Article

විවහා උනාට දැනට නම් ලොකු වෙනසක් නෑ.සුපිරි මධුසමයක් ගෙවන ලඟදි විවහා වූ අසේකා විජේවර්ධන.

Written by Prasad

අසේකා විජේවර්ධන කියලා කියන්නේ නර්තන ලොව තුළ නමක් දිනාගෙන සිටින ආදරණීය නර්ථන ශිල්පිනියක් වනවා. ඇය ලංකාව තුළ වැඩි වශයෙන්ම ජනප්‍රියත්වයට පත්වී සිටින්නේ ඇයගේ නැටුම් කෞශල්‍ය නිසා මෙන්ම ඇගේ මව සහ පියා නිසයි. ඇයගේ පියා වන්නේ ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන මහතායි. ඇයගේ මවද ප්‍රවීණ නර්තන ආචාර්යවරියක්. ඒ උපුලී පණීභාරතයි. ඔවුන් දෙදෙනාගේ නැටුම් ආභාෂය එලෙසින් ම උරුම කරගත් අසේකා මේ වන විට නර්තන පාසලක් පවත්වාගෙන යනු ලබනවා.

ඉතිං පසුගිය දිනක දී ඇය ගැන වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ ඇගේ විවාහ මංගල්‍යය නිසයි.ඉතින් විවාහයෙන් පසු ඇයගේ අලුත්ම තොරතුරු ඇය මේ විදිහට පැවසුවා. දැන් අපි දෙන්නම විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයට හුරුවෙනගමන් ඉන්නේ, දැනට ලොකු වෙනසක් නෑ අපි ගොඩක් සතුටින් ඉන්නවා, අපි දෙන්නම දැනට පදිංචි වෙලා ඉන්නේ ජනික්ගේ ගෙදර, ජනික්ට ලස්සන පවුලක් වගේම ලස්සන තියෙනවා. පවුල සමග ගතකරන කාලය හරිම සුන්දරයි”ජනික් මට මීට් වෙන්නේ මගේ හිතවත් ඇන්ටි කෙනෙක් හරහා,

අපි ආදරේට ඇයට කියනේ ආන්ටි සැන්ඩි කියලා, එයාගේ හරි නම තමයි සන්ද්‍යා ජයසූරිය, ඉතින් දවසක් කතා කරද්දී ආන්ටි සැන්ඩි තමයි කිව්වේ මෙහෙම පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ජනික් මුලදී කතා කරද්දී මම එයාව වැඩිය දන්නේ නැති නිසා කතා කරන්න කැමති වුනේ නෑ, පස්සේ ජනික් මට කතා කරන්න ගත්තා, එහෙම දිගටම කතා කරද්දී අපි දෙන්නා ගොඩක් හිතවත් වුනා, දිනක්ෂි අක්කගේ වෙඩින් එක දවසේ තමයි අපි දෙන්න මුහුණට මුහුණ බලාගෙන කතා කලේ”මගේ සැමියා විදියට ජනිත් තෝරාගත්ත එක මම ගත්ත හොඳම තීරණ වලින් එකක්.

මම නම් කියන්නේ සෑම කාන්තාවකටම ලැබෙන්න ඕන ජනික් වගේ සැමියෙක්, මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනා සතුව තියෙන්න ඕන ගුණාංග හැම එකක්ම ජනික් ළඟ තියෙනවා. ජනික් ගැන දන්නා අය ඒ ගැන හොඳටම දන්නවා. මම ජනික් කෙනෙක්ගේ හිත රිදවනවා දැකලා නෑ එයා කිසිම කෙනෙක්ට නරකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම එයා මට වගේම මගේ පවුලටත් ගොඩක් ආදරෙයි”කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන් මේ දවස් වල තායිලන්තේ සුපිරි හොටෙලක ජයටම මධුසමය ගත කරන බවයි අපට දන ගන්නට ලබුනෙ.

About the author

Prasad

Leave a Comment