Article

මම දවස් 12 නිදාගන්නේ නැතුව වැඩ කරා ඉතින් පිරිමියෙක් ඉදීද මාත් එක්ක සුපිරි හැකියාවක් තිබෙන දිනිති වල්ගමගේ

Written by Prasad

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වගේම මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඇය පවසන ආකාරයට දිනිති මේ දිනවල අතිශයින්ම කාර්යබහුලයිලු.ඇත්තටම මම මේ දවස්වල ගොඩක්ම කාර්‍යබහුලයි. රූගත කරපු ටෙලිනාට්‍ය දෙකක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. චිත්‍රපටි දෙකක් ආරම්භ කරලා වසංගත තත්වය නිසා රූගත කිරීම් නවත්තලා තියෙනවා. ඊට අමතරව වසන්ත ප්‍රනාන්දු ගේ කුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යය රූගත කිරීම් කෙරීගෙන යනවා.

මේ දවස් වල පේන්න නෑ කියලා කියල කට්ටිය කියනවා, ඒ වැඩ වල අඩුවක් නිසා නම් නෙවෙයි. මොකද මම ගුවන් සේවයෙන් ඉවත්වෙලා නැහැ මේ දවස් වල මම fly කරනවා. ඒ නිසා තමයි වැඩවලට ටිකක් අඩුවෙන් සම්බන්ධ වුණේ. අනික තමයි අපි ගුවන් ගමනක් ගිහිල්ලා ආවට පස්සේ නිරෝධායනය වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට කාලය වැය කරන නිසා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පොඩ්ඩක් අමාරුයි. අනික තමයි බාර ගත්තු වැඩත් මේ වසංගත තත්වය නිසා කල් යනවා ඒ හින්දා අලුතින් වැඩක් බාර ගන්නත් බයයි.

මේ දවස්වල වසංගත පැතිරයාම ටිකක් වැඩියි නමුත් ඉතින් ෆ්ලයිට් එක එකෙන් අපිට බෝවෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. මොකද අපි හැම වෙලාවෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් පිළිපදින්න උත්සාහ කරනවා. නමුත් රූගත කිරීමකදී නම් පොඩ්ඩක් විතර රිස්ක් එක වැඩියි. මොකද මුහුණු ආවරණ පැළඳ ගෙන අපිට රූගත කිරීම් වලට මුහුණ දෙන්න බැහැ. ඒත් ඉතින් පරිස්සං වෙනවා නම් රෝගයෙන් බේරී ඉන්න බැරිකමකුත් නෑ.

මම මගේ රැකියාවට වගේම රංගන කටයුතු වලටත් ආසයි. මොකද දිනිති වල්ගම කියන කෙනාව රටේ මිනිස්සු දැනගත්තේ දැනගත්තේ රංගනයට ආපු නිසා. ඉතින් මම රංගනයට ආසයි, කැමතියි, ආදරෙයි. මම සල්ලි බලාගෙන රඟපාන්නේ නැහැ.මොකද රඟපෑවේ නෑ කියලා මට මූල්‍යමය අර්බුදයක් නැහැ.රඟපාද්දී මම චරිත හොඳට තෝරා බේරගෙන තමයි රඟපාන්නේ. මොකද එකම චරිතය ඇඳුම් මාරු කරගෙන රඟපාන්න මට අවශ්‍ය නැහැ ඒකෙ වෙනසක් නෑ. එහෙම වුනොත් ටික කාලයක් යද්දි ම ප්‍රේක්ෂකයාට අපිව ඒකාකාරී වෙලා, එපා වෙලා, යනවා. අනික අපිට උනත් මොකක් හරි වෙනසක් තියෙන්න එපායැ.

අනික තමයි ගොඩක් අය මගෙන් ඇහුවා ද වොයිස් වේදිකාවෙන් අයින් වුණ එක ගැන දුකයි ද කියලා. එහෙම නැහැ මම ලැබිච්ච දේකට ගොඩක් සතුටු වෙන කෙනෙක් වත් නොලැබුණු දෙයකට ගොඩක් දුක් වෙන කෙනෙක් වත් නෙවෙයි. සමහර වෙලාවට අපිට අකමැත්තෙන් උනත් දේවල් අතාරින්න වෙනවා. අපේම ජීවිතය ගැන හිතලා. කොහොමත් මම ගිවිසුම්ගත වෙලා හිටියෙ බ්ලයින්ඩ් වලට විතරයි ඒ නිසා මට ඒක ගැටලුවක් නෑ.

විවාහය ගැන කියනවනම් මට තාම පෙම්වතෙක් නැහැ. ඒ වගේම දැන්ම විවාහ වෙන්නේ කියලා ලොකු බලාපොරොත්තුවකුත් නැහැ. මොකද තව කෙනෙක් අමාරුවෙ දාන්න මට ඕනේ නෑ. මම ගෙවන්නේ බිසී ලයිෆ් එකක්. මං ගැනවත් හොයන්න මට කාලය මදි ඉතින් මං කොහොමද තව කෙනෙක් ගැන හොයන්නෙ.මම බලාපොරොත්තු වෙන්නේ තව ටික කාලයක් මගේ වැඩ මේ විදිහට කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.

About the author

Prasad

Leave a Comment