Article

මම ගෙදර වලන් හෝදනවා එයා වැඩට යනවා එකෙත් පොඩි ජොලියක් තියෙනවා ලහිරු මුදලිගේ

Written by Prasad

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුන “හද රැදි පැය” කියලා කියන්නේ ඇත්තටම ඒ කාලයේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳුණු පැයක්ම තමයි. ළහිරු මුදලිගේ කියන චරිතය අපිට හඳුනාගන්නට ලැබෙන්නේ එතැනින්. ලහිරු මුදලිගේ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අවුරුදු දහ අටෙන් අවුරුදු පහළොවක්ම සේවය කරන්නේ ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාවේ. මුලින්ම entertainment presenter කෙනෙක් විදිහට ස්වර්ණවාහිනියේ හද රැඳි පැයෙන් කලඑළි බැස ලහිරු මුදලිගේ වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වුණා.

ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණ ලහිරු මුදලිගේ අද වෙනකොට සේවකයන් තිහක් පමණ ඔහු යටතේ වැඩ කරන යූටියුබ් චැනල් එකක් සාර්ථකව පවත්වාගෙන යනවා. එහිදී ඔහු කලාකරුවන්ගේ සහ ප්‍රසිද්ධියට පත්වන පත්වුන පුද්ගලයන්ගේ ජීවිතයේ සැඟවුණු සංවේදී කාරණා එළියට ගන්නට, සමාජ ගත කරන්නට, ඔවුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.ලංකාවේ යූටියුබ් වැඩසටහනක් වගේ දෙයක් කරල උපයන්න පුලුවන්ද කියලා ඇහුවහම ඔහු දුන්නේ මේ වගේ අදහසක්.”අනිවාර්යයෙන්ම ඔව්. කෙනෙක්ට ස්ථාවර වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය මම. තනියම ස්ථාවර වෙන්න විතරක් නෙවෙයි තව අයට රස්සා ලබාදෙන්නටත් පුලුවන් තත්වෙකට මම පත්වෙලා තියනවා.

මගේ යටතේ තිස් දෙනෙක් විතර සේවය කරනවා. හැබැයි මේ හැමදේම කරන්න ටිකක් නිර්මාණශීලී වෙන්න ඕන.” තමන්ගේ වෘත්තිමය පැත්ත ගැන එහෙම තමයි ලහිරු මුදලිගේ අපිත් එක්ක කතා කළේ.එතකොට ලහිරු ගමන පටන් ගත්ත ස්වර්ණවාහිනිය ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද?අදටත් ස්වර්ණවාහිනිය එක්ක මට ප්‍රශ්නයක් නෑ. ස්වර්ණවාහිනිය මට ආදරෙයි. මම ස්වර්ණවාහිනියට ආදරෙයි. ලහිරු මුදලිගේ කියන brand එක හැදුවේ එතන. ඒ නිසා තමයි මම අදටත් මේ විදියට වැඩ කරගෙන ඉන්නෙ. ඒ නිසා තමයි මං අද මේ දේවල් කරන්නේ කොහොමද කියන දැනුම එකතු කර ගත්තේ. එනිසා මම පටන් ගත්ත තැනට මං කොහොමටත් හැමදාටම ගරු කරනවා.

ලහිරු මේ වෙනකොට විවාහ වෙලා තමයි ඉන්නේ. ඔහු විවාහ වෙන්නෙ වසර ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට. ඔහුගේ බිරිඳ සේවය කරන්න software engineer කෙනෙක් ලෙසින්.දෙන්නම තම තමන්ගේ වෘත්තීන්වල නියැලිලා ඉන්න නිසා දෙන්නම කාර්යබහුලයි.ඒක අර බහුලත්වය ඔස්සේම මේ වෙනකොට ඔවුන් දෙමවුපියෝ ද වෙනවා. ඔවුන් මේ තරම් කාර්යබහුල ජීවිතයක් ගෙවද්දී බිරිඳ ඒවා කරගන්නෙ කොහොමද කියලා ලහිරුගෙන් ඇහුවහම දුන්නේ මෙහෙම පිළිතුරක්.

“ඔයා ගෙදර වැඩ කරන්න ඇති උනහම මම ඒ දේවල් කරනවා. අපි දෙන්නා බැඳලා පදිංචි වුණේ ම අලුත් ගෙදරක. ඉතිං හිටියේ අපි දෙන්න විතරයි. සඳුනි වැඩට ගියාම ගෙදර හිටියේ මම විතරයි. ගෙදර වැඩ අපි දෙන්නම බෙදාගෙන තමයි කරේ. කෙනෙක් ගෙදර ගත්තෙත් බබා ලැබුනට පස්සේ. මම ගෙදර වළං පවා හෝදනවා. ඒක ඉතිං පොඩි ජොලියකුත් තියෙනවා. එහෙම නැතුව බෑ ඉතින් අද කාලේ ජීවිතේ අරගෙන යන්න.ඒ එක්කම ලහිරු වැඩි දුරටත් කීවේ කාන්තාවක් වුණාම ස්වාධීන වෙන්න ඕන. ඇය ගෙදරටම හිර වෙලා ඉන්නැතුව රැකියාවක් කරාට කමක් නැහැ කියලයි. අනාගත බලාපොරොත්තු ගැන ඇහුවම කිව්වේ අනාගතය ගැන ලොකු ලොකු බලාපොරොත්තු නැති වුනත්, මේ යන විදියට සාර්ථකව ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියල. කෙසේ නමුත් තම පවුලත් එක්ක සෙනෙහෙබර ජීවිතයක් ගත කරන ලහිරු මුදලින් මුදලට අපි සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment