Article

ලංකාවම කතා කරපු මද්‍යවෙදියා දිනිතිගේ අමුතු හැසිරීමට රෙදි ගලවෙන්නම කියපු දේ

Written by Prasad

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වගේම මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඇයගේ ප්‍රධාන වෘත්තිය වෙන්නේ රංගනය නම් නොවේ.ඇය මේ පහුගිය දින කිහිපය තුළ නම් අපට නිර්මාණයක් තුළින් දැක ගන්න ලැබුණේ නැහැ. ඒත් ඇය පවසන ආකාරයට වර්තමාන කාලයේනම් ඇය අතිශයින් කාර්යබහුලයිලු. ජයප්‍රකාෂ් සිවගුරුනාදන්ගේ “කොළඹ ඉතාලිය” ටෙලිනාට්‍යයේ “හංසිගේ” චරිතයෙන් දිනිති ආයෙත් අපේ ආලින්දයට ගොඩවෙනවා. ඊට අමතරව සංජය නිර්මාල්ගේ BTS(behind the shadow) ටෙලි නාට්‍ය රූපගත කිරීම්වලට සහභාගි වෙන අතරේ, නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ෂැඩෝ ටෙලි නාට්‍යයේ ද චරිතයකට ඇය දායක වෙනවා.

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවත් පලවුනා. ඇය මේ මෑතක බොහෝ සෙයින් කථා බහට ලක්වුනා.පසුගිය කාල වලදීත් ඇය බොහෝ සාකච්ඡා වලදී ඇය දෛර්යයවන්ත කාන්තාවක් බවත්, ස්වාධීන කාන්තාවක් බවටත්, ස්වාධීන මත පළ කරපු හින්දා ඇය ගැන කොහොමටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පණ්ඩිත ගැහැනියක් විදිහට බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. මේ මෑතම කාලයේ ඇය ගැන නැවත කතා කරන්න පෙලඹුණේ එක්තරා විනෝදාත්මක රූපවාහිනී වැඩසටහනක දී නිවේදකයා සහ ඇය අතර වුණු එක්තරා කතාබහක් හේතුවෙන්. එම වැඩසටහන මෙහෙයවන්න ඇයගෙන් එක දිගට එක් එක් ආකාරයේ ප්‍රශ්න අසන්නට යෙදුණා. පිළිතුරු ලබා දුන්නේ මදක් වේගවත් ස්වරූපයෙන්. එම නිසා දෝ නිවේදකයා පහත් ආකාරයෙන් ඇගෙන් විමසීම් කරා.

ඔයාට මම ප්‍රශ්න අහන එක වදයක්ද? මට පුළුවන් මේ අනිත් පස් දෙනාගේම ප්‍රශ්න අහලා ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව ඉන්න.”අවස්ථාවේදී ඇයට පිළිතුරු විදිහට ප්‍රකාශ කරන්නේ අනේ ඒ මගේ හැටි ගොඩක් අය කියනවා මම පණ්ඩිතයි කියලා. නමුත් එහෙම නෙමෙයි මගේ හැටි විදියට.කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍යයක ඒ හැසිරීම පෙන්නුම් කරන්න එපා. මේක ප්‍රසිද්ධ මාධ්‍යයක් ඒ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ කවදාවත් ඒ හැසිරීම පෙන්නුම් කරන්න එපා. ඔයා දෙන උත්තරත් එක්ක කෙනෙක් සමහරක් විට ඔයාගේ image එක ගැන වෙනත් වෙනස් විදියට හිතන්න පුළුවන්.

මේ සංගීත කණ්ඩායම ,මම ඇතුළු පිරිස ඔයාව කවුද කියන්න දන්නවා. නමුත් අලුතින්ම බලන කෙනෙක්ට ඔය image එක ගොඩ නගන්න එපා. මෙතන ඉන්න presenter කෙනෙක් එක්ක ගැටෙන සුලු ආකාරයේ අදහස් ප්‍රකාශ කළොත් පිටින් ඉන්න කෙනා ඕක ගණන් ගන්නේ වෙනත් විදිහකට”
ඒ විදිහට තමයි නිවේදක මහතා ඇයට ඇගේ පුංචි ආඩම්බර කම වෙනුවෙන් අවවාදයක් ලබා දුන්නේ. මේ පිළිබඳව ගොඩක් අය නිවේදක මහතාට ස්තූති කලා වගේම මේ හෙළාදැකපු අයත් ඉන්නවා. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ කොන්ද කෙලින් තියාගෙන ගමනක් යන දිනිති අපි සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment