Article

ශනුද්‍රි ප්‍රියසාද් 25 වෙනි උපන්දිනය ආදරණිය පෙම්වතා දිනේෂ් සමඟින් ජයටම සැමරූ හැටි.

Written by Prasad

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය ගායන තරුවක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ. ඔහු ගායනා කල වෙරළු මල් ගීතය මේ දිනවල ඉතාමත්ම ජනප්‍රියයි. ඒ වගේම ඔහු ගායනා කල බොහොමයක් ගීත ඔහුගේ රසිකයින් ආදරයෙන් වැළඳගත්තා. කොහොම වුනත් ඔහු හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කටකතා පැතිර යනවා.ඉතින් ඒ ගැන ඔහු පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.කවුද එහෙම කියන්නේ මම නම් දන්නේ නෑ ආරංචි වෙන හැමදේම ඇත්ත නෙමෙයි.

ගොඩක් කෙල්ලෝ විවාහයට කැමැති නෑ මම නං එහෙම නෑ මම ආසයි විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. මගේ හොඳම යාළුවා ෂනුද්‍රි ප්‍රියසාද්. අපේ ඒ යාළුකමට දැන් අවුරුදු හතරක්. මගේ රසා ගීතය විකාශය වුණාට පස්සේ එයා මට එස්එම්එස් එකක් එවලා ඒකට ප්‍රතිචාර දැක්වූවා සින්දුව ලස්සනයි කියලා. එදා ඉඳන් අපි අතර ඒ යාළුකම විදිහටම තියෙනවා. මම ආදරය කරන්න ආදරය විඳින්න පුදුම විදිහට ආස කෙනෙක් මම කැමති ඉක්මනින් විවාහ වෙන්න මොකද මම පවුලකට කැමතියි පෙම්වතෙක් ද නැද්ද කියන එක ඉදිරියේදී කියන්නම්.

කාලයත් එක්ක ජීවිතයේ හොඳම දේවල් හොඳම විදියට සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා ඒ නිසා මේ ගැන දැනට කිසිවක් කියන්න මම කැමැති නැහැ”කියලයි ඔහු නම් පවසන්නේ නමුත් ඔහු යන එන හැම ශානුද්රිවත් එක්කන් යන බවයි හැමෝම කියන්නේ. කොහොම නමුත් ශානුද්රි කියන්නෙත් තරුණ පරපුරේ ජනප්‍රිය තරුවක් කියලා කියන්න කියන්න පුළුවන්. ඒ වගේම බොහෝ දෙනාගේ ආදරය ලබන රංගන ශිල්පිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ප්‍රියසාද් පවුලේ ඉන්න බාලම දියණිය තමයි ශනුද්‍රි ඉතින් ඇයට පොඩි කාලේ ඉඳලම දෙමාපියන්ගේ වගේම අක්කලා දෙන්නගේ ආදරෙත් නොඅඩුව ලැබුනා.

ශනුද්‍රි ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුනේ සමාජ මාධ්‍ය ඔස්සේ.ඉතින් මේ හැන්ගි හැංගි යන අදර කතාවට අපි හදවතින්ම සුභ පතන ගමන් ඉතින් පසුගිය අට වෙනිදා ශනුගේ විසි පස්වෙනි උපන්දිනය යෙදිලා තිබුනා. ඇය උපත ලබන්නේ 1997 වර්ෂයේ සැප්තැම්බර් 8 වෙනිදායි. ඇයගේ උපන්දිනය දවසේ හිතුවෙවත් නැති විදියේ සප්‍රයිස් එකක් දෙන්නත් දිනේෂ් අමතක කරලා තිබුනේ නැහැ. එහි විඩියෝවකුත් දැන් සෝෂල් මිඩියා වල හැම තැනකම තියනවා.දිනේෂ්ගේ උපන්දිනය දවසේදීත් ශනුද්‍රි ඔහුව පුදුමයට පත්කරමින් පාර්ටි එකක් සුදානම් කළා වගේම ඊට දෙවනි නොවෙන්න ද්නේෂුත් ශනුව පුදුම කරලා තිබුනා. මෙහි විශේෂම දෙයක් තමයි දිනේෂ්ගේ උපන්දින කේක් එකේ පලවෙනි කෑල්ල කැව්වේ ශනුට. ඉතින් ඇයගේ උපන්දිනේ දවසෙත් පලවෙනි කේක් කෑල්ල කැව්වේ දිනේෂ්ට.\

About the author

Prasad

Leave a Comment