Article

මම රුපියල් පන්දාහකට මගේ දරුවා විකුණන්නේ නැහැ.” ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන් කියූ දේ

Written by Prasad

1965 වර්ෂයේ ජනවාරි 23 වනදා ඉපදුන ඇය අධ්‍යාපනය ලබන්නේ වේල්ස් කුමරි විද්‍යාලයෙන්. ප්‍රතිභාවෙන් පිරුණු රංගන කෞෂල්‍යකට හිමිකම් කියන, වයස කියන දේ ඉලක්කමකට පමණක් සීමා කරමින් තම රුව අදටත් රැකගෙන සිටින සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නෙ. නම කිව්ව පමණින්ම ඇයව ගොඩක් දෙනෙක් අඳුන ගන්න තරමටම ඇය තම නම ප්‍රේක්ෂක හදවත් වල සනිටුහන් කරල හමාරයි.ඈ සතුව තියෙන ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව නිසාම ඉතාම හොඳ ටෙලි නාට්‍ය නිර්මාණ සහ සිනමා නිර්මාණ ගණනාවකට ම තම දායකත්වය දෙන්නට ඇයට හැකි වුණා. ඒ අතරේ හැන්දෑව, හිරිකුල, ලේ කිරි කඳුළු, වගේ නිර්මාණයක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා වගේම ඒ නිර්මාණයන්ට ඇය හොඳම නිලිය, හොඳම සහය නිලිය, ජනප්‍රියම නිළිය, වගේ සම්මාන රැසකටම හිමකම් කියන්න සමත් වුනා. දිනවලත් ඇය රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නාට්‍ය හරහා අපිට දැකගන්න පුළුවන් වෙනවා .

නිල්මිණී තෙන්නකෝන් විවාහ වෙලා හටියේ මේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වුන මධුමාධව අරවින්ද එක්ක. නමුත් දියණියට වසර එකහමාරක් විතර වෙනකොට ඔවුන් දෙදෙනා අතර නොයෙක් මතබේද ඇතිවුනා. දවසක් මේ සිද්දියක් නිසාම නිල්මිණී පාන්දර යාමයේ ඇගේ දියණියත් අරගෙන ඔහුගේ නිවසින් පිටවෙනවා. ඒ ආව ගමන ඇය තවමත් ජීවත් වෙන්නෙ තනිකඩ ගැහැනියක් විදිහට. ඇගේ දියනිය වෙන්නේ ශ්වේතා මන්දාකිනීය. දැන් ඇයත් මව මෙන්ම සුන්දර තරුණියකි.

වෙනකොට උසස් අධ්‍යාපනය හදාරන තමන්ගේ දියණිය වෙනුවෙන් සමහරවිට දවසක විදෙස් ගත වෙන්නට වුණත් සිදු වේවි කියලා ඇය ප්‍රකාශ කර සිටියා. එක්තරා යූටියුබ් නාලිකාවක් හරහා සම්බන්ධ වන ඇය එම වැඩ සටහනේ දී ප්‍රකාශ කළේ ඒ මොන විදිහට විදේශ ගත වුනත් තමන් කලා ලෝකය හැරුණු යන බවයි.කෙසේ වෙතත් තමන්ගේ දියණිය වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කරපු මවක් විදියට ඇය හඳුන්වන පුළුවන්. මධුමාධව අරවින්ද සමඟ විවාහයෙන් වෙන් වන ඇයට උසාවියෙන් දරුවා වෙනුවෙන් 5000 නඩත්තු මුදලක් නියම කරනවා. ඇය එම මුදල ලබා ගන්නේ නැහැ. ඉගෙන අය ප්‍රකාශ කළේ මේ විදිහට.

රුපියල් පන්දාහකට මගේ දරුවා විකුනන්න ඕනේ නැහැ. මගේ දරුවාව මම හදා වඩා ගත්තේ මගේ මුදල්වලින්. කගෙන්වත් මට සත පහක් වත් වුවමනා නැහැ.”තමන්ගේ දියණිය ආදරයෙන් ඇති දැඩි කරපු ඇය කාලය ලැබෙන හැම වෙලාවක් ම තමන්ගේ දියණිය සමඟ ගත කරන්න අමතක කරන්නෙත් නැහැ. ගේ දිනෙක තමන්ගේ දරු සෙනෙහස වෙනුවෙන් ඇය ආදරණීය සටහනක් මුහුණ පොතට එකතු කරනවා.අම්මා කෙනෙකුට බැහැ තවත් දරුවෙකුට මැනලා කිරි දෙන්න දෙමව්පියන්ට දරුවෝ මුළු ලෝකයක්. මට මේ මගේ ලෝකෙ.”විදිහට තමයි ඇයගේ ආදරණීය සටහන එකතු කරලා තිබුණේ. මේ ආදරණීය මවටත් දියණියටත් සදාකාල් ආදරෙන් සතුටින් ජීවත් වෙන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment