපාර ගැන තමයි මම මුලිකත්වය දෙන්නේ. මගේ අම්මයි, තාත්තටයි ඇඟලුම් ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ අයගෙ උදව් උපකාර වගේම මට මගේ පෙම්වතාත් ගොඩක් උදව් කරනවා මට දැන් පෙම්වතෙක් සිටිනවා.පෙම්වතා නම් නළුවෙක් වත් කලාවේ කිසිම තැනක සිටින කෙනෙක් නෙවෙයි එයා එයාගෙම ව්‍යාපාරයක් පටන්ගෙන කරගෙන යනවා.

දැන් අවුරුදු දෙකක් විතර වෙනව අපේ ආදරේට මේ අවුරුද්දේ නම් විවහා වෙන්න අදහසක් නැහැ බලමු ලබන අවුරුද්දේ.මගේ වැඩවලට එයාගෙන් කිසිම බාධාවක් නැහැ‍. රංගන ක්ෂේත්‍රය වේවා ව්‍යාපාර ක්ෂෙත්‍රය වේවා මම මට හොඳයි කියලා හිතෙන, මගේ දියුණුවට මම කරන හොඳ දේවල්වලට ඔහු උදව් කරනව අපි හරිම ආදරෙන් කාලේ ගෙවනවා මම හිතනවා ඔහුත් එක්ක මට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.මොකද ඔහු වෙස්මුනු දාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි ගොඩක් මිනිස්සු අතරේ වෙස්මුන ගලවපු කෙනෙක් මට ලැබුනා කියලා කියන්න පුළුවන්.

ඇත්තටම විවාහය කැඩුනා කියන්නේ අපි වගේ කලාවේ හෝ රටේ ප්‍රසිද්ද අය.එක්කෝ කෙල්ල පිටගියා කියයි නැත්තන් කෙල්ලගේ මොකක් හරි අවුලක් කියයි ඇත්තටම ඔහොම දේවල්නේ කියන්නේ.ඉතින් මගේ විවාහයට මගේ අතින් කිසිම වරදක් උනේ නැහැ සිදුවුණු දේ දන්නේ අපි දෙන්නා විතරයි මම කිසිම කෙනෙක්ට මේ ගැන කියලා නැහැ.දැන් මට ඒවා වැඩකුත් නැහැ මගේ පාඩුවේ මම ඉන්නවා.ගොඩාක් මිනිස්සු රගපානවා විතරයි ඇතුලත ජිවිතේ දැක්කම ඉතින් පිස්සු හැදෙනවා.

කවදාවත් මට අනියම් පෙමක් තිබුනේ නැහැ ඉදිරියේදී තියෙන්නෙත් නැහැ ඒක මට විස්වාසයි.මම ඇත්තටම පන වගේ ආදරේ කළා කියන්න විතරයි මම දන්නේ දැන් ඉතින් ඒ පරණ සිදුවීම් වලින් වැඩක් නැහැ මම ඒවා සියල්ලම අතහැරලා දාලා තමයි තියෙන්නේ.ආදර සම්බන්ධයක් පටන් ගන්නේ හිත් සතුටින් ඉන්න, හොඳ මතකයන් ඉතිරි කරගන්න, සැප දුක බෙදාගන්න මිස, ජීවිතය එපා වෙන තැනට අරගෙන ගන්න නෙවෙයි.විවාහයෙදී අවංක ආදරය තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක බිඳුණ විවාහයක්. ගොඩක් මිනිස්සු සැබෑ ජීවිතයේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. මගේ විවාහයේදී මට හොඳ රැකවරණයක්, අවංක ආදරයක් හම්බ වුණේ නැහැ. මගේ ජීවිතය බිමටම ඇදලා දැම්මා.හැබැයි මම නැගිට්ටා මම වැටුණු විදියටම හිටියේ නැහැ.

මම විවාහ ගිවිසගෙන අවුරුදු හතරක් හිටියා විවාහ දිවියකට නොයා. ඒ කාල පරාසය තුළ මම ගන්න ඕන නැති තීරණයක් ගත්තේ. එහෙම ගත්තේ අනිත් පාර්ශවයේ දෙමව්පියන්ගේ ඉල්ලීම මතයි. එච්චර ඉක්මනට විවාහ වෙන්න මට ඕනකමක් තිබ්බෙ නැහැ. එතකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසෙර් ඉගෙනුම ලබනවා. අනික මම රඟපාන්න ආව විතරයි. ඒ රඟපාද්දි තමයි මට මේ ආදර යෝජනාව ලැබුණේ. ඒ කාලයේ මට පිටරට විශ්වද්‍යාලයකින් අවස්ථාවක් ලැබිලා තිබුණා. ඔහුගේ පැත්තතෙන් කිව්වා ඉක්මනටම විවාහ වෙන්න, එතකොට දෙන්නටම රට යන්න පුළුවන් කියලා. ඒ බලපෑම මතයි මම විවාහ වෙන්න තීරණය කළේ. මම මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කළා. යම් යම් අයගේ අවශ්‍යතා නිසා විවාහවෙලා මම මටම වළ කපාගත්තදෝ කියලා හිතෙනවා.

දැන් ඉතින් මම හැමදේම අතහැරලා මගේ ජිවිතේ අලුතෙන් පටන්ගෙන හොද ගමනක් යනවා රැ වැටුණු වලේ මම දවල් වැටෙන්නේ නැහැ අලුත් පෙම්වතා සමගින් මම හිතනවා මට දිග ගමනක් යන්න පුළුවන් කියලා ඉදිරියේදී අලුත් වැඩ වලින් මාව දකින්න ලැබේවි ඒ වගේමයි මගේ රසික රසිකාවියන් හැමදාම මාත් එක්ක ඉන්නවා මට ඒක ලොකු ශක්තියක් මගේ ඉදිරි ගමනට මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ජිවිතේ තිරනගන්න කලින් හොදට හිතලා බලලා තීරණ ගන්න මිනිස්සු කියන්නේ වෙනස්ම පිරිසක් උඩින් පෙනෙන දේ යට නැහැ.ඉතින් ඔන්න ඔයවිදියට තමයි උදාරි අලුත් තොරතුරු අපට පැවසුවේ.

About the author

Prasad

Leave a Comment