Article

මම නම් කවදාවත් මේ රට දාලා යන්නේ නැ රටේ ජිවත් වෙන්නනම් නළුවෙක් වෙලා විතරක් බෑ රොෂාන් පිලපිටිය

Written by Prasad

වේදිකාව තුළ අපිට වැඩි වශයෙන් දකින්නට නොලැබුනත් ඔහු රංගන ශිල්පියෙක් විදියට රිදී තිරයේත් පුංචි තිරයෙත් අපිට බහුලව දකින්නට ලැබුණු කාලයක් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ම රැඳී සිටි වගේම දැන් වැඩිය නිර්මාණවලින් දකින්නට නොලැබුනත් ජනප්‍රියත්වය අඩු නැති රංගන ශිල්පිනියක් විදිහට ඔහුව, අපිට පුළුවන්. ඔහු බොහෝ වෙලාවට වාණිජමය අරමුණකින් තොරව චරිත වලට ඉතා හොඳ සාධාරණයක් ඉෂ්ට කරපු දක්ෂ රංගන ශිල්පියෙක් විදියට හැඳින්වූවාට ඒකෙ වරදක් නෑ. රංගන ශිල්පියෙක් විදිහට ඔහු මානව හිතවාදියෙක් ලෙසත් කටයුතු කළා කර අපිට දකින්න ලැබිලා තියෙනවා. ඔහු රංගන ශිල්පියෙක් ලෙස තමන්ගේ දක්ෂතාවය හොඳින් කළමනාකරණය කරපු පුද්ගලයෙක්.

ඉතින් පවතින වසංගත තත්ත්වයක් එක්ක ඔහුගේ කලා කටයුතු පිළිබඳව ඔහු අදහස් දැක්වුවේ ආකාරයට. ” පවතින වසංගත තත්ත්වය එක්ක තරමක් වැඩ කටයුතු අඩාල වුණත් මේ දිනවල නම් කරපු නිර්මාණ කිහිපයක්ම රූපවාහිනියේ තිරගත වෙනවා.මහවිරු පණ්ඩුල,පාර දිගේ,ෂැඩෝ,වෙස් ගත්තෝ, මණික්කාවත, වගේ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ බොහෝ ටෙලි නාට්‍යවල එකිනෙකට වෙනස් චරිත කරන නිසා ඒවට ප්‍රතිචාර වැඩියි. ඊට අමතරව රංගනයෙන් දායක වුණු තවත් අළුත් නිර්මාන කිපයක් විකාශය වෙන්න තියෙනවා වේදිකාව ගත්තොත් නම් වේදිකාවේ වැඩනම් සම්පූර්ණයෙන්ම වගේ නතර වෙලා තියෙන්නෙ. නමුත් මේ තත්ත්වය මඳක් පහව යද්දී තවත් වේදිකා නාට්‍ය නිර්මාණ වලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සමහර රංගන ශිල්පීන්ට ජනප්‍රියත්වය නැහැ රංගන ශිල්පීන්ට රඟපෑමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම සමහර අයට ජනප්‍රියත්වය තියෙනවා රඟපෑමේ හැකියාව නැහැ.නමුත් ඔබ ඒ දෙකම කළමනාකරණය කර ගන්නේ කොහොමද? “ඕනම තැනකට හැදෑරීමක් සහිතව ආවොතින් ඔය දෙකම නඩත්තු කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම තමන් නළුවෙක් තමන් ප්‍රසිද්ධයි කියලා ඔලුව ඔළුව උදුම්මාගෙන ඉන්නැතුව සාමාන්‍ය මිනිස්සුත් එක්ක නිහතමානි විදියට ගැටෙන එකත් ඒකට අත්‍යවශ්‍යයි. අන්න ඒ විදිහට හිටියොතින් මම හිතනවා ජනප්‍රියත්වය සහ දක්ෂතාවය කියන දෙකම බැලන්ස් කරගන්න අමතර වෙහෙසක් කෙනෙක් ගන්න ඕන නැහැ කියලා.

මවුපියන් ගේ නම විකුණමින් ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න බලාපොරොත්තු වෙන අය අතරේ ඔබ ඔබේ රංගන ශිල්පිනියක් වන මව පිළිබඳ ව කිසි දිනෙක කතා කරන්නේ නැත්තේ ඇයි? “ඇත්තටම අම්මගෙ නමත් එක්ක මගේ නම හදාගන්න මට උවමනාවක් තිබුණෙ නැහැ. අපේ අම්මා ලෙස්ට ජේමිස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු රංගන ශිල්පිනියක්. ඇය නමින් මල්ලිකා පිළපිටිය.අම්මගෙ නම පාවිච්චි කරමින් ක්ෂේත්රයේ නමක් හදා ගන්නවට අම්මා කැමැති වුණේ නැහැ. ඇය හැම වෙලේම කිව්වේ මට හරි දේ හරි විදියට කරන්න කියල විතරයි. ඒ නිසාම මට ස්ථාවර වෙන්න මවුපියන්ගෙ නම පාවිච්චි කිරීම අවශ්‍ය වුණේ නැහැ.

වර්තමානයේ පවතින ආර්ථික හා ආර්ථීක හා සමාජ තත්ත්වය පිළිබඳව සළකා බලනකොට ගොඩක් කලාකරුවන් හිතනවා මේ රට දාලා යන්න ඕන කියලා. ඔබ ඉන්නේ කොතනද?”මට අවශ්‍ය නම් මේ රටෙන් යන්න පුළුවන්. ඒකට ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. නමුත් මට මේ රටෙන් යාමේ අවශ්‍යතාවයක් නැහැ.මම දන්නෙ නැහැ මේ රටේ සිස්ටම් එක නම් කවදා වෙනස් වෙයිද කියලා වෙයි ද කියලා. නමුත් මම මේ රටට ආදරෙයි. මේ රටේ කලාව හෝ අනිත් දේවල් ගොඩනගන්න හොඳ නීති පද්ධතියක් හැදෙන්න ඕන.. ඒක කවද වෙයිද කියන්න මම දන්නේ නැහැ. යන අයට යන්න පුළුවන්. ඒක ඒයාගේ කැමැත්ත. නමුත් මම නං යනවා කියන තැන නැහැ. මම මේ රටේ ඉන්න තමයි කැමති.

About the author

Prasad

Leave a Comment