Article

සැමියා කැමති නැහැ මම රගපානවට ඒ නිසා මම ගෙදරටම නාකි වෙනවා දැන් වත්සලා දියලගොඩ දුකින් කියන දේ

Written by Prasad

මිස් ශ්‍රී ලංකා ලෙස කිරුලු පළඳිමින් ක්ෂේත්‍රයට පැමිණි, මුතු කිරිල්ලී ඔස්සේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ නොමද ආදරයට පාත්‍ර වුනු සුන්දර දඟකාර තරුණියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. කාලයක් තිබුණා ඇයව පුංචි තිරයට නැතිවම බැරි. ඇගේ රංගන ජීවිතයේ ගමන් මග වෙනස් කරේ මුතු කිරිල්ලී ටෙලිනාට්‍ය කියලා කීවොත් නිවැරදියි. නමුත් වසර කිහිපයක් තිස්සේම ඇය වැඩිය පේන්නෙ හිටියේ නැහැ.අපේ පවුලේ පළවෙනි දරුවා තමයි මම. මම ඉපදෙද්දී ගොඩක් සුදුයිලු. මාව හම්බ වෙද්දි අම්මට අවුරුදු 19යි තාත්තට අවුරුදු විස්සයි ලු. මට පස්සේ තමයි නංගී මල්ලී ඉපදිල තියෙන්නෙ.

පොඩි කාලේ ගැන මතක් කරොත් මම හරි ආසයි උපන්දින සමරන්න. අපි ඉඳලා තිබුණ නිවාස සංකීර්ණයක. ඒ පැත්තේ හිටපු හැමෝම මගේ උපන්දිනය ගැන දන්නවලු. ඒකට හේතුව මම මගේ උපන්දිනය ගැන හැමෝටම කියන එකලූ. ඒ ඉන්න හැමෝගෙන්මත් මට තෑගි ලැබෙනවා. පොඩි කාලේ කවුරුත් ආසයිනේ තෑගි හම්බෙනවට. අපේ අම්මගේ පවුලටත් තාත්තගේ පවුලටත් හිටපු ලොකුම දරුවා මම. ඒ ආදරේ මම තනියම ගොඩක් විඳලා තියෙනවා. ඒ වගේම උපන්දිනේට එහෙම හැමෝගෙන්ම මට තෑගි හම්බෙනවාලු.

ඒ කාලේ ඉතිං උපන්දිනයක් කියන්නේ ජයටම සමරනවා, කේක් කපනවා, ඕවගේ දේවල් තියෙනවා. විතරක් නෙමේ ටික ටික ලොකු වුනහම ගෙදරට යාළු වෙනවා සින්දු කියලා නටලා නේ කාලෙ තමයි ඇත්තටම ලස්සනට උපන්දින අපි සැමරුවේ.මම ඒ කාලේ ඉඳලා ගොඩක් ආසාවෙන් හිටිය මගේ විසි එක් වෙනි උපන්දිනය ජයටම සමරන්න. ඒත් ඒ දවස් වල මම මගේ විවාහයට සූදානම් වෙන ගමන් හිටියේ. ඒ නිසා මට උපන් දිනය සමරන එක ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ.

මම විවාහ වුණේ අවුරුදු විසි එකෙන්. දැන්නම් හිතෙනවා අපි නිකම්ම ගෙදරට නාකි වෙනවදෝ කියලත්. අගෝස්තු මාසේ විසි දෙවැනි දා ගම්පහ ප්‍රදේශයේදී තමයි මගේ විවාහ උත්සවය ගත්තේ. විසිඑක් වන උපන්දිනය ජයට සමරන හීනය හැබෑ කරගන්න බැරි වෙච්ච නිසා තමයි මම මගේ තිස් වැනි උපන්දිනය ගොඩක් ලස්සනට සැමරුවේ. එදා නම් මම දන්න කියන යාලුවෝ ගොඩක් අයට ආරාධනා කරලා කාලා බීලා ගොඩක් සතුටු වුණා. ඒ වෙද්දි නම් මට මගේ බබාලත් හම්බෙලා තිබුණේ.

දැන් නම් මේ රටේ පවතින තත්වය අත් එක්ක උපන්දින ගන්න නෙවෙයි පවුලේ අයව අයව හමුවෙන්නත් අවස්ථාවක් නැති ගානයි. නංගිත් විවාහ වෙලා වෙනම ඉන්නේ. අම්මයි තාත්තයි මල්ලියිත් එහෙමයි. තුන් ගොල්ලෝ ගෙවල් තුනක තමයි ඉන්නෙ. දැන් ඉතින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ හැමෝටම එකට එකතු වෙලා සතුටින් ඉන්න ලැබෙන කාලයක් උදා වෙන්න කියලා තමයි. කලා කටයුතු ගැන කිව්වොත් මම කලාවට නම් වැඩිය දැන් සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ සැමියාත් ඇත්තටම මං කලාවට සම්බන්ධ වෙනවට කැමති නෑ.

එක දුකට කාරණයක් වුනත් සමහර වෙලාවට පවුල වෙනුවෙන් අපිට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. පූර්ණකාලීනව රංගනයෙන් ඉවත්වෙලා නොසිටියත් හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා. සමහර වෙලාවට හිතෙනවා අපි අපේ කාලය නිකරුනේ කාලා දානවදෝ කියලත්. කොහොම උනත් එකේ වුනත් ඉතින් මේ වසංගත තත්ත්වයෙන් මිදිලා රටක විදිහක් වෙනකම් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ විදියට තමයි වත්සලා දියලගොඩ තම අදහස් අප සමඟ දැක්වුවේ.

About the author

Prasad

Leave a Comment