Article

සැමියා උනාට පුබුදුගේ direction එක්ක වැඩ කරන්න ඇත්තටම මට බය හිතෙනවා මාෂි සිරිවර්දන

Written by Prasad

Nibm විශ්ව විද්‍යාලයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් ඇය ලංකාවේ ජනප්‍රිය වෙනවා. පසුව ඇය ලංකාවේ ජනප්‍රිය නළුවෙකු වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන පුබුදු චතුරංග සමගින් විවාහ පත් වෙමින් තවදුරටත් ලංකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. නිරූපණ ශිල්පිනියක් ලෙසින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වෙනකොට තමන්ගේ පළවෙනි චිත්‍රපටයට දායකත්වය ලබාදීලා තියෙනවා. ඇය රංගනයෙන් දායක වෙන්නේ තමන්ගේ සැමියා වන පුබුදු චතුරංග ගත් සමගමයි. පසුගිය දිනක එහි මුහුරත් උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඇය රංගනය ගැන වගේම තමන්ගේ සැමියා ගැනත් අදහස් පළ කළේ පහත ආකාරයෙන්.

ඇත්තටම මේ එක පටයේ නම වෙන්නේ මායා ජාල. මේක මගේ ජීවිතයට ලැබිච්ච ගොඩක් සුවිශේෂී අවස්ථාවක්. ගොඩක් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න මගේ නිෂ්පාදක වරුන්ට වුවමනා වුණා. චිත්‍රපටයේ චරිතය ගැන මම තවමත් කියන්න දන්නේ නැහැ. ඒ ඉදිරියේදී තමයි බලාගන්න වෙන්නේ. චරිත මොන වගේ වුණත් මම හිතනවා මේක සුවිශේෂී සහ ලස්සන වැඩක් වේවි කියලා. ජාත්‍යන්තර තළයට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

පුබුදු එක වැඩ කරන එක සාමාන්‍ය ජීවිතයේදී නම් ලේසි දෙයක්. නමුත් එයාගෙ direction එක්ක ක්ෂේත්‍රයට ආවට පස්සෙ ටිකක් බයයි. මට මොකද එයා ක්ෂේත්රයේ ප්‍රවීණ චරිතයක්. අත්දැකීම් බහුල කෙනෙක්. ඒ නිසා මං එයාගෙ ඩිරෙක්ෂන් එක්ක වැඩ කරන්නනම් ගොඩක් බයයි ක්ෂේත්‍රයේදී. මම මේ වෙලාවේ අපේ නිෂ්පාදක තුමාව සහ තුමියව මත්ක් කරන්න වගේම ස්තූති කරන්නත් කැමතියි. ඒ වගේම අපේ කණ්ඩායම අදරෙන් මතක් කරන්න කැමතියි. වගේ මම මගේ උපරිම සහයෝගය පුබුදු ලබා දෙනවා කියලත් මේ වෙලාවේ කියන්න කැමතියි. කලා ලෝකයට අලුතින් පායන තාරකාවක් වන ඇයටත් ඇගේ සැමියාට වගේම මායා ජාල කණ්ඩායමටත් අපි සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment