Article

වෙන් වීමෙන් පසු ද ගෞරවය රැකීම ආදරයේ එක කොටසකි.අපේ රංගන ශිල්පිනිය උමාලී තිලකරත්න

Written by Prasad

අපි ඇයව හඳුනා ගන්නේ ඉතාමත් අහිංසක නිහඬ චරිතයක් විදියට. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු ඇය සමාජ මාධ්‍ය ජාලාවල පවා ගත කරන්නේ ඉතාමත් නිහඬ පිළිවෙතක්. නමින් උමාලී තිලකරත්න වන ඇය එක දක්ෂතාවයක් මත කොටු නොවූ දක්ෂතා කිහිපයකින්ම පරිපූර්ණ වුණු රංගන ශිල්පිනියක්. ඉතා යහපත් පවුල් පසුබිමකින් සහ හොඳ අධ්‍යාපනයක් ලබමින් කලාවට ආ ඇය ඉතා හරවත් නිර්මාණ සඳහා තම රංගන දායකත්වය ලබා දුන්නා. ඇය රංගන ශිල්පිනියක්, ගායිකාවක්, ගී පද රචිකාවියක්, නිරූපණ ශිල්පිනියක්, ව්‍යාපාරික කාන්තාවක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්ද වෙනවා.”

ආසයි මං පියාඹන්න, මහරජ ගැමුණු, නිනෝ ලයිව්, හීන හොයන සමනල්ලු, ඒලෙවල්, වගේ ප්‍රේක්ෂකයාගේ කතාබහට වැඩි වැඩියෙන් ලකුණු චිත්‍රපට කිහිපයක ද රඟපාන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම පුංචි තිරයේ දිග හැරුණු සම්මාන පිට සම්මාන ලබාගත් “බෝහිමියානුවා” නම් ටෙලි නාට්‍යයේ චරිතයක් ද නිරූපණය කරන්නට වාසනාව හිමිකර ගත්තා. රයිගම් සහ ජනාධිපති සම්මාන උළෙලවල් වල හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නට වගේම ඇයගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගැයු මෙන්ම හොඳම පසුබිම් ගායනයට හිමි ජනාධිපති සම්මානය ලබා ගන්නට පවා ඇය සමත් වුණා.

උමාලි තිලකරත්න පිළිබඳව පිළිබඳ ව වඩ-වඩාත් කතා කරන්නට මිනිසුන් පෙළඹුණේ සාරංග දිසාසේකරගේ සහ ඇයගේ විවාහය බිඳී යාමත් එක්ක. මේ වෙනකොට සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් සමග සමඟ විවාහ වෙලා ජීවත් වෙනවා. මෙසේ ඇය විවාහයෙන් වෙන් වෙලා ඉතා දීර්ඝ කාලයක් නිහඬව ගත කරාට පස්සේ ආයෙමත් ඇය ගැන කතාබහ කරන්න පෙළඹෙන්නේ ඇය දෙවන වරටත් විවාහ වෙනවා කියන ආරංචියත් එක්ක. ඒ පිළිබඳව ඇය ඇගේ ආදරණීය රසික රසිකාවන්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි විවාහය සඳහා ඇගේ පියාගෙන් ලැබෙන සුඛෝපභෝගී නිවසක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් ඇය ආදරේ කරන සියලු දෙනාගේම සුබ ප්‍රාර්ථනා මැදි විවාහ වෙන්න යනවා කියන කතාව නම් ඇත්තක්. ඉතින් ඒ ආදරණීය සුභ පැතුම් පණිවිඩ අතරේ ඇය මේ මෑත දිනක ඇගේ මුහුණු පොත හරහා අපූරු සටහනක් ඉදිරිපත් කර තිබුණා. ඒ “පින් දීමෙන් පසුවද ගෞරවය රැකීම ආදරයේ කොටසකි” යනුවෙනි.උමාකි සහ සාරංගගේ වෙන්වීම ගොඩක් ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ සිත් දුකට පත් කරත් ඇයි ඉතා ආදර්ශමත් විදිහට ඒ දුක දරාගත කාන්තාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ඇය ආරම්භ කරන්නට යන නැවුම් ජීවිතයට අපි සියලුම දෙනා එකතු වෙලා එකතු වෙලා සුබ ප්‍රාර්ථනා එකතු කරමු.

About the author

Prasad

Leave a Comment