Article

මේ පාර කවුරු උනත් සතුටින් භාර ගන්නවා. දෙවන වරටත් මව් පදවියට සුදානම් වන නෙහෙරා පීරිස්.

Written by Prasad

නෙහාරා පීරිස් කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ඇයට ලැබුණා. ඇය විවාහ වුණේ ක්‍ෂේත්‍රයේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමඟ. විවාහයෙන් පස්සෙ දෙන්න කාලයක් ලංකාවේ පේන්න හිටියේ නැහැ. ඒ දෙන්න ඇමරිකාවේ ගිහින් හිටපු නිසා අද වෙනකොට මේ දෙන්නා ලංකාවට ඇවිත් පුංචි දියණියකගේ දෙමාපියන් බවට පත්වෙලා. යළිත් මේ දෙදෙනා ගැන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ තමයි නැවත වතාවක් නෙහාරා මවු පදවිය ලබන්න සූදානමින් ඉන්නවා කියලා.

ඉතින් ඇය ඒ ගැන හහා පුර කියලා පසු ෆ්ගිය දිනක පුවත් පතකට මේ විදිහට අදහස් පල කර තිබුනා. ඉතින් මේ සුභ ආරංචිය ගැන ඇය කියන්නේ මේ විදිහටයි. මම මේ දවස්වල විරාමයක් අරගෙන තියෙන්නේ.මගේ විකාශනය වීමට නියමිත නාට්‍ය මුකුත් නැහැ. අන්තිමට රංගනයට දායක වුණේ මේනක අධ්‍යක්‍ෂණය කරපු ගුග්ලි ටෙලි නාට්‍යයේ. පස්සේ මුකුත් වැඩක් භාරගත්තේ නැහැ.ආරංචිය ඇත්ත. මම ආපහු අම්මා කෙනෙක් වෙන්න යනවා.ඒ හැඟීම හරි නැවුම්. ඒක වචනවලට පෙරළන්න හරි අමාරුයි. දෙදරු මවක් කිව්වහම මට හරි ආරම්බරයි. ඉදිරියට වගකීම් ගොඩක් තියේවි. ඒවට මුහුණ දෙන්න සූදානමින් බොහොම සතුටින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

මේ පාර පුතෙක් උනත් දුවෙක් උනත් හරිම සතුටින් භාර ගන්නවා.මේනකත් කැමති ඕනි කෙනෙක්ට එයා හරි කාර්ය බහුලයි. බොස්ටන් ලංකා කියලා නිෂ්පාදන ආයතනයක් ලංකාවේ ආරම්භ කළා. ඒක ඇත්තටම ඇමරිකාවේ ලියාපදිංචිවෙලා තියෙන සමාගමක්. ඇත්තටම චිත්‍රානි ද මෙල්, වයෝනි ද මෙල්, මගේ මමයි, මම්මයි දෙපළ මේක අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන යන යූ ටියුබ් නාලිකාවක්. ඉතිං ඒගොල්ලන්ටත් මේනකටත් ලොකු වුවමානවක් තිබුණා ලංකාවේ බොස්ටන් ලංකා නමින්ම නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න. මේ මාසයේ මුල ඒක ආරම්භ කළා. ඒ නිෂ්පාදන ආයතනයෙන් ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන්.

පළමුවැනි බබා හම්බවෙලා මාස හයකට විතර පස්සේ තමයි වැඩකට සම්බන්ධ වුණේ. වැඩසටහන්වලට ලැබුණු ආරාධනා නම් භාර ගත්තා. මේ ගමන මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් කොහොමද කියලා. ඇත්තටම ආරාධනාවක් ලැබෙනවා අඩුයි. කොහොමත් දැන් අලුත් අය ඉන්නවානේ. මේක ඉතින් චක්‍රයක් වගේනේ. අනික හැමදාම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹෙන්න බැහැ. ආරාධනාවක් ආවොත් ඒක ඒ වෙලාවේ හැටියට තමයි මට තීරණය කරන්න වෙන්නේ. ඉස්සරනම් බබාලා නැතිකොට දෙපාරක් හිතන්න දෙයක් නැහැනේ. වැඩේට කැමති නම් උත්තරය දෙන්න පුළුවන් හා කියලා. දැන් ආරාධනාවක් ලැබුණොත් කරන්න පුළුවන්ද බැරිද කියලා හොඳට හොයල බලන්න වෙනවා මොකද බබාලගේ වගකීම් ඉහලයිනේ.

About the author

Prasad

Leave a Comment