Article

ලංකාවට ඉන්නේ රොෂාන් රණවනලා එක්කෙනයි හේමාල්ට බෑ මගේ තැන ගන්න රොෂාන් රණවන දැන් කියන දේ

Written by Prasad

1981 ඉපදුන 2004 වර්ෂයේදි කලාවට සම්බන්ධ වුන රොෂාන් රණවන කියන්නේ යුගයේ සිහින කුමාරයා කීවොත්, තරුණියන්ගේ හිත සොරාගත් තරුණයෙක් කීවොත් වරදක් නෑ. 2006 වසරේදී තිරගත වෙන හිරිපොද වැස්ස සිනමාපටයෙන් කලා ලොවට එන රොෂාන් රණවන එයින් ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් ලබාගන්නට සමත් වෙනවා. ඒ වගේම 2007 වසරේදී ඔහු නැගී එන නළුවට හිමි සම්මානය ලබාගන්නවා. දෛවය කියන්නේ සත්තකින්ම පුදුමාකාර දෙයක් කියලා ඔප්පු වෙන්නේ පළමු නිර්මාණයෙන්ම රොෂාන් ලබාගන්න ජනතා ආකර්ෂණය නිසයි.

සිනමාව තුළ වගේම රොෂාන් පුංචි තිරයේත් ජනතා ආකර්ෂණය දිනාගන්නට සමත් වෙනවා. වසූදා ටෙලිනාට්‍යයේ අමල්ගේ චරිතයත් ඉතාමත් ජනාදරයට පත්වුනා. ඒ වගේම ෆේස් ටු ෆේස් හි රඟදක්වන්නේ මදක් වෙනස් චරිතයක්. ඒ පාතාල නායකයෙකුගේ පුතෙක් ලෙස. රොෂාන් කියන්නේ තමන්ගේ චරිතය තෝරා බේරා ගෙන රඟපාන නලුවෙක් වුනත් පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට ගිහිල්ලා ෆේස් ටු ෆේස් හි විලන්ගේ චරිතය තෝරාගැනීම ගැන ඔහු පවසන්නේ මෙහෙම අදහසක්. “හැමදාම දකින රොෂාන්ව ටිකක් වෙනස් විදිහට ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නයි මට ඕන වුනේ. ඉතින් ඒ හින්දා ටිකක් වෙනස් චරිතයක් තෝරගත්තා” ලෙසයි.

ඒ කොහොමින් කොහොම වුනත් කාලයක් තිස්සෙම තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා හිටිය රොෂාන් රණවකට හේමල් රණසිංහගේ ආගමන නිසා අඩියක් පස්සට ගන්න වුනා නේද කියන දේට රොෂාන් අදහස් ප්‍රකාෂ කරේ මේ විදියට. “ඕනම ක්ෂේත්‍රයකට කාලෙන් කාලෙට අලුත් අය එනවා යනවා. එකම අය රැඳෙන්නෙ නෑ. ඒක සාමාන්‍යෙයි. ඒක අපිට නතර කරන්න බෑ. මගෙන් පස්සේ හේමාල් ආවා. මගේ ප්‍රචාරණය මදක් අඩුවුන බව ඇත්ත වුනත් මට වැඩ අඩුවුනේ නෑ. මොකද ලංකාවට රොෂාන් රණවකලා ඉන්නේ එක්කෙනයි. මගේ තැන හේමල්ට ගන්නත් බෑ. හේමාල්ගේ තැන මට ගන්නත් බෑ. ඒ වුනාට තරඟයක් තියෙන්න ඕනෙ. නැත්තම් කිසිම ක්ෂෙත්‍රයක් ඉදිරියට යන්නේ නෑ. හේමාල් රණසිංහ කියන්නේ දක්ෂයෙක්. එයා එයාගේ විදියට රඟපානවා. මම මගේ විදියට රඟපානවා. එච්චරයි.

සිනමාව තුල ආදරණීයම පෙම්වතාගේ චරිතය රඟදක්වන රොෂාන්ගෙන් අපි ඔහුගේ සත්‍ය ජීවිතේ ආදරය ගැන අහන්නට හිතුවා. “ඇත්තටම රොෂාන් රණවක කියන්නේ අද වෙනකොට සාර්ථක මනුස්සයෙක්.මිනිසුන්ට සාර්ථක වෙන්න එයාලා කැමති ආදරේ ජීවිතයට ලැබෙන්න ඕන . මගේ බිරිඳ කුශ්ලානි කියන්නේ මිනිසෙක් ලැබිය යුතු ආදරණීය ගැහැනියක්. ඇය මගේ ජීවිතයේ සෙවනැල්ල වගේ මගේ සාර්ථකත්වයට උදව් දුන්නා . සමහර වෙලාවට මට මඟහැරෙන ගොඩක් දේවල් මතක් කරලා දෙන්නේ කුෂ්ලානි. ඇතැම් වෙලාවල් වල රසිකයන්ගෙන් එන ඇමතුම්වලට මට කතා කරන්න වෙලාවල් පවා වෙන් කරලා දෙන්නේ ඇය. ඒ තේරුම් ගැනීම සහ ආදරය නිසාම මට මේ ගමන යන එක පහසු වුණා. කොහොමටත් ඒ වගේ ආදරයක් ලබන්න මං පිං කරලා ඇති. කතාවටත් කියනවනේ හැම සාර්ථක මනුස්සයෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවා කියලා. ඉතින් මගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නේ කුෂ්ලානි.

රොෂාන් කියන්නේ කඩවසම් බව ගොඩක් කාලයක් එක දිගට රැකගත් තරුණයෙක්. ඒ ගැන විමසද්දී ඔහු ප්‍රකාශ කළේ මේ විදියට. මම මගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතන කෙනෙක්. ව්‍යායාම් වලට මුල්තැන දෙන මම මගේ ආහාර ගැන සැලකිලිමත් වෙනවා. පලතුරු, ධාන්‍ය, වගේ ගුණ දේවල් මං මගේ ආහාරයට එකතු කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි කෙනෙක්ගෙ රූපයට ඔහුගේ මානසික සතුටක් බලපානවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට මානසික සැහැල්ලුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. ඉදිරියට බලාපොරොත්තු වෙන්නෙත් මේ ජීවිතය මේ විදිහටම සාර්ථකව සතුටින් ගෙවන්නයි.

About the author

Prasad

Leave a Comment