Article

ලංකාවේ තරුණියන්ගේ සිහින කුමරා ඉෂාර මදුශාන් පේරාදෙණිය සරසවියෙන් උපාදිය ගත් හැටි

Written by Prasad

වර්තමානයේ තරුණියන්ගේ සිහින කුමාරයා තමයි ඔහු.” දෙවෙනි ඉනිමේ රදිෂ් එහෙමත් නැත්නම් ඉෂාර මධුෂාන්.වර්ථමාන කලා ලෝකය ගත්තහම ජනප්‍රිය චරිත නම් බොහොමයක් ඉන්නවා. ඒ අතරින් බොහොමයක් චරිත ආධුනිකව රංගනයට පිවිසුන අය කිව්වට ඒකෙ වරදක් නැහැ. ඒ වගේ කලා ලෝකයට පායපු තරුණියන්ගේ සිත් සොරාගත්තාවූ තවත් එක් දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු නමින් ඉෂාර මධුෂාන් වුණත් ඔහු ගොඩක් අය දන්නෙ රදීශ් කියන නමින්. ඉනිම ටෙලිනාට්‍ය ළිහිනිගේ පෙම්වතා තමයි ඔහු. අද වෙනකොට ගොඩක් තරුණියන්ගේ සිහින කුමාරයා තමයි ඔහු.

රංගන ශිල්පියෙක්ට අමතරව ඔහු ලංකාවේ දක්ෂ ගණිතය ගුරුවරයෙකුත් වෙනවා. ගොඩක් ළමයින්ගෙ නැණනුවණ පාදවන්න ඔහු ඔන්ලයින් මාර්ගයෙන් නොමිලේ පන්ති පවත්වනවා. තමන්ගේ සරසවි සිහිනය ද සැබෑ කරමින් ඉංජිනේරු පීඨයට තේරුන ඔහු ජීවිතයේ නව පිටුවක් පසුගියදා පෙරළුවා. රංගන ශිල්පියෙකුත් ගුරුවරයෙකුත් විදිහට කටයුතු කරන ඔහු පසුගිය දිනක ඔහුගේ උපාධිය සම්පූර්ණ කරමින් ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල මුදාහැරලා තිබුනා.ඔහුගේ ඒ ඡායාරූප පෙළ පහතින් අපි උපුටා දක්වා තිබෙනවා.

About the author

Prasad

Leave a Comment