Article

මේ හැමදේම අටලොදහමේ කෑලි පුතේ මෙධාගේ කලින් සැමියා පුතාගේ උපන්දිනේ සමරමින් කියූ සංවේදී කතාව

Written by Prasad

සුරංග ලක්මාල් කියලා කියන්නේ කාලයක් තිස්සේම මාධ්‍ය කිහිපයක් එක්ක ආකාර කිහිපයකින් ම ගනුදෙනු කරපු පුද්ගලයෙක්. චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු තිර පිටපත් රචකයෙකු ද වනවා. ජනප්‍රිය අංග කීපයකම හිමිකරුවකු වූ ඔහු තවත් විටක නවකතාකරුවෙකුද වනවා. ඒ වගේම ඔහු ජනප්‍රිය නිළි මේධා ජයරත්න ගේ සැමියා ද වනවා. මේධා ජයරත්න කියන්නෙත් ලංකාවේ කාලයක් තිස්සෙම ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියකි. ඇය මේ වන විට තම පවුලෙන් ඉවත් වී ස්වාධීන ජීවිතයක් ගෙවන්නීය. මේධාගේ හැර යාමෙන් පසුව ඔහු දරුවෝ දෙදෙනත් සමඟයි තමන්ගේ කලා කටයුතුවල නියැළෙන්නේ.

සුරංග සහ මේධාගේ වසර විසි ගණනක සම්බන්ධය බිඳ දමන දමමින් ඔවුන් දෙදෙනා වෙන් වන්නේ අවාසනාවන්ත ලෙසයි. එම නිසාම මේ වන විට සුරංග ලක්මාල් සින්ගල් පේරන්ට් කෙනෙක් විදිහටයි ජීවත් වන්නේ. කලා කටයුතුත් සමග තනිවම ඔහු දියණිකගේ වගේම පුතණුවන්ගේ වගකීම දැරීමනම් ඉතාම ප්‍රශංසනීයයි.කාලයකට ඉහතදීද ඔහු සමග කළ සාකච්චාවකදී ඔහු මේ ගැන අදහස් ප්‍රකාශ කර සිටියා.

මම මගේ දරුවො දෙන්නත් එක්ක කාලයක් කිසි තනිවම තමයි ජීවත් වෙන්නේ.මම එංගලන්තෙ ඉන්න කාලේ සින්ගල් පේරන්ට් කියන සංකල්පය දැක්කත් මම ඒ අත්දැකීම දැන් සජීවීව අත්වින්ඳිනවා ඉන්නවා. පුතාටත් දුවටත් අවශ්‍ය හැමදේම මම කරලා දීලා ඒ දෙන්නා උපරිම හොඳින් කියන්නයි මම උත්සාහ කරන්නේ. මේධාගේ වෙන්වීම ගැන නම් මම කතා කරන්න කැමති නැහැ. එයා හොඳින් ඉන්නවා කියල පේනවනේ. පුතාට සමහර වෙලාවට පුතාගේ යාලුවෝ එයාගෙ ෆොටෝ පෙන්නලා මේ මොකද මේ බං කියලා විහිලුවට අහන වෙලාවල් තියනවලු. ඒත් මගේ ළමයි ගොඩක් බුද්ධිමත්. හැමදේම සම සිතින් දරා ගන්න යන පුරුදු වෙලා ඉන්නවා.

මේ විදියට කාලයකට ඉහතදී කතාබහට ලක්වුන සුරංග ලක්මාල් සහ මේධා ජයරත්නගේ කතාව නැවත වාරයක් කරලියට ආවේ තම පුතුගේ 18 වන උපන්දිනය වෙනුවෙන් ඔහු විසින් සමාජය යාලයේ තබන ලද සංවේදී සටහනක් හේතුවෙනි.එම සටහන තමයි මේ.මා ලය තුරුළු වී මට ජීවය දුන්න,ආදරේ සුවඳ මට බෑ පවසන්න,18 ම ද කියල පුදුමයි අදහන්න,කූඩුවේ දොර ඇරිය නිදහසෙ පියඹන්න හැමදාමත් බෑ පුතේ මට තුරුළුව ඉන්න,කිව්වාමත් ආ කඳුළු ගඟ බෑ හංගන්න,මම තාමත් අප්පච්චි හදගාවම ඉන්න,දිවි සුව විඳගන්න මනුදම් රැකගන්න,

හීනයක්ම ද කියල හිතුණට ජීව්තය ඒ තමයි. අපි හිතන විදිහට නොවුණට හැම දුකක්-පීඩාවක්ම, හැම පසුබෑමක්-දරාගැනීමක් ම අට ලෝ දහමෙ කෑලි මිස වෙන අමුතු දෙයකුත් නෙමෙයි.ජීවිතේ කියන්නෙම අපි මේ පහුකරං ආපු සහ තව පහුකරන්ඩ තියන මේ සංසිද්ධි ම තමයි පුතේ..ළමයෙක් විදිහට ඉඳල අද ඡන්ද බලය හිමි පුරවැසියෙක් වෙන ඔයා ළඟට එන්ඩ පුංචි නංගිට දශකයකට ආසන්න කාලයක් තියනවා..එයාගෙ ළමා කාලයෙ රහත් ඔයා මෙතෙක් අපූරුවට වින්ද වගේ ඒ විදිහටම අරගෙන නංගිටත් මහ ගෑනියෙක් වෙන කඩ ඉම දක්වා යන්ඩ නිදහස සහ සුන්දර පරිසරය හදල දීමේ වගකීම මගෙ වුණා⁣ට ඒකෙ යම් බරක් ඔයාටත් ගන්ඩ දැං පුළුවං කියල හිතෙනකොට සම්, මස්, නහර වලට දැනෙන ප්‍රබෝධයත් හරි අමුතුයි.

මඟ බල බලා හිටපු ලොකු මිනිහා අද ගෙදරට ආපු බව ලෝකෙට කෑගහල කියන්ඩ හයියක් දැනෙන මේ මොහොතේ, මෙතෙක් මගෙ පුතා ලස්සනට රැකගෙන ආපු සුන්දර කම්, මනුස්සකම් ඒ විදිහට ම රැකගෙන සුන්දර නංගිත් ආදරෙන් රැකෙගෙන ඉස්සරහට යං..දරුවෙක්ගෙ මූණ පළමුවෙන්ම දැක්කම තාත්තෙකුට දැනෙන්නෙ මොකද්ද කියලා මට මීට අවු 18කට පෙර කියල දුන්නට නං මොන විදිහට ස්තුති කරන්ඩ ද කියල කියන්ඩ තේරෙන්නෑ පුතේ..ඒක ඒ තරං අමුතු වෙලාවක්.සුඛී දීඝායුකො භව ආදර පුතේ.කෙසේ නමුත් දරුවන් දෙදෙනෙක් සමග ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දෙන සුරංග ලක්මාල් කලාකරුවාට අපි හදවතින්ම සුබ පතමු.

About the author

Prasad

Leave a Comment