Article

විවහා වෙන්න කලින් අපි දෙන්නා එකම ඇදේ තමා නිදාගත්තේ අම්මලා අපි ගැන හිතලා එකට ඉඩදුන්නා මාධව විජේසිංහ

Written by Prasad

මාධව විජේසිංහ කියලා කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් තම නිවේදන කටයුතු අරඹා, අද මේ දින වන විටද දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයකු වගේම, රංගන ශිල්පියෙකු ලෙස ද සාර්ථක ගමනක් ආ තරුණයෙක්. මේ දිනවල නීල පබළු ටෙලි නාට්‍යයේ ආදිත්‍යගේ චරිතයෙනුත් අපිට ඔහුව දැකගන්න පුළුවන් වගේම, දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේත්, දෙරණ චැම්පියන් ස්ටාර් වේදිකාවේත්, නිවේදකයෙක් ලෙස ඔහු අප හමුවට එනවා. ඊට අමතරව ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසකට ද ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා.

කාලයක්ම බොහෝ ජනප්‍රිය වෙලා හිටිය, අදටත් ඒ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න මාධව විජේසිංහ විවාපත් වුනේ මේ මෑතකදී. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක් වන නදුනි සමගින්. මේ දෙදෙනා විවාහයට ඇතුළත් වෙන්නේ දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධයකින් වගේම අදටත් හරිම ආදරයෙන් ඉන්න යුවළක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි. එක් අවස්ථාවකදී මාධව යූ ටියුබ් නාලිකාවකට කියා සිටියේ විවාහයට කලින් නදුනි ඔහුගේ නිවසේ නැවතිලා හිටියා කියල.. පසුගිය ලොක් ඩවුන් කාලෙදී බෝඩිමට හිරවුණු ඇයව තම නිවසට එක්කාගෙන ආ බවත්, මුලදි නම් ඇයට තමාගේ සැප ඇඳ ලබාදී යකඩ ඇඳක තමාට නිදන්නට වූ බවත්, පසුව දෙමාපියන් තමන්ව තේරුම් අරගෙන එකම ඇඳක නිදන්නට අවසර දුන් බවත් ය.

මාධව නම් කියන්නේ දෙන්නෙක් බඳින්න කලින් එකට ඉන්න එක වැදගත් කියලා. ටික කාලයක් හරි එකට ඉඳලා බලන්න පුළුවන් දෙන්නට දෙන්නා ගැලපෙනවද කියලා. දෙන්නට එකට එක ගෙදරක එක වහලක් යට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අපේ රටවල් වල නම් මේ ලිවින් ටුගෙදර් කියන සංස්කෘතිය ඇහුවම ගොඩාක් අය ඊයා කියලා තමයි කියන්නේ. ඒක මට නම් හිතෙන්නේ ගොඩක් වැදගත් දෙයක් කියලා. මමයි නදුනිත් බඳින්න කලින් එහෙම හිටිය. අපේ අම්මල ඒ දේවල් තේරුම් ගත්තා.

අද කාලේ ගොඩක් අය කරන්නේ ෆේස්බුක් එකට ෆොටෝස් අප්ලෝඩ් කරන එක විතරයි. අපි නම් එහෙම කරේ නැහැ නමුත් අපි බැලුව එකට ජීවත් වෙලා අපි දෙන්නට ජීවිතේ ගොඩක් කාලයක් එකට ඉන්න පුලුවන්ද කියලා. දරුවෙක් හැදුවත් අපි එයාට මේ විදියට ඒකට විරුද්ධ වෙන්නේ නෑ. හේතුව තමයි සල්ලි ගොඩක් තියෙන කෙනෙක්ට වඩා, ගොඩක් කල් එකට ජීවත් වෙන්න පුළුවන් දෙන්නෙක් තමයි එකතු වෙන්න ඕනේ. නදුනිගෙ ගෙදරින් නම් මට මුලින් අකමැති වුණා. පස්සේ ඒ දේවල් ඔක්කොම හරි ගියා.

මට මතකයි අපි දෙන්නා මුලින්ම හම්බවෙන්න ගිය දවසෙ මං නදුනිට මොකුත්ම අරං ගියේ නැහැ. ඒත් එයා නම් මට තෑග්ගකුත් අරං ආවා. ඒ වගේ ආදරණීය මතක ගොඩක් අපි ගාව තියෙනවා.කෙසේ නමුත් මාධව නදුනි කියන්නේ සතුටින් ජීවත් වෙන යුවලක් කියලා පේනවා. මේ වසංගත සමයේ ගෙදර දොරේ වැඩ දෙදෙනාත් එක්ක කරන ආකාරය ඇතුළත් වීඩියෝ පට, ෆොටෝස්, වැනි දෑ ඔවුන් නිතර සමාජ ජලා ගත කරනවා. කෙසේ වෙතත් මේ ආදණීය, සුන්දර යුවලට අපි සුබ පතමු.

About the author

Prasad

Leave a Comment