Article

මම පොඩි කාලෙදිම මගේ දෙමව්පියෝ නැතිවුනා මම මරාගෙන හරි සැමියා එක්ක එකට ජිවත් වෙනවා යුරේනි නොෂිකා

Written by Prasad

යුරේනි නොෂිකා කියන්නේ දවසින් දවස කතා මවන කෙනෙක් නර්තනයෙන් රංගනයෙන් නිවේදනයෙන් ගායනයෙන් මේ හැම දේකින්ම පිරිපුන් කෙනෙක් තමයි ඇය.ඉතින් මේ කටකාර හැඩකාරිය ගැන තමයි අද අපි ඔබට කියන්න හදන්නේ.ඇගේ අලුත්ම තොරතුරු ඇය කිවුවේ මෙන්න මේ විදියටයි.මේ දවස් වල ටෙලිනාට්‍යවත් චිත්‍රපටයක් වත් කලේ නැහැ නිවේදනය විතරයි මේ අවුරුද්දම ගෙවුනේ නිවේදනයත් එක්ක.හිරු මෙගස්ටාර් වේදිකාවේම තමයි මගේ මේ අවුරුද්දම ගෙවුනේ එකත් දැන් ඉවරයි ඔහොම තමයි ඉතින් කාලය ගෙවෙන්නේ.

මම හැමදාම ලැබෙන චරිත කරන්නේ නැහැ මට රංගනය තුලින් ආත්ම තෘප්තියක් ලැබෙන්න ඕනේ එහෙම ලැබෙන්නේ නැති එකක් නම් එක බාර ගන්නේ නැහැ එහෙම ඒවා කරලා වැඩක් නැහැ කරන දෙයක් හැමෝටම දැනෙන්න කරන්න ඕනේ මම කැමති එහෙම ඒවාට එක නිසාම තමයි මාව වැඩිය පෙන්න නැත්තේ.මගේ ඇගේම රංගනය කියන එක තියෙනවා මට ඕනෙම වෙලාවක ඕනෙම චරිතයක් කරන්න පුළුවන්.මෙගා එකක්ද කෙටි එකක්ද කියලා මට වැඩක් නැහැ මට දැනෙන්න වැඩක් කරන්න පුලුවන්නම් මම කරනවා.

හැමෝම මට කියනවා මගේ ගැන වැඩි කියලා මම දැන් කලාවට ඇවිල්ල අවුරුදු 15 වනවා ඉතින් මම මගේ හැකියාව වගේම ඕනේ කරන හැමදෙයක්ම හදාගෙන ලොකු ගමනක් ඇවිල්ල තියෙනවා ඒ නිසා මම මට ගානක් නියම කරනවා ගෙවන්න පුළුවන් අය ගෙවනවා අඩු බජට් එකක් නම් මාව ගන්නේ නැහැ මගේ ගැන වැඩි කියනවා.ඔහොම තමයි වෙන්නේ ඉතින් ඒ අයට එයාලගේ ගානට අවේ නැත්තන් අපේ ගැන වැඩි කියලා තමයි එයාලා කියන්නේ.රංගනයෙන් පමණක් අපේ ආර්ථිකේ ස්ථාවර කරගන්න බැහැ හැමදාම වැඩ ලැබෙන්නෙත් නැනේ.රංගනයෙන්ම විතරක් හොද ආර්ථිකයක් හදාගත්ත පිරිසකුත් ඉන්නවා.

මම පොඩි කාලේ ඉදලාම විලාසිතා වලට ගොඩාක් කැමති ඒ නිසා මම වැඩිපුරම විලාසිතා කරනවා.මට ප්‍රසිද්දියක් බලාගෙන මම ඒවා කරන්නේ නැහැ වයසට ගියාම අපට කොටට අදින්න බෑ පිට රටවල් වල වයසට ගිහිල්ලත් විලාසිතා කරාට අපේ රටේ එහෙම බැනේ ඒ නිසා මම තවම තරුණ වයසේ ඉන්නේ ඒ නිසා රටේ මිනිස්සු මොනවා කිවුවත් මම මගේ මට හිතෙන දේවල් කරනවා.මිනිස්සු කියන දේවල් මට වැඩක් නැහැ අද බනිනවා හෙට හොද කියනවා ඒක අපේ සමාජේ හැටි ඒ උනාට බැන බැන බලන අයත් ඉන්නවා.දවසින් දවස එක එක විලාසිතා එනවා ඒවාට අපි හුරුවෙන්න ඕනේ නැත්තන් බලන අයටත් කිසි ගතියක් නැනේ.

