Article

මම කාලයක් living together ඉඳලා තමයි ඔහුත් සමග විවහාවුනේ සරාගී නිලි චමත්කා ලක්මිණි

Written by Prasad

ක්ෂේත්‍රය තුළ ඇගේ නම ඉතා වැඩි වශයෙන් කතා කරන්නට පෙලඹුණේ එක්තරා චිත්‍රපටයක රංගනය හේතුවෙන්. ඔබට වුණත් අමතක නැතිව ඇති හුස්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඇයව. බොහෝ රංගන ශිල්පිනියන් පැකිලෙන චරිතයක් ඇය ඉතා නිර්භීතව බාර අරගෙන ඉතා හොඳින් රංගනයෙන් දායක වුණා. නමින් චමත්කා ලක්මිනි වුණු ඇය හුස්ම චිත්‍රපටිය සඳහා ඇයගේ නග්න සිරුර යොදාගෙන තිබෙනවා. එසේ වෙතත් සිනමා කර්මාන්තය උඩුයටිකුරු කරන්නට සමත් වෙන සිනමා නිර්මාණයකට දායක වුණු රංගන ශිල්පිනියක් ලෙස ඇය එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඇය ගැන පුද්ගලික තොරතුරු ද මෙසේ අනාවරණය කර තිබුණා

රංගනය යනු හුදෙක් රංගනයක් ම පමණක් බවත් සිප සිපගැනීමේ දර්ශනයක් හෝ නිරුවත් දර්ශනයක් තමන්ගේ චරිතයට අදාළ නම් එයට නොබියව මුහුණ දෙන චරිතයක් විදිහටත් ඇය තමන්ව හඳුන්වාදෙනන අමතක කළේ නැහැ. කොහෙත්ම පුද්ගලික ජීවිතයට අදාළ නොවන දෙයක් බවත් හුදෙක් රංගනයක් පමණක් බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළා. රංගන ශිල්පිනියක් සතුව එම නිර්භය භාවය තිබිය යුතුම බවත් ඇය ප්‍රකාශ කළා.නිර්මාණයට මුලින් ලැබුණු යම් යම් ප්‍රතිචාර මත තමන්ව කඩා වැටීමකට ලක් වුණත් දූපත් මානසිකත්වයෙන් නොමිදුණු මිනිසුන් කියන දේවල් ගණන් ගන්නේ නැතුව ඉන්න ඕනේ කියලත් ඇය තීරණය කරපු බව ඇය කිව්වා. තමන් මේ ක්ෂේත්‍රය තුළ ම ඉන්න නිසාත් තමන්ගේ නිවසින් කිසිම බලපෑමක් තමන්ට නැති නිසා නිසාත් අන් අය කියන දේවල් ඉතා පහසුවෙන් ම බැහැර කරන්නට ඇය තීරණය කලාලු. තමන්ගෙ රංගන කටයුතු නිසා මවගේ පවුල් ජීවිතයේ මං ගැටලු ඇති වුණත් තමන්ගේ පවුල් ජීවිතයට එසේ ඇති නොවූ බවත් ඇය කිව්වා.

ඉන්නේ දූපතක අපේ මිනිස්සු දවසින් දවස අප්ඩේට් වෙන්න කැමති නෑ. ඒත් එහෙම වෙන්න ඕනේ නෑ නේද? music videos ජාත්‍යන්තරයට යනව. ඉතිං චිත්‍රපටයකුත් ජාත්‍යන්තරයට යන්න ඕන නේද? මුලින්ම මට ප්‍රශ්නේ තිබ්බේ අම්මා කැමති කරගන්න එක. නමුත් ඇය මාව විශ්වාස කළා. ඕනෑම කෙනෙක් ගේ සිරුරට රිද්මයක් තියෙනවා. අපේ රිද්මය පාවිච්චි කරාට එකේ කිසිම වරදක් නැහැ.”
කවද හරි ඇයගේ දරුවා මේ චිත්‍රපටිය දැක්කොත් කුමක් වේවිද ගෙන ප්‍රශ්න කළාම ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. “මගේ දරුවාව හදන්නේ දූපත් මානසිකත්වයක කොටු කරලා නෙවෙයි.

වර්තමාන කාලයට අනුව තමයි මගේ දරුවව මම හදන්නේ. මගේ සැමියාට මගේ රංගනය ගැටලුවක් නැත්නම් මම හිතන්නේ දරුවාට දිනෙක ගැටලුවක් වේවි කියලා. මම විවාහ වුණෙත් ලිවින් ටුගෙදර් ජීවිතයක් ගත කරාට පස්සේ. මම නිකං ඉද්දි මගේ මහත්තයා වැඩක් කරන්නැද්ද කියලා අහලා මාව උනන්දු කරනවා ඉතින් ඒ වගේ තේරුම් ගත්ත කෙනෙක් ලබන්න ඇත්තටම මං මම වාසනාවන්ත ගැහැනියක් වෙන්න ඕනේ. “කරපු කිසිම දෙයක් ගැන තමන්ගේ පසුතැවීමක් නැති බවත්, බාහිර ඇසුර කියන දේ සීමාසහිතව පවත්වන නිසා සිත් රිදවීම් අඩුවෙන් ඇති වන බවත් ඇය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හුස්ම චිත්‍රපටය හරහා ලංකාවම කතා කරන රංගන ශිල්පිනියක් බවට පත් වන්නට ඇයට හැකියාව ලැබී තිබෙනවා එයට අමතරව මියුසික් වීඩියෝ සහ චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දීලා තියෙන අතරම ඇගේ රංගන ජීවිතයට අපි සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment