Article

මම සිරුරේ හැඬය පවත්වගෙන යන්න මුකුත් කරන්නේ නෑ. මේක මට දෙවියන් වහන්සේ දුන්න දෙයක් ටීනා ෂනෙල්

Written by Prasad

ටිනා ශනෙල් නම කීව සැනින්ම අපිට මතක් වෙන්නෙ සුන්දර රූ සපුවක් හිමි ඇයව. නිරූපිණ ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක් ලෙසින් රසිකයන්ගේ මතකයේ රැඳෙන්නට ඇය සමත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කාලෙන් කාලෙට වෙනස් වර්ගයේ විලාසිතා වලින් කරලියේ කතා බහට ලක්වන්නටත් ඇයට සිදුවෙනවා. ටීනා විලාසිතා නිරූපිකාවක් වගේම, මියුසික් වීඩියෝ වලත්, ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපට වලටද සිය දායකත්වය ලබා දුන්නා. සකූගේ කතාව, වලවෙට්ටුවා වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලත් දේදුණු ආකාසේ චිත්‍රපටයේත් ඇය සිය රංගන කෞශල්‍යය දැක්වූවා. ඒ අතරේ වලවෙට්ටුවා යනු වෙනස්ම ආකාරයේ ඇයට අභියෝගයක් වුන චරිතයක් වේ.

ඇය ඇගේ දෛනික දින චර්යාව ගැන සහ වලවෙට්ටුවා පිළිබඳව පුවත්පතක් සමග අදහස් පළ කරේ මෙසේ.ඇත්තටම වලවෙට්ටුවා ටෙලි නිර්මාණයේ වෙල්මා ගේ චරිතය කියලා කියන්නේ මට අභියෝගයක් වුණු චරිතයක්. මොකද ඒක විශේෂයි. මම ටෙලිනාට්‍ය පිටපත කියවලා ඒක බාර ගන්න කලින් ඒ චරිතය ගැන හොඳ අධ්‍යයනයක් කළා. ඒ චරිතය මං මගේ හිතේ මවා ගත්තා. ඉතිං මම මේ ටෙලිනාට්‍ය නිර්මාණයේ වෙල්මාගේ චරිතය මට භාර දීමේ ගෞරවය අනිවාර්යෙන්ම රකිනවා. ඒ චරිතය නිරූපණය කිරීමට මට දීලා තියෙන නිදහස ඇතුලේ මං උපරිම සාධාරණයක් කරනවා.

මේ ටෙලිනාට්‍යයේ තියනවා මම චමීර ට අත දිගෑරලා කම්මුල් පහරක් ගහන සිද්ධියක්. ගොඩාක් අය කියනවා ඒක හරිම තාත්වික විදිහට මම නිරූපණය කරා කියලා. මම තවමත් රංගනයට ආධුනිකයි නමුත් සමීර කියන්නේ රංගනයට මට වඩා ප්‍රවීණයෙක්. චමීර කියන්නෙ මගේ හොඳ මිතුරෙක්. එම චරිතයට මගේ අතින් සාධාරණයක් ඉෂ්ඨ වුනා නම් ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. මොකද එයා “කමක් නෑ අත දිගෑරලා ගහන්න” කියපු නිසා තමයි මම සැහැල්ලුවෙන් නිරූපණය කළේ.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?මම පොඩි කාලේ ඉඳන්ම රංගන ක්ෂේත්‍රයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් ගොඩක් කැමතියි. මම ඒ දේවල් ගැන ගොඩක් අධ්‍යයනය කරා. ඒ නිසාම තමයි මං ඒ දේවල් එක්කම ගැටෙනකොට මට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ.අනික් තමයි මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් හොඳ අවබෝධයකින් වගේම දැනුවත් භාවයකින් යුක්තව රැඳෙන්න ඕන. මෙතන කවුරුත් කාටවත් බලහත්කාරකම් කරනනේ නෑ. හැම දෙයක්ම වෙන්නෙ තම තමන්ගේ කැමැත්ත මත. සමහර අය කියනවා මම model කෙනෙක් කියලා නමුත් මේ ක්ෂේත්‍රය ගැන බිංඳුවක දෙයක් වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ අය නිසා තමයි ක්ෂේත්‍රයේ පැවැත්මට හානි වෙන්නෙ.

සමහර අය එනවා නිර්මාණයක් දෙකක් කරනවා ඊට පස්සේ අතුරුදහන් වෙනවා. නමුත් එහෙම නෙමෙයි යම් ක්ෂේත්‍රයක රැඳෙනවා නම් ඒ ක්ෂේත්‍රයට කැපකිරීම් කරන්න ඕන. මම කැප කිරීමක් කරලා අවබෝධයකින් ඉන්නවනම් කොහෙවත් අතරමං වෙන්නේ නැහැ.මේ ක්ෂේත්‍රයේදි ඔබට අයුතු යෝජනා ඇවිල්ලා තියෙනවාද ඇසූ පැනයට ඇය පලකලේ මෙහෙම අදහසක්. මට නම් ඒ වගේ යෝජනා ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් සීමිතව. කියන දේ මම මූණටම කියන නිසා මට ඒ වගේ අයුතු යෝජනා කරන්න කවුරුත් එන්නේ නැහැ.

ගොඩක් අය සිරුරේ හැඩය පවත්වා ගන්නට එක දේවල් කරනවා. ඔබගේ සිරුරේ හැඩය පවත්වා ගන්න ඔබ ජිම් යනවද? workouts කරනවද?මම ජිම් යන්නේ ගොඩක් අඩුවෙන්. පහුගිය ටිකේනම් ජිම් යන්න ලැබුණේ නැති තරම්. සිරුරේ හැඩය පවත්වගෙන යන්න මම අහාර පාලනය කරනවා ඇරෙන්න වෙන කෘතීම දේවල් කරන්නෙ නෑ. මට මස්පිඩු එල්ලෙන ඇඟක්වත්, කෙසඟ ඇඟක්වත් ඕනේ කරන්නේ නෑ. මේ මට ලැබුන විදිහ. මේක මට දෙවියො දුන්න සිරුරේ හැඩයක්. මම ඒකට දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා.

ආදරය ගැන ඔබ හිතන්නේ මොනවද? ඔබට පෙම්වතෙක් ඉන්නවද?ආදරය කියන්නෙ හරිම සුන්දර හැඟීමක්. ඒක පවතින්නේ තේරුම් ගැනීම මත. මම වගේ කෙනෙක්නම් අපේ රැකියාවේ ස්වභාවය තේරුම් ගත්තු කෙනෙක් වෙන්න ඕනෙ. ආදරේ පැවැත්ම තියෙන්නෙ අන්න ඒ නිදහස මත. මේ වෙනකොට මම පෙම්වතියක්. විවාහ වෙන්න දැන්ම බලාපොරොත්තුවක් නෑ. ඉදිරියේදී පෙම්වතා ගැන කියන්නම්.අනාගත බලාපොරොත්තු මොනවද ඇහුවහම ඇය කීවේ මෙහෙම.ගොඩාක් වෙලාවට හැමෝම වගේ හිතාගෙන ඉන්නෙ ටීනට පුළුවන් බටහිර ආරේ චරිත කරන්න විතරයි කියලා. ඒත් වලවෙට්ටුවා ඔප්පු කරා මම එක පරාසයක කොටු වෙලා ඉන්න ඕනෙ නෑ කියලා. ඉතිං මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ වෙනසක් කරන්න පුළුවන් චරිත මට ඉදිරියේදිත් ලැබෙයි කියලා.

About the author

Prasad

Leave a Comment