Article

මම හෙවුවෙත් ආදරේ ඒ උනාට මට නොලබුනෙත් ආදරේම තමයි සැමියන් දෙදෙනාටම සමුදුන් පියුමි බොතේජු

Written by Prasad

මම ජීවිතේ හෙව්වේ ආදරය. ඒ වගේම මට නොලැබුනෙත් ආදරයමයි.”ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු.පියුම් බොතේජු කියන්නේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය කලා ශිල්පිනියක් ඇයව අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ ප්‍රහසන චරිත වලින්. ඉන් මිදුණු චරිතවල වුලිනුත් අපිට ඇයව දකින්න ලැබුණත් වැඩිපුරම ඇය දායකත්වය ලබාදීලා තියෙන්නේ ප්‍රහසන චරිත වලට. ඒ පිළිබඳව ඇය දිනක් මව්බිම පුවත්පත මෙසේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. “අපේ රටේ තියෙන වැරැද්දක් තමයි ඕක. කෙනෙක් එක චරිතයකින් දැක්කොතින් දිගටම ආරාධනා ලැබෙන්නේ ඒ චරිත වලට විතරයි. උදාහරණයක් විදිහට මම ප්‍රහසන චරිත වලට රඟ දැක්වූවා ට පස්සෙ මට දිගටම ආරාධනා ලැබුණේ ඒ චරිත වලට. ඒක ඇත්තටම අපරාධයක්. දක්ෂ කලාකරුවෙක් එක දෙයකට කොටුවෙන එක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම වුණත් ප්‍රහසන චරිතයක් රඟපාන්න මට ලැබිච්ච හැකියාව ගැනනම් මම සතුටු වෙනවා. මොකද මොන ද කාලෙකදි වුණත් මට දෙයියනේ කියල වැඩ වලින් අඩුවක් වුණේ නැහැ. ඒත් සඳරුවන් ජයවික්‍රමගේ ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ නම් ප්‍රහසන වලින් මිදුණු චරිතයක්.”

ඒ වගේම පියුමි හැමදාමත් ඇගේ උපන් දිනයට වෙනස් දෙයක් කරනවා. මෙවර ඇය ඇගේ උපන් දිනයට කරන්නේ රටේ ජනතාවට සෙත් පතලා දානයක්දෙන එක ලු. ඒ වගේම අපි ඇයගේ ජීවිතය ආදරය සහ ප්‍රේමය ගැනත් කතා කළත් ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.
රංගන ජීවිතයෙන් එහාට ගියහම මමත් අනිත් හැමොම වගේ සාමාන්‍ය ගැහැනියක්. අම්මා තාත්තා කියන දෙන්නගේ ආදරේ මගේ ජීවිතයට ලැබුණට පස්සේ පස්සේ ඊට ඇරෙන්න මට ලැබිච්ච හොඳම ආදරය ලැබුණේ මගේ රසිකයින්ගෙන්. අදටත් ලැබෙන්නේ එක මගේ රසිකයින්ගෙන්. විවාහය කියන්නේ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. කසාද බැඳලා ඇත්තටම සතුටින් සැනසීමෙන් ඉන්න බැරිනම් වෙනුවෙන් එක තමයි හොඳම දේ.

දරුවෝ නිසා එහෙම නැත්නම් පවුලේ අයගෙ ලැජ්ජව ගැන හිතලා විවාහය එල්ලගෙන යන කාන්තාවො අපේ සමාජයේ ඕන තරම් දකින්න තියෙනවා. සමහර මවුපියෝ ඉන්නවා කසාද බන්දලා දීලා ප්‍රශ්න දැක්කම කියන්නෙත් කසාද බැන්දනම් මොනදේ උනත් වෙන් වෙන්න එපා කියලා. මං හිතන්නේ නෑ කිසිම කෙනෙක් විවාහ වෙන්න වෙන් වෙන්න බලාගෙන කියලා. ඒත් ජීවිතේ තුළ සැනසීමක් නැත්නම් පීඩනය විතරයි නම් තියෙන්නෙ වෙන් වෙන එක තමයි හොඳම දේ. මගේ ජීවිතේදී මම ආදරයෙන් බැට කාලා තියෙනවා. ඒ නිසා මම දැන් කණාමැදිරි එළියටත් බයයි. මමත් හෙව්වේ ආදරයමයි නමුත් මට නොලැබුණෙත් ඒ ආදරයම තමයි..

මගේම පියුමිගේ පැහැය ගැනත් එක එක කටකතා තිබුණා. ඒ පිළිබඳව ඇය කිව්වේ මේ විදියට.කවදාවත් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. එහෙම කරන්න මට උවමනාවක් නැහැ. මගේ අම්මව කෙනෙක් දැක්ක නම් කිසිම කෙනෙක් මට එහෙම කියන්නෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙදි නම් ටිකක්කලු වුනා ක්‍රීඩා එහෙම කරද්දි. නමුත් ඒ දේවල් නවත්තලා සාමාන්‍ය ජීවිතයකට ආවට පස්සෙ නැවතත් පරණ පැහැය ඉස්මතු වුණා. එහෙම ලැබිච්ච පැහැ රැකගෙන යනවා මිසක් කෘතීම දේවල් පාවිච්චි කළ සුදු වෙන්න තරම් වුවමනාවක් මට තිබුණේ නැහැ. එහෙම කරානම් ඒක හොයාගන්න පුළුවන් ඒ වගේ කෘතියම පැහැයක් නෙමෙයි මට තියෙන්නේ.”

About the author

Prasad

Leave a Comment