Article

සිංහල සිනමාවේ කොකේන් ගහපු එකම නළුවා මම ගොඩාක් අය දන්නේ නැ මම ලුතිනල් කෙනෙක් කියලා ඉසුරු

Written by Prasad

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අද වෙද්දී ඉතාම කෙටි කාලෙකින් කලාවට ඇවිත් කලාවේ ලොකු ගමනක් යන්න සමත්වුණු රංගන ශිල්පියෙක්.ඔහු ශ්‍රීලංකා යුදහමුදාවේ හිටපු ලුතිනල් කර්නල් වරයෙක් පොඩි කාලේ ඉදලාම හමුදාවට යන්න තිබුණු උන නිසා හමුදාවට බැදුනා කියලා තමයි ඉසුරු නම් කියන්නේ.ඒ වගේමයි පාසල් යන කාලේ ඉදලාම නාට්‍ය වල රගැපාව කියලත් ඔහු කියනවා හමුදාවේ ඉන්න කාලෙත් ටෙලිනාට්‍ය වලට සම්බන්දවුනාලු කොහොම හරි අද වෙද්දී ලන්කාවම් දන්නා දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න ඔහුට හැකියාව ලැබී තිබෙනවා මේ ඔහුගේ අලුත් ජිවිතේ අලුත් වැඩ ගැන ඔහු කියන දේ.

මම කැමති සිනමාවේ වගේම ටෙලිනාට්‍ය වලත් චරිතාංග නළුවෙක් වෙන්න ඉතින් හුස්ම චිත්‍රපටය මට විශාල පිටුවහලක් උනා මේ ගමනට.ලොකු ප්‍රතිචාර තිබුනා සම්මාන ලැබුනා.මගේ ජිවිතේ මම චිත්‍රපට 12 පමණ රංගනයෙන් දායකවුණා ඒ අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුනේ මේ හුස්ම චිත්‍රපටයට.හුස්ම චිත්‍රපටයේ මත්ද්‍රව්‍ය බාවිතා කරනවා මම මම කරන්නේ රුවන්ගේ චරිතය.අපි රංගන ශිල්පින් විදියට විවිද චරිත කරන්න ලැබෙනවා මේකත් ඒ වගෙයි සිංහල සිනමාවේ කොකේන් ගහපු එකම නළුවා මම වෙන්න ඇති.

ඒ වගේමයි මම කුඩු ගහන චරිතයක් කළා ඒක කරන්න කලින් මම කුඩු ගහන තරුණ ළමයි දෙතුන් දෙනෙක් අසුරුකලා ඒවාගේ ප්‍රතිවිපාක දැක්කා. ඒ වගේමයි මම කොකේන් පාවිච්චි කරන අයව ඇසුරු කරලා ඒ ගැන ලොකු අවබෝදයක් අරගෙන තමයි ඒ චරිතය කරන්න ගත්තේ.මම දන්නේ නැනේ ඒවා ගත්තාම මොකද වෙන්නේ කියලා අනික අපි චරිතයක් ගත්තාම ඒ දේ මිනිසුන්ට දැනෙන්න කරන්න ඕනේ ඒ නිසා අපි ඒ චරිතේ තුල ජිවත් වෙන්න ඕනේ මිනිස්සුන්ට අපේ ප්‍රේක්ෂකයින්ට හොද රසාස්වාදයක් ඇතිවෙන්නේ අපිත් එහෙම කලාම.

ඇත්තටම හුස්ම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි කියන තැනට වැටුනා මොකද ඒ චිත්‍රපටය දිගහැරෙන්නේ මළසිරුරක් සමග ඒ මළසිරුර තියෙන්නේ නිරුවතින් නිසා.කුතුහලය ත්‍රාසය භීතිය පිරුණු චිත්‍රපටයක් තමයි හුස්ම චිත්‍රපටය.ඇත්තටම මම ලිංගිකත්වය විකුණන ඒවාගෙන් සල්ලි හොයන තුට්ටුදෙකේ වැඩිහිටියන්ට පමනයි චිත්‍රපට වලට මම කැමති නැහැ මම ඒවාගේ රඟපාන්න යන්නෙත් නැහැ.නිරුවත හෝ ලිංගිකත්වය නිර්මාණයකට ඕනේ වෙනවනම් අපට ඒවා කරන්න වෙනවා.මත්ද්‍රව්‍ය බාවිතා කරන්නෙක් ඕනේ නම් අපට ඒවත් කරන්න වෙනවා අපි නළුවෝ විදියට හැමදේම කරන්න වෙනවා.

ඊටපස්සේ මම හැමෝගෙන හිත්වලට ගියේ හොද වැඩේ නිසා පාරේ යද්දිත් ගොඩක් අය මාව දැක්කම හොද වැඩේ කියලා කියනවා.මේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලයේ මට ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගත්තා ඒත් දැන් එහෙම කරන්න බෑ. මොකද මට ලැබෙන නිර්මාණ එක්ක මම තරමක් කාර්ය බහුලයි ඉතින් මම දැන් පිටපත කියවලා තමයි නිර්මාණ බාරගන්නේ. හැබැයි මේ දවස්වල රටේ තත්වය වැඩිය හොඳ නැති නිසා වැඩිය වැඩ කරන්නේ නෑ ගෙදරට වෙලා ඉන්නවා.හමුදාවෙන් ඉවත්වෙලා රංගනයට එන්න කලින් ඖෂධ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කළමනාකරවරයෙක් ලෙස සේවය කළා කියලත් ඔහු අපත් සමග පැවසුවා.ඉතින් ඉසුරුගේ ජිවිතේ ගෙවෙන්නේ ඔන්න ඔහොමයි.

About the author

Prasad

Leave a Comment