Article

මම ලංකාවෙන් යනවා. රට යනතත්වේ එක්ක අපි දරු පවුලකට කන්න අඳින්න දීලා මේ රටේ ජීවත් වෙන්න බෑ.දසුන් පතිරණ

Written by Prasad

දසුන් මදුශංක කියලා කියන්නේ රිදී ති‍රයේ වගේම පුංචි තිරයේත් සම්මාන ලැබූ චරිතාංග රංගන ශිල්පියෙක්. රංගන ක්ෂේත්‍රයට එන ඇතැමුන් රිදී තිරය ජය ගන්නා අතර ඇතැමුන් පුංචි තිරය ජය ගනියි.නමුත් දසුන් මදුශංක කියලා කියන්නේ පුංචි තිරයත් රිදී තිරයත් එක ලෙස ජයගත් පුද්ගලයෙක් කිව්වොත් නිවරදියි. ඉතින් මේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් දසුන් මධුශංක සමග කළ පිළිසඳරක උපුටා ගැනීමකි.

මේ දිනවල පවත්නා වසංගත තත්ත්වයත් සමඟ ඔහුගේ නිර්මාණ කාර්යයන් ගැන පැවසුවේ මේ ආකාරයෙන්. “මං පටන් ගත්ත වැඩක් තිබුණා එක පටන් ගන්න බැරි වුණා. බාර ගත්ත වැඩ කීපයක්ම අතරමග අතරමඟ නැවැතුණා වගේම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට තුනක් ඉදිරියේ තිරගත වෙන්න තියෙනවා. නමුත් පවතින වසංගත තත්ත්වය එක්ක කවදා කොහොම තිරගත වෙයිද කියන එක තමයි කියන්න අපහසු. මේ දිනවල තියෙන නිර්මාණ තමයි මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ “සහෝ” අරුණ ජයවර්ධනගේ “මාරියා” සහ සුදේශ් වසන්ත පීරිස්ගේ “සීරුවෙන් ඉන්න” කියන ඒවා තමයි. පුංචි තිරයේ තියෙන නිර්මාණ අතරේ ඉන්දික ධර්මතිලකගෙ යාදින්නී සහ සුපුන් රත්නායකගේ අලුත් නිර්මාණය තමයි. මේ pandemic එකත් එක්ක ඇත්තටම ලංකාවෙ මුලින්ම කෙල උනේ කරුවන්ට. ඒ නිසා මං හිතාගෙන ඉන්නවා මේ රටේ ඉන්නේ නැතුව විදෙස් ගත වෙන්න.

එතකොට දසුන් පතිරණ කියන නළුවාට මොකද වෙන්නේ කියලා ඇහුවහම ඔහු දුන්නේ මේ වගේ අදහසක්.”මම කොහොමත් අවුරුද්දකට නිර්මාණ එකක් දෙකක් වගේ තමයි බාරගත්තෙ. ප්‍රතිපත්තියක් විදිහට මෙගා නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ හිටියත් පිට රටක හිටියත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. මේ රට ඇතුළේ නළුවෙක් විදිහට අපිට පැවැත්මක් නෑ. දේශපාලනික වශයෙන් වත් නාලිකාවලින් වත් කිසිම පිටුවහලක් ලැබෙන්නේ නෑ. නිර්මානයක් කරත් ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. යූ ටියුබ් වගේ flat form වල දාලා නාලිකා ගොඩක් උපයා ගන්නවා කියලා අපි දන්නවා. ඒවගෙන් සාධාරණ කොටසක්වත් නළු නිළියන්ට දෙන්නේ නැහැ. එනිසා වර්තමානයේ නළුකම කියන්නේ නම් හරි දුකක්.

මෙහෙම කිව්වම හිතන්න පුළුවන් කළකිරීමක් කියලා. ඒත් මේක කලකිරීමක් නෙවෙයි. අපි දරු පවුලක් එක්ක ජීවත් වෙද්දී එයාලව නඩත්තු කරන්නත් ඕනේ. තනියම ජීවත් වෙනවා වගේ නෙවෙයි. ඒ නිසයි මම මගේ දරු පවුලත් අරගෙන මේ රටින් යන්න තීරණය කළේ. මම කවදාවත් ලංකාවෙන් යන්න හිතපු මනුස්සයෙක් නෙවෙයි. මගේ බිරිඳට ස්වීඩනයේ පදිංචිය තියෙනවා. ඕන තරම් රට යන්න හැකියාවක් මට තිබ්බා. නමුත් දැන් රට යන තත්වෙත් එක්ක මෙහෙ ඉන්න පුළුවන්කමක් නැහැ. ලබන අවුරුද්දෙ අප්‍රේල් වගේ ස්වීඩන් යනවා කියන ස්ථිර තීරණයක මම ඉන්නවා.

මේ වෙද්දි රටේ තත්වය හොඳ වුනොත් නැවත නවතිනවාද?ඔබ හිතනවද මේ රටේ තත්ත්වය වෙනස් වෙයි කියලා. pandemic එක ආවත් නාවත් මේ රටට කෙලවෙනවා. දේශපාලනඥයො මේ රට හූරගෙන කාලා රටේ ගන්න දෙයක් තියෙනවද? පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකො පොල් ගෙඩියක, ගෑස් එකක, කිරි පිටි පැකට් එකක මිල? මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම ඉන්න මිනිස්සුන්ට ඉස්සරහට සල්ලි දීලා ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙයි කියලා හිතනවද? එහෙම බැලුවම මේ රටේ හිටියොත් මටත් වෙන්නේ මෙගා නිර්මාණවලට දායක වෙන්න තමයි. නමුත් මම ඒකට කැමති නැහැ. රට යන්න කලින් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් මම ඒක භාර ගන්නවා. කොහොමටත් මම ඉදිරියේදී ටෙලි නාට්‍යවලට ආරාධනා භාරගන්නෙ නෑ කියලා තීරණයක ඉන්නේ.

හොඳයි දසුන් පසුගිය දවසක ඔබගේ බිරිඳව පුදුමයට පත් කළා නේද ඔබ?” ඔව් ඔව් එයාගෙ බර්ත්ඩේ එක දවසේ එයා ආසම කරන ස්ට්‍රෝබෙරිවලින් පුරෝපු කේක් එකක් මං එයාට තෑගි කරා. එයා ඒකට ගොඩක් ආස උනා වගේම එයා පුදුම වුණා. ඒක මං මගේ යාලුවෙක්ගෙ කියලා හදාගත්ත හෑන්ඩ් මේඩ් කෙක් එකක්.ඉතිං ඔහොම තමයි ජීවිතය ගෙවෙන්නේ මේ දවස්වල පවුලේ අයත් එක්ක විවේකීව සතුටින් සාමයෙන් කාලය ගත කරනවා.

About the author

Prasad

Leave a Comment