Article

මම තරම් ඒවා පාවිච්චි කරපු කෙනෙක් ලංකාවේ නැ මම ආයේ එනකොට කෙල්ල වෙන කෙනෙක් ලග ස්මොකියෝ

Written by Prasad

ස්මෝකියෝ කීවම අද කවුද නොදන්නේ. නැරඹුම් වාර මිලියනයද ඉක්මවා ගිය “නෑසුනා” ගීයේ රැප් කොටස ගායනා කරන්නේ ඔහු විසින්. ස්මොකියො යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ප්‍රසිද්ධ වුණු ඔහුගේ සත්‍ය නම වන්නේ කෙවින් ද සිල්වායි. කෙසේ නමුත් ලංකාවේ රැප් කලාව ගැන කතා කරද්දී මතක් වෙන අතලොස්සක් පිරිස අතරින් ස්මෝකියෝට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කාලයක්ම කරළියේ රැඳී සිටි ඔහු මත්ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ කාලයක් පීඩා විඳ නැවතත් කරලියට පැමිණෙනවා. ඉන්න හිටියට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් විදිහට. මේ යන සුබ ගමනේ කාමිනි, නෑසුනා, ලිය ලියා, යනු ඔහුගේ ජනප්‍රිය වූ ගීතයන්ය. එනම් ඔහුගේ අලුත්ම ගීත ඇල්බමය “කළු නික” නමින් උන් අලුත් කර ඇත.

කෙවින් ඔහු ගැන විස්තර කියන්න පටන් ගත්තේ ඔහුගේ අන්වර්ථ නාමයේ පටන්මයි. ” ස්මෝකියෝ කියන්නේ මට ඉස්කෝලේ යන කාලේ යාලුවො දාපු නම. ඒ මගේ ජීවන රටාවත් එක්ක මට දාපු නමක්. ස්මෝක් කියන්නේ දුමට. ඕකෙන් මගේ ජීවිතේ විනාස වුන කාලයක් තිබුණා. පුදුම විදිහට ඒකට ඇබ්බැහි වෙලා හිටියෙ. රෝහල් දෙක තුනකින්ම අම්මට කියල තිබ්බා මාව බේරෙන්න බැහැ කියලා. ඒ තරමටම මගේ ජීවිතේ තිබ්බෙ මත්ද්‍රව්‍ය විතරයි. දෙපාරක්ම මම අන්තිම තත්පරයටම ගිහිල්ලා මරණය දැකලා ඇවිල්ල තියෙනවා.

එක තැනකදි මට ජීවිතේ ජීවිතේ ගැන කලකිරුණා. හෙරොයින් නිසා මට මාව නැති වුණා. නීතිමය ප්‍රශ්න ආවා, ආර්ථික ප්‍රශ්න ආව, ආර්ථිකය පිරිහුණා. පස්සෙ මමම තීරණය කරා මම වෙනස් වෙන්න ඕන කියලා. එකෙන් පස්සෙ පැල්මඩුල්ල පැත්තේ පන්සලක විශෝධන මධ්‍යස්ථානයකට මම යොමු වුණා. 2018 දී මම වෙනස්ම කෙනෙක් වෙලා එළියට ආවත් ආයෙම ටික ටික මං ඒ තත්වෙටම වැටෙනවා වගේ මට දැණුනා. ඒ හින්දා දෙවනි පාරටත් මම rehab එකට ගියා. එතනින් පස්සේ ආයෙම වෙනස් වුනා. මම මුලින්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරේ ෆැෂන් එකක් විදියට. පස්සේ කුතුහලයට. කොහොමත් මං තරම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් මේ රටේ තවත් නැතුව ඇති

ටික ටික මම හැම දේකටම විසඳුම් හොයන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරා. Rehab කියන්න මනුස්සයෙක්ට හැදෙන්න හොඳම තැනක්.එතන හරිම ටෆ් time table එකක් තමයි තියෙන්නෙ. කොහොම නමුත් මම මගේ අතීතයට වඩා වර්තමානයට ගොඩක් කැමතියි.යම් පුද්ගලයෙකුට ආදරය කරන්න කෙනෙක් ඉන්නවනම් එයා නොමගට යනවා අඩුයිනේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කාලෙදී ඔබටපෙම්වතියක් හිටියේ නැද්ද කියල ඇහුව දේට එයා දුන්නේ මෙහෙම උත්තරයක්. ගෑණු ළමයිනම් හිටියා. ඒත් එයාලා මගෙන් බලාපොරොත්තු වුනේ අමුතු දේවල්. මම rehab එකට යනකොට මට ඇත්තටම ආදරේ කරපු පෙම්වතියක් හිටියා. ඒත් මම ගිහින් එද්දී එයා වෙන කෙනෙක්ගේ පෙම්වතියක්.

ඇත්තම කීවොත් මම ජීවත් වෙන්නේ දැන්. අතීතයේ මම ජීවත් වුන විදිහෙන් 60% ක් විතර මට මතක නෑ. යාලුවෝ අතීත කතා කියද්දිවත් මට මතක් වෙන්නේ නෑ ඒවා. ඒ තරම් මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා තිබ්බා. මගේ අම්මා හොඳටම සතුටු වෙන්න ඇති මම හොඳ ළමයෙක් වගේ ආයෙම ගෙදර ආවට. කලාව පැත්තෙන් ගත්තත් මට ඉස්සරට වඩා දැන් හොඳ රසික ප්‍රතිචාර හම්බෙනවා. මගේ ගීත හැම එකක්ම වගේ රිලීස් කරලා පොඩි කාලෙකින් හොඳ ප්‍රතිචාර හම්බුනා. කොහොම වුනත් ඉස්සර මගේ ජීවිතේ එක්ක බැළුවම අඳුරු අතීතයෙන් මිදුන හොඳ ජීවිතයක් මට දැන් තියෙනවා.

About the author

Prasad

Leave a Comment