Article

වන මෘගයෝ එකතුවෙලා මගෙන් ප්‍රයෝජන ගත්තා.මට ජිවිතේ දුන්නේ අලුත් සැමියා ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී

Written by Prasad

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ගත්තහම ජැක්සන් ඇන්තනීගේ පවුලට හිමිවෙන්නේ ප්‍රධාන ස්තානයක්. ඒ පවුලේ ඉන්න එකම දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඉතින් මේ විදියට හැමෝම අතර ප්‍රසිද්ද චරිතයක් වුන මාධවී උපතලබන්නේ 1988 වසරේ අගෝස්තු 06 වනදා. මේ වනවිට මාධවීට වයස වුරුදු 33ක් පමණ වනවා. මාධවී මුලින්ම විවාහ වෙන්නේ ආලෝක ලියනගේ සමග ඒ 2010 වසරේදී. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. මාධවී සහ ආලෝක 2016 වසරේදී පුද්ගලික හේතු කිහිපයක්මත වෙන්වෙනවා, ඉන්පසු ඇය විවාහ වෙන්නේ මිලාන් ධනංජය සිල්වා සමග ඒ 2019 වසරේදී.

රංගනයට, ගායනයට, නිවේදනයට විතරක් නෙවෙයි ඇය රසට උයන්නත් දක්ෂයි. කුඩා කාලයේම ඇය මවගේ සහ පියාගේ ආභාෂය ලබමින් හපන් පැදුරේ ළමා ගායිකාවක් විදිහට ප්‍රේක්ෂක ආදරය ලබා ගත්තා. එවක පටන්ම අද වෙනකම්ම ඇය කලාවත් එක්ක සමීප සබඳතාවයක් පවත්වනවා. මේ මෑත කාලයේ එක් උපන්දින සාදයක් නිසා ඇය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවලත් බොහෝ සෙයින් කතා කරා. කෙසේ වෙතත් ඇය ඉතා දක්ෂ තරුණියක්. සිය මවගෙන් දායාදයක් ලෙස ලැබුන ගායන කෞෂල්‍ය මැනවින් ගෙන ඇය විසින් කරපු ” ආදරය ඕනෑ කෙරේ” ගීතයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හම්බුනා. ඒක යූ ටියුබ් හරහාත් ඉතා වේගයෙන් ප්‍රචාරණය වුනා.

මාධවී කියන්නේ පළමු විවායෙන් අයින් වෙලා දෙවන වරට විවාහ වුන කෙනෙක්. ඇගේ පළමු සැමියා වෙන්නෙත් හේමසිරි ලියනගේ කියන කලා පවුලේම පුතෙක් වුන ආලෝක ලියනගේ.මාධවී තම පළමු විවාහය ගැන මේ වගේ අදහසක් තමයි දැක්වුවේ. ඒක වන මෘර්ගයින් මගේ හිත හොඳකම ප්‍රයෝජනයට අරගෙන එයාලගේ ව්‍යාපාර දියුණු කරගත්තා. මගේ ජීවිතේ එක තැන නතර වෙලා තිබුණා. ඒ ගෙවිච්ච මගේ අවුරුදු දහය අපරාදයක්. ඒ කොහොම වුනත් මම ඒ ගෙවිලා ගිය නාස්තිවුන කාලය ගැන හිත හිත පසුතැවෙන්නෙ නෑ.

මොකද ඒ හේතුව නිසා හරි මම දියුණු වුනානෙ.ඒ වගේම කියන්නම ඕනේ මගේ ආදරණීය සැමියා එයා තමයි මට ජීවිතේ දුන්නේ. මට නැතිවුන මාව හොයලා දුන්නෙ. සැමියා බිරිඳ කියලා අපි වැඩ බෙදාගෙන නෑ. අපි දෙන්නාට දෙන්නා සහයෝගයෙන් වැඩ කරගන්නවා. සමහර වෙලාවට රෙදි හෝදන කරන, ගෙවල් දොරවල් අස් කරන ඒවා එයා අතින් පවා වෙනවා. ඉතිං එයාව මතක් කරන්නම ඕනෙ. මේ අලුතෙම් ඉපදිලා ඉන්න මාධවීව ගොඩ නැගුවේ එයා.අපිත් මේ ආදරණීය කැදැල්ලට සුබ ප්‍රාර්ථනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment