Article

මව් පදවියට සුදානම් වන ටික් ටෝක් නිලි සෙව්වන්දිට දුවෙක්ද පුතෙක්ද ඉන්නේ කියල ලෝකෙටම කියූ හැටි.

Written by Prasad

සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ සිය රංගන හැකියාව වෙනස්ම ආකාරයට පෙන්නුම් කරමින් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක්. ඇත්තෙන්ම කලාවට පිවිසීමට පෙර සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් වු ඇයව හැමෝම වගේ හදුනා ගන්නේ ටික්ටොක් රැජින ලෙසයි.කොහොම නමුත් ටික් ටෝක් හරහා අහම්බෙන් රංගනයට එන ආදරණීය රංගන ශිල්පිනියක් විදිහටත් අපිට ඇයව හදුන්වන්නට පුළුවනි. කොහොමහරි ඉතින් ටික්ටොක් හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය රුපවාහිනී වෙළඳ දැන්වීම්වලට වගේම ටෙලි නාට්‍යවලටත් සිය රංගන දායකත්වය ලබාදෙනවා.

මේ අතර තෝඩු කියන ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන ඇයට හිමිවෙන්නේ ඉහළ ජනතා ආකර්ෂණයක්.කෙසේ වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ වර්තමාන ජීවිතය පිළිබඳ කතා කරනවානම් ඇය මේවෙනකොට විවාහකයි. ඇය විවාහවෙන්නේ මෙරට කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමගිනුයි. දෙනියාය මැණික් ඔහුගේ ව්‍යාපාරයයි. කොහොම නමුත් ඇයව අපට විවාහයෙන් අනතුරුව වැඩිය කලා ක්ෂේත්‍රය තුළින් දැනගන්නට නම්ලැබුනේ නැහැ.

ඉතින් දැන් ඇය මව් පදවියට සුදානම් සිටිනවා. ඉතින් මේ වන විට ඇය මව් පදවිය ලැබූ බවට නොදන්නා කෙනෙක් නැති තරම් ඇය එතරම් ජනප්‍රියයි. පසුගිය දවස්වල රටේ තිබුන තත්වය නිසා වැඩ වලට සම්බන්ධ වීමට ඇයට නොහැකිවුනා කියලයි ඇයනම් කියන්නේ.ඇයව ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට නොලැබුනත් සමාජ මාධ්‍ය ජාලා මෙන්ම විවිධ රූපවාහිනි සංගීත වැඩසටහන් හරහාද දැකගන්නටලැබුනා. කොහොම නමුත් ඇය මේ දිනවල සිය සැමියාගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙමින් සැමියාට සහාය ‌වෙමින් ඉතා විනෝදයෙන් හා සතුටින් කාලය ගත කරන බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඒ වගේමම ඔවුන්ගේ පුද්ගලික ජිවිතේ ගැන දැන බොහෝ දෙනා අසාවෙන් සිටින නිසා පසුගිය දිනක ඉතින් හැමෝම දැනගන්න ආසාවෙන් බලාගෙන හිටපු ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියන වග ඇය පහුගිය දවසක අපූරු සාදයක් පවත්වලා හැමෝටම හෙළිකරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ඇයගේ කුසේ ඉන්නේ දුවක් කියලා තමයි ඇය එහිදී පවසලා තිබුනේ. ඉතින් ඒ ගැන ඇය රසිකයන් හට බොහෝ අදරනියව පවසා තිබුනා. ඉතින් අපි ඇයගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.

About the author

Prasad

Leave a Comment