Article

මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නෙ.සැමියෙක් නැතුව දරුවෙක් හදාගන්න මන් ආසයි.

Written by Prasad

හර්ෂණ බෙත්මගේ වගේම වොල්ගා කල්පනී කියන්නේ කාලයක් පුංචි තිරයට කදිමට ගැලපුණු පෙම් යුවලක් බවට පත් වුණා. විවාහයෙන් පසුවත් මේ දෙදෙනා පුංචි තිරයේ එකට රගපෑවා. මේ වෙනකොට හර්ෂණ වගේම වොල්ගාත් නීතියෙන් වෙන්වෙලා ඉන්න බව කාටත් රහසක් නෙවෙයි. කොහොම වුණත්, වොල්ගා කල්පනී ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි.මේ දවස වල සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යනවා. ඇත්තටම මම ගොඩක් කාර්යබහුල නිළියක් නෙමෙයි.

හැබැයි මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශය වෙනවා. ඒ වැඩවලට තමයි මේ දවස්වල එකතු වෙලා ඉන්නේ.මගේ ජීවිතේ ගැන මම තෘප්තිමත්. මට අවශ්‍ය සහ ආස දේවල් තමයි මගේ ජීවිතයට ලැබුණේ. දුක් වෙන්න හේතු මගේ ජීවිතේ නැහැ. අවශ්‍ය දේ මට කොහොම හරි ලැබෙනවා.දියණිය සහ බිරිඳ කියන කාලය බොහෝම නිදහසේ හිටපු කාලය…අභියෝගාත්මකව හිටපු කාලය තමයි දික්කසාද ගැහැනිය කියන ටයට්ල් එක ආව දවසේ ඉඳන් මම දික්කසාද ගැහැනිය කියන එකට මම කැමතියි. ඒක හරි අමාරුයි. හැමෝටම කරන්න බෑ. මම කොහොමත් අමාරු වැඩවලට කැමතියි. ඒ නිසා මම කැමතියි.

මම ආසයි….. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කාලයක්. කාටවත් එහෙම වෙන්න එපා කවදාවත්. මිනිස්සු කියන කතා අහන්න, ආශ්‍රය කරපු මිනිස්සු කියන දේවල් දරාගන්න. ඉස්සර මට පොඩි දේටත් ඇඬෙනවා. දැන් එහෙම නෑ. ලංකාවේ තමයි දික්කසාද ගැහැනියට මේ හරි නිකාන් අමුතු තැනක් තියෙන්නෙ. සැමියෙක් නැතුව දරුවෙක් හදාගන්න මිනිස්සු කොච්චර ඉන්නවද ?හැම දික්කසාදයකට ම මම කියන් නෑ එක්කෙනෙක් වැරදි යි කියලා. මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නෙ. අදටත් ඔහු සමඟ තරහා නෑ. හොඳට කතා කරලා සුහදව ඉන්නවා.

මම වෙන කෙනෙක්ට චෝදනා කරන් නෑ. වොල්ගා තනිකඩයි කියනවා නම් එහි සියලු වගකීම භාරගන්නෙ මම.ලංකාව වගේ රටක ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඔ්පදූපවලට කැමතියිනේ ලංකාවේ මිනිස්සු. මම කැමති නෑ බොරු සංස්කෘතියක් මවාගෙන ඉන්න. සංස්කෘතියට හරි වටිනවා. මේ පහුගිය 4 ඇතුළත අවස්ථාවන් ගොඩකට මුහුණ දීලා තියෙනවා. අපි සුහදව කතා කරනවා.ඇත්ත කතාව මට දරුවෙක් නැති නිසා, මම ඒ හැඟීම තාම දන් නෑ. ඒක හරිම ලස්සන හැඟීමක්. මම ජීවිතේ ලබන්න ම කැමතිම වෙච්ච අත්දැකීම ඒක. හැබැයි… ඒක නෑ මට මේ වෙද්දි.. ඒ නිසා මට ඒ ගැන කියන්න බෑ.

About the author

Prasad

Leave a Comment