Article

මාව ගෙනාවේ එයා තමයි සංගීත් අයියා සහ මම අතරේ කවදාවත් ප්‍රේමයක් ඇතිවෙන්නෙ නෑ ප්‍රවීනා දිසානායක

Written by Prasad

නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයේ “ගීතිකා” කියලා කිව්වම අද ගොඩක් අය ඇයව අඳුනනවා. සිය පළමු චරිතයෙන් ම ප්‍රේක්ෂකයාගේ සිත තමා වෙත ඇද ගන්නට සමත් වුණ ඇය නමින් ප්‍රවීනා දිසානායකයි.ඇය කලාවට අවතීර්ණ වුන විදිය ගැන ඇය පවසන්න මෙයාකාරයෙන්.මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ නාඩගම්කාරයෝ කියන ටෙලි නාට්‍යයෙන්. මේ ටෙලිනාට්‍ය ගැන මුලින්ම දැනගත්තේ සුමිත් අයියගෙන්. ඒ හරහා නිෂ්පාදක තුමා විසින් පවත්වපු තිර පරීක්ෂණයකට සහභාගී වීමෙන් පස්සේ තමයි මාව මේ ටෙලි නාට්‍ය සඳහා තෝරාගන්නේ.

ඇත්තටම ගීතිකා ගේ චරිතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. සජිත් අයියා, සෙනාලි අක්කගෙන් මට දැන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂකයාගෙන් ලැබීම ගැන මම නිහතමානී සතුටක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි මට ගමේ අයගෙන් පවා ගොඩක් හොද ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර තියෙනවා. එතරම් ප්‍රේක්ෂක ආදරයක් ඒ චරිතයට ලැබෙන්නේ කතාවේ ගලා යෑම සහ එහි කතාවෙ තියෙන සිද්ධි වල තාත්වික බව නිසා වෙන්නැති.ඉදිරියේදී ගීතිකා සහ කවඩියා ආදරයෙන් බැඳේවිද?ඒක නම් හරියටම කියන්න බෑ කතාව බලලාම අපි බලලම අපි තීරණය කරමු. කතාවේ ඉදිරියට ගැන දන්නේ සද්ධා සර් විතරයි.ගොඩක් අය කියනවා සරා පාඨලි ව⁣ගේ කවඩියා ගිතිකා ආදරයත් කතාවේ පටන් ගන්නවනම් හොදයි කියලා.හැබැයි මේකේ ඉදිරිය ගැන මමවත් දන්නේ නෑ.බලන් ඉමු ඉදිරියට වෙන දේවල්.

කතාවට කොහොම වුනත් ඔබයි සංගීත් අතරේ ප්‍රේමයක් වුනොත්,”නෑ හැමදාම වගේ එයා මට හොද යාළුවෙක් වගේම සහෝදරයෙක්.මොකද ඇත්තටම මම තාම ආදරේ ගැන හිතලා නෑ. මම අධ්‍යාපනයට මුල් තැන දිලා බලන් ඉන්නවා. ආදරේ කියන්නේ එක එක්කෙනාට සාපේක්ෂව දැනෙන දෙයක්. දවසක මටත් ඒක දැනෙයි.”ඔබේ මූලික ගැන අධ්‍යාපනය සහ ඔබ කොළඹට එන්නේ නාඩකම් කාරයෝ සඳහාම ද කියලා අපිට පොඩ්ඩක් කියමුද?මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය පාස් වීමෙන් පස්සෙ මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එනව.උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. පාසල් කාලයේදී රංගනයට වඩා මම ගොඩක්ම යොමු වෙලා හිටියෙ නර්තනයට. කොළඹට එන්නේ මගේ වැඩිදුර අධ්‍යාපනයට සහ නාඩගම් කාරයෝ කියන කාරණා දෙකටම.

පවුලේ විස්තර ගැන කිව්වොත් මගේ පවුලේ ඉන්නේ අම්මයි මමයි තාත්තායි විතරයි.අම්මා රාජ්‍ය සේවයේ නිලධාරිනියක් පියා ව්‍යාපාරිකයෙක්. ඕවා තමයි පවුලේ විස්තර.අවසන් වශයෙන් මම නාඩගම්කාරයෝ සියලුම කාර්ය මණ්ඩලයටත්, මට සහය දක්වන සියලු දෙනාටමත්, මගේ අම්මටත් තාත්තටත්, විශේෂයෙන්ම ප්‍රේක්ෂකයාටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා මගේ මේ ගමන එන්න හයියක් වුනාට.

About the author

Prasad

Leave a Comment