මම පොඩි කාලේ ඉදන්ම පාසලේ නේවාසිකාගාරේ තමයි ජීවත්වුණේ මගේ අම්මයි තාත්තයි පොඩි කාලෙම නැතිවුනා.මට උසස්පෙළ කරනකල්ම පාසලේ නතරවෙලා ඉන්න ශිෂ්‍යත්වයක් ලැබුනා ඒ නිසා මම දිගටම එහෙ ඉදලාම ඉගෙන ගත්තා.පාසලේ ශිෂ්‍යනායිකවන්ගෙන් මට උපකාර ලැබුනා යාලුවොන්ගෙන් ලැබුනා මම පාසල් කාලය ඉවර කරලා රැකියාවක් කළා ඒ කරද්දීත් මම නේවාසිකාගාරයක තමයි හිටියේ.හැමෝගෙන්ම ලොකු සහයෝගයක් මට ලැබුනා.රංගනයට ආවට පස්සේ මම තනියම ජිවත් වෙන්න පුරුදුවුනා ජිවිතේ ලැබුණු අද්දැකීම එක්ක ජිවත් වෙන්න මම පුරුදුවුනා මම ගෙවපු කාලේ එක්ක බලද්දී අද මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි.

මටත් දැන් හිතෙනවා විවාහයක් කරගන්න එක හොදයි කියලා හැබැයි විවාහය කියන තැන මම ගොඩක් හිතනවා අපි දැන් මේ ගෙවන ජිවිතේ එතන නැහැ අපේ දුක සැප බෙදාගන්න රැඳු වෙන්න යාලුවෙන්න ආදරේ කරන්න මේ හැමදේකටම විවාහය කියන දේ බලපානවා මම එක ගැන සිරියස්ම හිතනවා මම මගේ දෙමවුපියන්ගේ ජිවිතේ දැකලා නැහැ ඒ නිසා මට ඒවගේ අද්දැකීමක් නැහැ.හැබැයි මම කසාද බදිනවා.බැදලා මම මරාගෙන හරි එකට ඉන්නවා මම මගේ විවාහය දෙකට කැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ කොහොමත්.ඒ නිසාම තමයි මම තවමත් තනිවම ඉන්නේ වෙලාව අවාම මම විවහා වෙනවා අවුරුදු පනහක් ගිහින් හරි මම විවාහ වෙන්නේ හොදම කෙනා ලැබුනම නැත්තන් හැමදාම මම තනියම ජිවත් වෙනව.

ගොඩක් අය හිතනවා ඇති මම ස්ත්‍රී වාදියෙක් කියලා ඇත්තටම මම එහෙම නැහැ මම කාන්තාවන් වෙනුවෙන් කතා කරනවා ඒ උනාට ඊට එහා දෙයක් නැහැ පිරිමියාට තමයි සමාජේ මුල් තැන දෙන්න ඕනේ.ඇත්තටම පිරිමියා අපිට වරදක් කරන්නේ නැහැ ඔහු වද වෙන්නෙත් පවුල වෙනුවෙන්.මම ස්ත්‍රී වාදය එල්ලගෙන පිරිමියාව තලා පෙලා දාන්නේ නැහැ.වරදක් දැක්කොත් කතා කරනවා එක මගේ හැටියක්.මම හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙක් මම නිවාඩු වෙලාවට පොත් කියවනවා ෆිල්ම් බලනවා ඒවගේ වැඩ තමයි කරන්නේ.මම නිෂ්පාදනයට අතගහන්න ඉන්නේ ඉදිරියේදී එකක් කරනවා එක මගේ පලවෙනි එක ඒ වගේමයි ටෙලිනාට්‍යක් එන්නත් තියෙනවා ඉදිරියේදී යුරේනිව ඔයාලට බලාගන්න පුළුවන් කියලා තමයි යුරේනි ඇගේ අලුත්ම තොරතුරු අපට කිවුවේ.

About the author

Prasad

Leave a Comment