Article

මම කිරිදේම මවක් නිසා ඇගේ හැඩයට මොකුත් මම කරන්නේ නැ මහේෂි මදුසන්කා

Written by Prasad

පුංචි තිරයට ඇයත් නැතුවම බැරි චරිතයක්.හැඩ වැඩ ඇති සුන්දර රුවැත්තියක්. මුල්ම නිර්මාණ කාර්යය ච්‍රිත්‍රයකකින් වුනත් ඇය මුලින්ම ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ පුංචි තිරය තුලින්. අමිල අබේසේකර සමඟ රංගනයෙන් දායක වුන ටෙලි නාට්‍යයකින් ඉතා ජනප්‍රිය වුන ඇය නමින් මහේෂි මධුශංකා. කාලයකට පසුව ඇයව නැවතත් අපිට දකින්නට ලැබෙන්නේ ස්වර්ණවාහිනියේ හරහායි.

ඇයගෙන් මේ දිනවල ජීවිතය ගැන විමසුවම ඇය කීවේ මෙහෙම දෙයක්.මේ දවස්වල හැමෝම වගේ මදක් විවේකයෙන්, මමත් සෞඛ්‍යාරක්ෂිතව ගෙදරට වෙලා ඉන්නවා.”මේ දවස්වල කරන කලා කටයුතු ගැන ටිකක් කිව්වොත්.”ඇය ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරලා අවසාන කරා ඊට අමතරව තවත් අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්න බලාගෙන ඉන්නවා. ඇය ටෙලි නාට්‍ය රඟපානකොට මගේ ප්‍රසූත කාලය අවසන් වුණා විතරයි. මම ඉතින් ඒකට සම්බන්ධ වුණා.ප්‍රසූතියෙන් පස්සෙ ඔබේ සිරුරේ හැඩය පවත්වා ගන්න ඔබ මොනවද කළේ?මම මව්කිරි දෙන මවක් නිසා මට පෝෂණය යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිරුරේ හැඩය පවත්වා ගන්න කියලා විශේෂ යමක් කළේ නැහැ.

ඇය ටෙලි නාට්‍යයෙන් පසුව මම රඟපෑවේ දරුවන් දෙදෙනෙකුගේ මවගේ චරිතය නිසා සිරුරේ හැඩය ලොකුවට බලපෑවේ නැහැ. ඒ හින්ද රඟපෑමට ගැටලුවක් වුණේ නෑ. ඇය කියන්නේ කොපි කරපු ටෙලිනාට්‍යයක් කියලා කීවත් ඒක යම් යම් නිර්මාණ වලින් ආභාෂය ලැබුව ශ්‍රී ලාංකීය නිර්මාණයක්.
ඔබ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම ඉන්න කාලේ යම්කිසි නිහඬතාවක් ලැබුවේ විවේචන නිසා ද? කොහෙත්ම නෑ. පවුලක් විදියට ජීවත් වෙද්දී අපිට යම් යම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. මම ක්ෂේත්‍රයට පොඩි විරාමයක් ලබා දුන්නෙ මගේ දරුවා නිසා. ඒ ගැන පොඩිමවත් පසුතැවීමක් මට නෑ.

චිත්‍රපටවල එන සමහර අය පුංචි තිරයේ අසාර්ථක වෙනවා. පුංචි තිරයේ සාර්තක සමහර අය රිදී තිරයේ අසාර්ථක වීම ගැන කීවොත්. මට හිතෙන්නේ රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියක් පුංචි තිරයට හෝ රිදී තිරයට කොටුවෙන්න හොඳ නෑ. මම මුලින්ම ශේෂ්ත්‍රයට ආවේ චිත්‍රපටියකින්. ඒ නිසා සමහර අධ්‍යක්ෂවරු මට කිවුවා ටෙලි නාට්‍යවල රඟපාන්න එපා කියලා. ඒත් චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන්නේ අවුරුද්දකට එකක් වගේ.එහෙම වෙලා තිරගත වෙන්නත් අවුරුද්දක දෙකක කාලයක් යනවා.

මගේ වුනත් පළවෙනි චිත්‍රපටිය තිරගත වෙද්දි මම ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉවරයි. ඒ නිසා මට නම් හිතෙන්නේ නළුවෙක් හෝ වේවා නිළියෙක් හෝ වේවා මේ දෙකෙන් එකකවත් කොටු වෙන්න ඕන නෑ කියලා. කෙනෙක්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැදිලා තියෙන්නේ දක්ෂතාවය කියම දේ මත මිසක් පුංචි තිරයද රිදී තිරයද කියන සාධක මත නෙවෙයි.ඉතිං අපිට පවුලේ විස්තර ටිකක් කියමු ද?මගේ පවුලේ ඉන්නේ අම්මයි, මමයි, මගේ සැමියයි, දුවයි, පුතයි තමයි. අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත් පරිස්සමින් සැහැල්ලුවෙන් සතුටින් කාලය ගත කරන්න තමයි ගොඩක්ම ආස. ඊට අමතරව මගේ වෘත්තීය පැත්තේ කටයුතුත් හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

About the author

Prasad

Leave a Comment