Article

මිනිස්සු මට හිඟන්නා කිවුවා.එයාලාට මම දැන් ස්තුතිවන්ත වෙනවා මට එහෙම කිවුවට සුපිරි ගායක දිනේෂ් තරංග

Written by Prasad

“මීවිත පිරුණා මැදියම් රෑ..” ගීතය මතක අයට ඒක කීව ගායකයාගේ නම අමතක වෙන්න විදිහක් නෑ. කාලෙකට පායන තරු ටික කාලෙකින් ආයෙම බැස යන එක සාමාන්‍ය වුනත්, ඔහුව ඒ ගණයට අයිති වෙන්නේ නෑ. මොකද ඒ ආරම්භයේ ඉඳන්ම අද වෙනකම්ම තම ජනප්‍රියත්වය එක හා සමානව රැකගන්නව සමත්වුන තරුවක් කීවොත් නොවැරදියි. ඔහු නමින් දිනේෂ් තරංග. කාලයෙන් කාලයට ඔහුගේ පුද්ගලික හේතූ නිසා සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තර මාතෘකාවක් බවට පත්වුනත් ඒ සියළුම ගල් මුල් ඉවත දමමින් ඔහු සිය ආදරණීයයන් සමග සතුටින් ඉන්නවා.

මෑතකදි ඔබ ගැන සමාජ මාධ්‍යජාලාවල කතාබහට ලක්වුනා. ඒ වුනත් ඔබ විවාහ වෙලා කියන එක නොසඟවා කිවුවා. එයින් ඔබේ ජනප්‍රියත්වයට බාධාවක් වුනේ නැද්ද කියන දේට ඔහු පලකළේ මෙහෙම අදහසක්.මම කෙලින් කතා කරන කෙනෙක්. දිනේෂ් තරංග කියන මගේ පේජ් එකේත් මම මගේ ජීවිතේ තියෙන ඇත්තටම පෙන්වනවා. සමහර ආටිස්ලා එහෙම නෑ. ඒත් මම නම් මගේ ඇත්ත එක්කම ජීවත් වෙනවා. ඒ හින්දම මිනිස්සුන්ට බෑ අපි ගැන අමුතුවෙන් කතන්දර ගොඩනගන්න. අනික තමයි අපි හැමෝටම පුද්ගලික ජීවිතයක් ගොඩනගා ගන්න අයිතියක් තියනවා. ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා නම් ඒක බය නැතුව සමාජ මාධ්‍ය ජාලාවක වුනත් දාන්න අපිට පුළුවන්. ප්‍රසිඑක සිද්ධියට බාධාවක් කියලා මම නම් හිතන්නේ නැහැ.

ඔබ අලුතින් ගීතයක් නිර්මාණය කරහම අළු යට තියෙන ගින්දර වගේ ඔබ ගැන පරණ කතා ආයෙම කතා කරන්න පටන් ගන්නවා. ඒ ගැන ඔබට අදහසක් තියෙනවද ? මම නිකම්ම නිකම් මනුස්සයෙක් වුනානම් මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්නෙ අපේ ගමේ කට්ටිය විතරයි. ඒත් මම ජනප්‍රිය පුද්ගලයෙක් නිසා තමයි ගොඩක් අය මම ගැන කතා කරන්නේ. මේ වෙනකොට මම විවාහ වෙලා අවුරුදු එකොළහක් වෙලත් විටින් විට මම ගැන විවේචනය කරනවා. මඩ ප්‍රහාර එල්ල කරනවා. මගේ බිරිඳ මට හමුවෙන්නේ 2009දී. ඊටත් කලින් ඉඳන් මං එයාව දන්නවා. එනිසා එයා මට කැමති වෙන්නේ මං ජනප්‍රිය හින්දවත් ගායකයෙක් හින්දවත් නෙවෙයි. මම සතුටින් ජීවත්වන හින්දම ඒ පුද්ගලික විස්තර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම සමාජ මාධ්‍ය ජාලාවල දානවා. එතකොට මිනිස්සුන්ට කුතුහලෙන් මං දිහා බලන්න දෙයක් නැහැ. ඒ වගේම මට සඟවන්න දේකුත් නැති හින්ද සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පුළුවන්.

