Article

සංගීතේ නිශානි ටීච තිසංක සර් සමගින් ගෙවන ඇත්තම ජිවිතේ චායරුප මෙන්න

Written by Prasad

“සංගීතයේ” නිශානී ටීචර් කීවම ඉතිං කවුද නොදන්නේ. සුන්දර ගායන ශිල්පිණියක් වගේම, අද වනකොට රංගන ශිල්පිණියක් ද වන ඇය නමින් හන්සිනි විමලසිරිය.මගේ ගම තිස්සමහාරාමය. ඒකත් ලංකාවේ හරිම සුන්දර පැත්තක්. ඒත් වෙන කොහේ හරි යනවා නම් මං යන්න ආසයි නුවරඑළියට. ගිහිල්ල දවසක් දෙකක් ඉඳල එන්න ගොඩක් ආසයි. තිස්සමහාරාමය වගේ පැත්තක හිටපු මට නුවරඑළිය කියන්නෙ ටිකක් වෙනස් දේශගුණයක් තියෙන පැත්තක්නෙ. ඒ නිසාම ඒ වෙනසට මම ආසයි. මම යන්න ආස කරන රටවල් ගොඩක් තියෙනවා. ඒව අතරින් නවසීලන්තයට සහ කැනඩාවට මම ගොඩක් කැමතියි.

යන්න ආසම කාලය ගත්තොත් පොඩි කාලෙට යන්න යන්න ගොඩක් ආසයි. ඒ අතරින් පාසල් කාලය කියන්නේ සුන්දර කාලයක්. මූලික අධ්‍යාපනය ලැබූවේ දෙබරවැව ජනාධිපති ප්‍රාථමික විදුහලේයි. උසස් අධ්‍යාපනය ලැබූවේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේයි. පාසල් යන කාලෙ මම කම්මැලි ළමයෙක් නෙවෙයි. පාසලේ වැඩ කටයුතුත්, බාහිර වැඩ කටයුතුත් දඟ වැඩ කරලා කෝටු පාරත් කාලා තියෙනවා. පාසල් කාලයේදී ඒ මතකයන් අතරට ගොඩක් සුන්දර දේවල් එකතු කරගත්තු කෙනෙක් මම. ඒ කාලෙත් සෙල්ලම් කරන්න ගොඩක් ආසයි. හැමවෙලේම දිනන්න තමයි බැලුවේ. මම පරදින්න ආස නැහැ. දැනුත් මම සෙල්ලම් කරන්න ආසයි. මේ මෑතක ලූඩෝ ගේම් එක පවා මම සෙල්ලම් කරා.

කවුරුහරි මට තෑග්ගක් දෙනවා නම් මම ආසයි ඔරලෝසු, ඇඳුම් වගේ දේවල් වලට. පහුගිය දවස් ටිකේ නම් මං ෆැෂන් කරන්න කොච්චර ආස වුනත් ටිකක් සීමා කරගෙන හිටියා. මොකද මගේ බබා ගොඩක් පොඩි නිසා. නමුත් කවුරු හරි මට දෙනවනම් ගැලපෙන සපත්තු, ඇඳුම්, කරාඹු වගේ දේවල් තෑගි ලැබෙනව නම් මම කැමතියි. ඒ වගේම තව කෙනෙක්ට තෑගි දෙනවා නම් ඇඳුම් වගේ දේවල් දෙන්න මම කැමතියි. එහෙම නැත්නම් පොත් කියවන්න ආස කෙනකුට පොතක් වගේ දෙයක් තෑගි දෙනවා. දෙන කෙනාට ගැලපෙන තෑග්ගක් තමයි දෙන්න ආස.අහන්න ආස කරන සින්දු මොනවද කිව්වොතින් ගොඩක් සින්දු තියෙනවා. නමුත් ගායක ගායිකාවන් විදියට ගත්තහම අමරසිරි පීරිස් මහත්මයාටත්, නන්දා මාලනී මහත්මියටත්, ටී එම් ජයරත්න මහත්මාටත්, උමාරියා මහත්මියටත් ගොඩක් ආසයි වගේම මම ආස කරන තව හඬක් තමයි නවීන් දිල්ෂාන් ගේ හඬ.

මේ කාලේ නම් ඉතිං අපිත් අනිත් අය වගේම ගෙදරට වෙලා තමයි කාලය ගත කළේ. මේ කාලේ ඉතින් අපි ගෙදරට වෙලා සිංදුව ඇහුවා, යූටියුබ් එකේ බලාගෙන අපි දෙන්නා එක්ක එකතුවෙලා කෑම වර්ග හැදුවා. හදල ඉවර වෙද්දි නම් හදපු කෑම නෙවෙයි අලුත්ම කෑම වර්ගයක් තමයි හැදුනේ. ඒත් ඉතිං ඒවා රසට තිබ්බා. ඒ වගේම දුවත් එක්ක නිදහසේ සතුටින් වැඩි කාලයක් ගත කළා . මගේ සංගීත වැඩ කටයුතුවලට වැඩි කාලයක් යොදවන්නත් පුළුවන් වුණා. යාලුවෝ එකත් ඉතින් දුරකථන ඇමතුම්වලින් වැඩි වැඩියෙන් කතා කරා. ” මේ දවස්වල කොහෙවත් යන්න නෑ නේද ගෙවල් වලට හිර වෙලා නේද කියලා කතා වුනා.”බබාල ඉන්න අම්මල එක්ක බබාලා ගැන කතා කරා. එහෙම තමයි මේ කාලේ ගෙවිලා ගියේ.අනාගතයේ මගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන, කාටවත් අපෙන් කරදරයක් නොවී, අපිට පුළුවන් විදියට හැමෝටම උදව් උපකාර කරගෙන, මගේ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

About the author

Prasad

Leave a Comment