Article

විවහාවුනාට පස්සේ මම ලස්සනවෙලා මගේ සැමියා තමයි මාව ලස්සන කරන්නේ ගෙදර ඉදන්ම මාධවී වත්සලා

Written by Prasad

ඇන්තනී පවුල කියලා කීවොත් අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම ඒ පවුල අපේ රටේ ප්‍රසිද්ධ කලා පවුලක්. පුතුන් දෙදෙනෙක් සමග ඇන්තනී පවුලේ ඉන්න සුන්දර වගේම එකම දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ. ඇය හැකියාවන් කිහිපයකින්ම සමන්විත තරුණියක්. මාධවී කියන්නේ හැම වෙලාවකම සුන්දරව ඉන්න උත්සාහ කරන චරිතයක්. විවාහයෙන් පස්සේ ඇය තවත් ලස්සන වෙලා කියලා ගොඩක් අය කියන දේ ගැන ඇය අදහස් දැක්වුවේ මේ විදිහට.

ගොඩක් අය කියනවා මම මැරි කරාට පස්සේ හිටියටත් වඩා ලස්සන වෙලා කියලා. ඒකට සම්පූර්ණ ගෞරවේ අයිතිවෙන්න ඕනේ මගේ හස්බන්ඩ් මිලාන්ට. මොකද එයා තමයි” මාව මේ තරම් සතුටෙන් තියන කෙනා. මොකද එයා මගේ ජීවිතේට ආවට පස්සෙ මගේ ජීවිතේ හිතපු නැති විදියට ලස්සන වෙන්න ගත්තා. ආදරය, සෙනෙහස, රැකවරණය, සොයා බැලීම, හැමදේම එයා මම වෙනුවෙන් දෙනවා. ඒවත් එක්ක ජීවත් වෙද්දී මම තවත් සුන්දර කෙනෙක් වෙන්න ගත්තා.නොගැලපීම් නිසා පළමු විවාහයෙන් මම වෙන්වුනා නමුත් කවදාවත් මම මිලාන්ව නම් අතහරින්නේ නැහැ.

ඒ වගේම මම මගේ සුන්දරත්වය රැක ගන්න උවමනා කරන දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. මම ආස මගේ සම නිදහසේ තියන්න. ඒත් මට ගොඩක් වැඩසටහන් එහෙම වෙනුවෙන් මේකප් කරන්න එහෙම සිද්ධ වෙනවා. කොහොම වුණත් උනත් ලස්සන කියලා කියන්නේ කෙනෙක්ගෙ නිරෝගී කම. ඒ නිසා මම නිරෝගීව ඉන්න පුළුවන් විදිහේ දේවල් අනුගමනය කරනවා. එළවළු, පලතුරු, පලා වර්ග, කනවා වගේම වගේ ම දෛනික ව්‍යායාම වලත් මම නිරත වෙනවා.

කාන්තාවකට සුන්දරත්වය අත්‍යවශ්‍යමද කියලා අහපු ප්‍රශ්නයට ඇය උත්තර දුන්නේ මේ විදියට.” කාන්තාවකට විතරක්ම නෙවෙයි පිරිමියෙකුට වුනත් සුන්දරත්වය කියන්නේ අවශ්‍ය දෙයක්. අපිට විතරකුත් නෙවෙයි ගහකොළ, සතා සිව්පාවා, කියන ඕනම දේකට සුන්දරත්වයත් තියෙන්න ඕන එතකොට තමයි ඒ දේවල් වල පැවැත්මක් තියෙන්නෙ. සුන්දරත්වය කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ආභරණයක්. හිත පිරිසිදු තමන්ව හොදින් තියන්න හදන හැම කෙනෙක්ම සුන්දරයි කියලයි මගේ විශ්වාසය.කවදටත් මාධවී කියන්නේ දක්ෂතාවලින් පිරුණ ආදරණිය සුන්දර තරුණියක්. අපි ඇගේ අනාගතයට සුබ පතමු.

About the author

Prasad

Leave a Comment