Article

මේ ගවුම මට මේනක දුන්නේ 2008 මම තවමත් ඒක අදිනවා නෙහාරා පිරිස්

Written by Prasad

මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය තුළින් ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පත් වුනු පුංචි තිරය හැඩ කළ පෙම්වතුන් යුවලක් තමයි නෙහාරා සහ මේනක කියලා කියන්නේ. පුංචි තිරයේ දී කදිමට ගැලපුන මේ යුවළ අද වන විට සැබෑ ජීවිතයේ ද ආදරණීය විවාහක යුවළක්. මේ මෑතක ඔවුන්ගේ කැදැල්ලට පුංචි දියණියක ද එකතු වුණා. ඉතාමත් අසීරු කාලයන් පසුකරමින් සමහරුන්ට ජීවිතයට හොඳම අය මුණ ගැසෙන බවට ඔවුන් දෙදෙනා හොඳම සාක්ෂියක්. පළමු විවාහ වලින් වෙන් වූ දෙදෙනාම වසර දහතුනකට දහ හතරකට අධික කාලයක් තිස්සේ එකම විදිහට සතුටින් කල් ගෙවනවා. නෙහාරා සහ මේනකගේ දියණිය වන්නේ මෙයිලි. ඇය මොවුන් දෙදෙනාගේ කැදැල්ල තව තවත් සතුටින් පුරවා ඇති බවටයි ආරංචි ය.

මේනක නම් පුංචි තිරයත් රිදී තිරයත් දෙකම අතික්‍රමණය කරපු දැවැන්ත චරිතයක්. නෙහාරා කියලා කියන්නෙත් මීට වසර කිහිපයකට පෙර පුංචි තිරයේ හුරුබුහුටි සුන්දර ප්‍රේමවන්තියගේ චරිතයට ප්‍රසිද්ධව හුන් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබාගත් රංගන ශිල්පිනියක්. එහෙත් පෙනෙන්නට නොහිටියා කියා ඇයට ප්‍රේක්ෂක ආදරය නම් අඩුවක් නැහැ. ඒ තරමටම ඇය රංගනයෙන් දායක වුණු චරිත වලට සාධාරණයක් ඉටු කරා.

මේනක නෙහාරා ආදර කතාව කාලයක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා කාලයකට ඉහතදී විවාහ වෙලා ලංකාවෙන් ගිහිල්ලත් හිටියා.වසර දෙක තුනකට පසුව ලංකාවට නැවත ආව ඔවුන් දෙදෙනා දැන් දරු බලනවා. නෙහාරා කවදත් නර්තනයට දක්ෂ නිසා ඇය නැවතත් dancing covers හදන්න යොමු වුණා. ඒ විදිහට නෙහාරා කරපු covers ලංකාවේ ගොඩක් ජනප්‍රියත් වුණා.
නෙහාරා මෑතක දී ඇගේ සමාජ ජාලා ගිණුමේ සටහන් කරලා තිබුණා මීට වසර දහතුනකට පෙර මේනක විසින් ඇය වෙත පරිත්‍යාග කරපු ත්‍යාගයක් පිළිබඳව. ඒ මුතු කිරිල්ලී මුහුරත් උළෙල දා දුන්න ගවුමක්.

බලන්න මම මේ ඇඳගෙන ඉන්න white top ටොප් එක ඊයෙ ගත්තු පින්තූරය. එතකොට මේ තියෙන්නෙ මම 2008දී මුතු කිරිල්ලී මුහුරත් උළෙල දවසේ ගත්තු පින්තූර. දෙකේම ඇදගෙන ඉන්න ඇඳුම එකයි. මම සතුටු වෙනවා මේනක මට දීපු තෑග්ග තවමත් මට අඳින්න පුළුවන් වුන එක ගැන. මේ විදිහට තමයි ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ. ඉතින් අපිත් මේ ආදරණීය පුංචි කැදැල්ලට සුබ අනාගතයකට ප්‍රාර්තනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment