Article

ශේවින් නැතිවුණු දුක මට නැතිකලේ දුලාජ් මම දුලාජ් සමග විවහාවුනා රටම කතා කල සාමා අලුත් සැමිය ගැන කියන දේ

Written by Prasad

සාමා ශේවින් ආදර කතාව ලංකාවේ මේ වන විට නොදන්න කෙනෙක් නැති තරම්.මොවුන් බෙහෙවින් ජනප්‍රිය වුයේ සමාජ මාධ්‍ය හරහා වෙද්දි ඔවුන්ගේ ආදරය සීඝ්‍රයෙන් බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වුයේ ශේවින්ගේ මරණයත් සමඟ.කෙටි කාලයක් සමාජ මාධ්‍යයෙන් ඈත් වු මේ ආදර කතාව අද වන විට නැවත කරලියට පැමිණ අවසන්.

ශේවින් සාමා ආදර කතාව ජිවිතේ විදින දෙදෙනෙකු ලෙස සමාජය දැක්කේ ඔවුන් පිලිබඳ පල වු ඡායාරූප විඩියෝ පට නිසා. ශේවින් කියන්නේ රූපයෙන් මෙන්ම ගතිගුණ වලින්ද බොහෝ සුන්දර පිරිමියෙක් කිවොත් නිවැරදියි. ඔහු මෙන්ම සාමාද රූමත්ය. කෙසේ වුවත් ශෙවෝන් සාමා ආදර කතාව කෙටි කාලින ආදර කතාවක් වුයේ ඒ සුන්දර ආදර කතාවට කෙටි ආයුෂ හිමි කරමින්.

කවුරුත් නොසිතු ලෙස ශෙවෝන් මෙලොව හැර යන්නේ ගොඩනැගිල්ලකින් බිමට ඇද වැටීමෙන්. තත්වය බරපතල වුවත් ශේවින් මෙළොව හැර යයි කියා කිසිවෙකුත් සිතුවේ නැත. නොසිතු දෙයක් සිදු කරමින් ශෙවෝන් මොළොවින් සමු ගන්නේ සාමාට ඒ වියෝව දාරගත නොහැකි ලෙස මතක ගොන්නක් ඉතුරු කරමින්. ඇය සමාජ මාධ්‍ය තුළ ඇගේ දුක වීඩීයෝ පට ඔස්සේ බෙදා ගත්තේ බොහෝ හදවත් සසල කරමින්. කෙසේ වුවත් සාමා ගැන මේ වන විට නැවත කතා වෙන්නේ ඇය අලුත් ප්‍රේමයක පැටලි විවාහයකට යොමු වු නිසයි.

මේ සිදුවීමත් සමගම නූතනයේ යෂෝධරා ලෙස ඇයව හඳුන්වමින් ඈට නම්බු නාම දුන් ඇතැම් අයවලුන්ම ඇයට නින්දා අපහස කරන්නටද පසුබට වූයේ නැත. එහෙත් සාමා හෝ දුලාජ් ඒ කිස්වක් ගනනකට ගත්තේ නැත. ඔවුන්ට ඒවා අදාල වූයේද නැත.දුලාජ් හා විවාහ වු සාමා මේ වන විට සාමාජ මාධ්‍ය හරහා ඡායාරූප මෙන්ම විඩියෝ පට සමාජ ගත කර අවසන්. සාමා දුලාජ් ගැන දරන්නේ මෙ වගේ මතයක්. දුලාජ් කියන්නේ ශෙවෝන් නැති වුන දුක මට නැති කරගන්න උදව් කරපු යාළුවෙක්. වෘත්තියෙන් දුලාජ් ටැටු ආර්ටිස් කෙනෙක්.⁣ මුහුණු පොත හරහා තමයි අපි මුලින්ම කතාබහ කලේ.ඉතින් දුලාජ් කියන්නේ ගොඩක් හොද කෙනෙක්.”

ශෙවෝන් මිය ගොස් වසරක් පිරීම නිමිත්තෙන් ඔහුට පින් අනුමෝදම් කරන්නට සාමාට මෙවර උපකාර කරන්නේ ඇගේ වත්මන් සැමියා වන දුලාජ් විසින්. ඒ ගැන ඇය අදහස් ප්‍රකාශ කර සිටියා.සාමා දුලාජ් සමඟ විවාහ වුවත් ඇය කියා සිටියේ,”අපි දෙන්නා අදටත් ශෙවෝන් වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒකට මට දුලාජ්ගෙන් ලැබෙන සහය ගැන කියා නිම කරන්න බෑ. ඔහු මගේ.වාසනාවකට ලද කෙනෙක්.”යනුවෙන්.කෙසේ වෙතත් අපි නව යුවලට සුබ පැතුම් එක් කරමු.

About the author

Prasad

Leave a Comment