මට මගේ බිරිඳව මුණගැහෙන්නේ පල්ලියේ ගීතිකා ගායනා කරන්න ගියපු වෙලාවක. එයත් ගීතිකා ගායනා කරන්න ආවා. අපේ අදහස් සහ මතවාද වල ලොකු ලොකු විරුද්ධකම් වෙනස්කම් තිබුණ නිසා පොඩි පොඩි රණ්ඩු සරුවල්වල ඒ කාලේ ඉඳන්ම අඩුවක් තිබුණෙ නැහැ. නමුත් එහෙ තිබ්බ parties වලදීම අපි දෙන්නා හම්බුනා.ඊට පස්සේ අපි දෙන්නා මිතුරු වුනා, ආදරය කරන්න පටන් ගත්තා. අද වෙන කොට විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. ඇයට ජීවිතය ගොඩක් දේවල් තිබුණා නමුත් එක හිස්තැනක් හේතුවෙන් මං එයාගෙම වුණා. මම ක්ෂේත්‍රයට ආපු කාලයේදීම වගේ තමයි අපි දෙන්න එකතු වෙන්නෙත්. ඉතිං මීවිත පිරුණා සහ මනමාල හිතක් කියන ගීත කරද්දි එයා මට ගොඩක් උදව් කරා. මගේ පිස්සුව හොඳ කරගන්න එයාගෙන් ලැබිච්ච වන මට සෑහෙන්න වටිනවා.

අනික මට එයා ළඟ රැඳෙන්න හොඳම හේතු තියෙනවා. ලොකුම හේතුව තමයි එයාගේ දරා ගැනීම. සමහර වෙලාවට මට ගොඩක් ගෑණු ළමයින්ගෙන් කෝල්ස් එනවා, මැසේජ් එනවා, හම්බෙන්න ආවෙ නැත්තෙ ඇයි කියල අහනවා, මේ වගේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගන්න තේරුම් ගන්න එයාට පුළුවන් ඉතින් මේ සම්බන්ධය මේ තරම් කාලයක් ලස්සනට පවත්වාගෙන යන්න එයාගේ කැපවීම තමයි මූලිකවම හේතු වුණේ.මේතාක් දුරක් එද්දි මිනිස්සු කියා දුන්න හොඳම පාඩම මොකක්ද?ඒ වගේම අවුරුදු විසි එකේදි ඔබ විවාහ වෙන්න ගත්තු තීරණය ගැන කවදාවත් පසුතැවීමක් ඇති වෙලා නැද්ද?
මිනිස්සු මට දුන්න හොඳම දේ තමයි මට “හිඟන්නා” කිව්වේ එක. මොකද මම ඊට පස්සේ තමයි හැල්මේ දුවන්නට පට පටන් ගත්තේ අද වෙනකොට මගේ සාර්ථකත්වයට එන්න ඒකත් එක හේතුවක්. මම විවාහ වෙන්න ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නේ නැහැ. මගේ මේ ජීවන ගමන එන්න එයත් මට ලොකු අත්වැලක් වුණා. ඒ නිසා මං ලබා ගත්තු දේවල් ගැන මම ඉන්නේ තෘප්තියෙන්.

දැන් ඔබ තාත්තා කෙනෙක්, ඒ වගකීම දැනෙන්නේ කොහොමද, සහ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද, කියලා ඇහුවහම ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්.මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ඉතින් දුවලා දෙන්නෙක් ඉන්න තාත්තෙක් විදිහට ලොකු වගකීමක් මගේ ඔළුවේ තියෙනවා අද සමාජය වෙන දේවල් එක්ක ඇත්තටම ඉන්නෙ බයෙන්. ඒ නිසා දුවලා දෙන්නටත් හොඳ තාත්තා කෙනෙක් වෙලා වෘත්තීය ජීවිතයත් රැකගෙන සැනසීමෙන් සහයෝගයෙන් මගේ සතුට රැකගෙන ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

About the author

Prasad

Leave a Comment