Article

සිංහවංශ උනාට අපි එන්නේ ඉන්දුනීසියාවෙන් අපි ලංකාවේ නෙවෙයි උමාරියා සිංහවංශ

Written by Prasad

ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත්, හරි අපූරු ඇයටම උරුම වූ ගායන ශෛලියකින් වේදිකාව අතික්‍රමණය කළ ඇය නමින් උමාරියා සිංහවංශ. වේදිකාව තුළ එකක් සකස් නොමැතිව ඒ තමාගේම කරගනිමි කර ගනිමින් ඇය හරි අපූරුවට තම දක්ෂකම් පෙන්වනවා. මේ ආකාරයෙන්ම තවත් වේදිකාවේ දක්ෂකම් පෙන්නපු උමාරා සිංහවංශ කියන්නේ උමාරියාගේ අක්කා. සිංහල, දමිල, හින්දි, ජපන්, අරාබි, ඉංග්‍රීසි යන භාෂා බොහෝ ප්‍රමාණයකින් ඇය තම ගායන කුසලතාවය පෙන්වා තිබෙනවා. ඇගේ මව සහ පියාත් සංගීත ක්ෂේත්‍රයේම දෙදෙනෙක් වීම තවත් විශේෂත්වයක්.

සිංහවංශ යන පෙළපත් නාමය ලැබුවත් ඇයට අනුව ඇය සිංහල නෙමෙයිලු. ඇගේ පියා ටෝනී සිංහවංශ සහ මව අයේෂා සිංහවංශ වුනත් ඔවුන්ගේ පරපුර ඉන්දුනීසියාවෙන් පැවත එන බවයි ඇය පවසන්නේ.නමුත් මේ ශ්‍රී ලංකාවට මව් භාෂාවට බොහෝ සෙයින් ආදරය කරන බවත් ඇය පවසනවා.
උමාරියාගේ සංගීත ජීවිතය ආරම්භ කළේ පාසල් කාලේ ඉඳන්ම ද කියලා ඇහුවාම ඇය දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.නැහැ මම පාසල් කාලයේ ගීත ගායනයට යොමුවුනේම නැහැ. මගේ අම්මා, තාත්තා, අක්කා, තුන්දෙනාම ගීත ගායනා කරත් මම ගීතයක් කිව්වා නම් කිව්වේ කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න, මගේ කාමරේට වෙලා ඉන්න, බාත්රූම් එකට වෙලා ඉන්න කාලවල් වල. බිස්නස් වලට විශිෂ්ට සාමාර්ථයක් ගත්තු මම අද දෛවයේ ලියවුන විදිහටද මන්දා සංගීත ක්ෂේත්‍රයට යොමු වෙලා. ඒකනම් ඇත්තටම අහම්බයක්. මොකද පාසල් යන කාලේ මං මුල් තැන දුන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට.

එතකොට ඔයා සංගීතයට යොමු වුණු විදිහට කියමුකො.අක්කා නිසා තමයි මම සංගීතයට යොමු වුණේ. මගේ අක්කා ජීවත් වුනේ සංගීතයත් එක්කමයි. දවසක් එයා භාතිය සන්තුෂ් එක්ක ගීතයක් ගායනා කරන්න ස්ටුඩියෝ එකට ගියා. එතැනදි අක්කා කියපු සිංදුව මමත් පැත්තකට වෙලා මිමිණුවා. ඒක අහපු භාතිය සන්තුෂ් දෙදෙනා තමයි මට ගීතයක් කියන්න කියලා ආරාධනා කළේ. අන්න එතනින් තමයි මගේ සංගීත ජීවිතය ආරම්භ කළේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනේ මේ එන ගමනට මගේ අක්කා තමයි හැමදේකටම මගේ ලඟින්ම හිටිය කෙනා. ඒකටනම් එයාට වචනයෙන් ස්තූති කරන්න මට බැහැ.

ඔබ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ජයග්‍රහණ ලබා ඇති. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරමු.මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ චීනය තිබ්බ තරගයක්. ඒකට මම සහභාගි වුණේ මට අවුරුදු දහ නමේ දී. පස්සේ මම ආසියාව නියෝජනය කරමින් තවත් තරගයකට සහභාගි වෙද්දී එතනදී ලෝකඩ පදක්කමට හිමිකම් කිව්වා. ඊට පස්සේ ලෝකේ ලොකුම සංගීත තරඟය යුක්රේනයේ දී පැවැත්වූවා. එතනදි අක්කයි මායි දෙන්නම සහභාගි වුණා වගේම ලෝකඩ පදක්කම අපිට ලැබුණා. ඒ විදිහට ලොකු ජයග්‍රහණයන් සංගීත ජීවිතයේදි මම ලබලා තියෙනවා.ඔබගේ ඡායාරූපයක් වීඩියෝවක් පිළිබඳව මෑත කාලයේ ලොකු කතාවක් ගියා.

ඇත්තටම ඔබ නෙවෙයි කියලා අපි දන්නවා. ඔබට ඒඅවස්තාවේ දැණුනේ මොනවද? ඇත්තම කියනවා ලොකු කළකිරීමක් තමයි දැනුණේ. මිනිස්සු හියලා බලන්නේ නැතුව මොන තරම් නින්දිත විදිහට කතා කරනවද කියලා හිතුනා. ඒ ගැන ඇත්තටම මම දැන් කතා කරන්නත් කැමති නැහැ.උමාරියා කියලා කියන්නේ පළමු විවාහයෙන් ඈත් වෙලා ඈත්වෙලා දෙවැනි විවාහයත් සමඟ සතුටින් ගෙවන කෙනෙක්. සංගීතයට වගේම තොරතුරු තාක්ෂණටත් දක්ෂ ඔහු දෙව්ශාන් පෙරේරා. වසර ගණනක් ගෙවන මේ ජීවිතයේදී ඔහු හොඳ සහයකයෙක් කියලයි අවසන් වශයෙන් උමාරියා සිංහවංශ ප්‍රකාශ කළේ.

About the author

Prasad

Leave a Comment