Article

මම කවදාහරි ඓතිහාසික චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නේ සුරූපී නිලි දිමිත්‍රී සුභසිංහ

Written by Prasad

“ඉස්කෝලේ” ටෙලි නාට්‍යයේ විහාරා ටීචර් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්. දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය නමින් දමිත්‍රි සුබසිංහ. ශාන්ත පාවුළු බාලිකාවෙන්තම අධ්‍යාපනය හැදෑරූ ඇය පවුලේ එකම දරුවා වනවා. ඇගේ පවුලේ ඉන්නේ අයත් බවත් මවත් පියත් පමණයි . දමිත්‍රි කියන්නෙ දක්ෂතාවලින් වගේම රූපයෙනුත් අගතැන්පත් තරුණියක්.ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොහොම ද? ඇත්තටම මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ අවුරුදු කුමරිය තරඟයකින්. ඒකට ගොඩක් ම ආසාවෙන් ඇප්ලිකේෂන් දැම්මෙ අම්මා. මමත් ආසාවෙන් ඉදිරිපත් වුණා. එතැනදී අන්තිම දොළොස් දෙනාට තේරුනත් මම හිතුවේ නැහැ පළවෙනිය වෙයි කියලා.ඉතින් නොසිතුව ජයග්‍රහණයක් ලැබුණා.

ඉතින් තමයි මම රංගන ජීවිතය ආරම්භ කරන්නේ. මුලින්ම මම දිලුක ගුණතිලක අයියා අධ්‍යක්ෂණය කරපු “නොනිමි” කියන ටෙලි ෆිල්ම් එකේ රඟපානවා. ඊට පස්සේ “පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” එකේ නිවුන් සහෝදරියන් ගේ චරිතයතය නිරූපණය කරනවා. එතනින් පස්සේ තමයි “ඉස්කෝලේ” ටෙලිනාට්‍යයේ විහාරා ගේ චරිතය මට හම්බ වෙන්නේ.ඇත්තටම මගේ රංගන ජීවිතේ ගුරුවරයා වෙන්නේ දිලූක ගුණතිලක අයියා. ඔහුගෙන් මට ලැබිච්ච සහාය ඉතාම වටිනවා. ඉතින් මට මගේ කටයුතු සාර්ථකව කරගන්නට හැකියාව ලැබුණා.

ඊට අමතරව මම නර්තනය හදාරනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම නර්තනයට ගොඩක් ආස කරා. ඒ වගේම මම මෑතක පටන් ගත්තා ද්මිත්‍රි සුබසිංහ කියන මගේ youtube channel එක. තාමත් covers දහ තුනක් වගේ තමයි මම කරලා තියෙන්නෙ. ඒත් මේ වගේ පොඩි කාලයක් තුළ මගේ චැනල් එකේ subscribersලා ලක්ෂයේ සීමාව පන්නමින් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා. මගේ රංගන කටයුතු වලට ගෙදරින් වගේම මට හම්බෙන්න ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ ගුරුහරුකම් මත තමයි මට යම්තාක් දුරකට හරි මේ වගේ ගමනක් එන්න හැකියාව ලැබුනේ. රංගන ක්ෂේත්‍රය කියන්නේ ඇත්තටම මං ගොඩක් ආස කරන ක්ෂේත්‍රයක්.

මම ඓතිහාසික චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා. වෘත්තීමය වශයෙන් නියැලෙනවාද නැද්ද කියන එකට වඩා මම අවධානය දෙන්නෙ හොඳ නිර්මාණ වලට සහය දැක්වීම ගැන. තවමත් මට රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ඉගෙන ගෙන හරි ගමනක් යන්න තමයි.මේ දවස්වල මම කරන්න ඉස්කෝලේ ඩ්‍රාමා එක විතරයි. තව ටෙලිනාට්‍ය පහකට ආරාධනා ලැබුණා. ඒ වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබුනා. නමුත් ඒ ගොඩක් දේවල් පටන් ගන්න අවස්ථාව නැතුව ඉන්නවා මේ වසංගත තත්වය නිසා. ඊට අමතරව මගේ degree එකේ ෆයිනල් ඉයර් එකේ මම ඉන්නේ. ඒ හින්ද මම අධ්‍යාපන කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා.

පෙම්වතතෙක් ඉන්නවද? අනාගත බලාපොරොත්තු මොනවද කියලා ඇහුවම ඇය කීවේ මෙහෙම.මට පෙම්වතෙක් ඉන්නවා. නමුත් විවාහයක් කරන්නේ මෙන්න මේ කාලේ කියලා කාලසීමාවක් දාගෙන නැහැ. තවත් වයස තියන නිසා තව ටික දවසක් ඉඳලම ඒ ගැන හිතනවා. අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත් ඉතින් කලා කටයුතුත් කරගෙන මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන නිදහසේ සැනසීමෙන් ඉන්න තමයි හිතන්නේ.

About the author

Prasad

Leave a Comment