Article

සිරිමාවෝ මැතිනිය බෙන්ස් පදිනකොට අපිටත් තිබ්බේ බෙන්ස් එකක් තමයි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා

Written by Prasad

ලංකාවේ පහුගිය දේශපාලන වේදිකාව ගැන කතා කරොත් මර්වින් සිල්වා කියලා කියන්නේ අපි හැමෝටම අමතක නොවන චරිතයක්. නම කිව්ව සැණින්ම චණ්ඩියෙක් කියලා මතක් වුනත් ඔහුට ජනතා ආදරය ද හිමි වුණා. ඒ හින්ද තමයි කාලයක්ම ඔහුට් දේශපාලනයේ රැඳී සිටින අවකාශය ලැබුණේ. ඔහුගේ පුතණුවන් වන මාලක සිල්වා පිලිබඳවත් අපි විටින් විට කතා බහ කරන්නට යෙදුණා. දේශපාලනයට සම්බන්ධ වෙයි කියලා හිතුනත් තවමත් ඔහු දේශපාලනයට සම්බන්ධ වෙලා නෑ. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාලක සිල්වා පිළිබඳව.

ඔයා ක්‍රියාකාරී දේශපාලනඥයෙක් වුණත් ඔහු තවමත් දේශපාලනයට පැමිණියේ නැහැ. ඒ ගැන ඔහුගෙන් අප විමසූ විට ඔහු දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්. “ඉස්සර නම් මට දේශපාලනය ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් රට යන විදිහ විදිය දැක්කහම දැන් දැන් දේශපාලනයට එන්න හිතනවා. සල්ලි තියෙන මනුස්සයෝ දේශපාලනයට ආගම හොරකම් කරන්නේ නැහැ. අපි දේශපාලනයට එන්න කලින්ම ව්‍යාපාරිකයෝ. ඒ නිසාම මට සල්ලි කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මම පියා ඉන්නකොට දේශපාලනයට ආවේ නැහැ තමයි. ගොඩක් ළමයි දේශපාලනයට එන්නේ දෙමව්පියන්ගේ බලකිරීම් මත. ඒත් මගේ තාත්තාගෙන් මට එහෙම බල කිරීමක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම මම තාත්තා දේශපාලනය කරනවා දැක්කා. ඒක හරිම කටුක අත්දැකීමක්. ඒ නිසා තමයි මම තාත්තා ඉන්නකොට දේශපාලනයට එන්න හිතුවේ නැත්තෙ.”

බියකරු දේශපාලනයත් සමඟ ඔහුගේ ජීවිතයේ ගෙවුණ කුඩා කාලය පිළිබඳ වූ අදහස් දැක්වුවේ විදිහට. “ගමක ජීවත් වෙන්න ඕනේ ගමක අසිරිය දැනගන්න. අපි පොඩි කාලේ හිටිය තිස්සමහාරාමයේ. තාත්තා දේශපාලනය කරපු නිසා අපි ගොඩක් වෙලාවට බියකරු අත්දැකීම් වලට මුහුණ දුන්නා. ජේවීපී කලබලකාරී අපේ ගෙවල්වලට වෙඩි තිබ්බා. ඒ වෙඩි තියෙන වෙලාවක මගේ තාත්තගේ නංගියි එයාගේ මහත්තයයි මැරුණා. ඒ වගේම මගේ තාත්තටත් වෙඩි වැදුනා. අපි ගොඩක් බයෙන් ජීවත් වුණ කාලයක් තිබුණා. රෑට නිදා ගනිද්දි උදේ නැගිටිද්දී බයෙන් නැගිටින නිදාගන්න කාලයක් තිබ්බ නිසා ළමා කාලය මගේ ඒ තරම් සුන්දර කාලයක් නම් නෙවෙයි.”

ජනප්‍රිය චරිත වලට නින්දා අපහාස ලැබීම ගොඩක් සාමාන්‍ය දෙයක්. ඔබේ පියාගේ දේශපාලන ජීවිතය නිසා ඔබත් විවේචන වලට බඳුන් වුනා. ඒ ගැන අපි ටිකක් කතා කරමු නේද.? “අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. තාත්තා දේශපාලනය කරන කාලේ අපි හොඳක් නම් අහලා නැතුව ඇති. හැමදාම newspapers වලින් සමාජ මාධ්‍ය ජාලා වලින් අපි දැක්කෙම අපිට බැනල තිබුන දේවල් තමයි. සමහර වෙලාවට මේවා දකිද්දි දේශපාලනය ගැන ලොකු කළකිරීමක් දැණුන අවස්ථා තියෙනවා. සමහර මිනිස්සු අපිට කියනවා අපි අනුන්ගේ සල්ලි හොරා කාලා ජීවත් වෙනවා කියලා. නමුත් මම මේක කියන්නම ඕනේ. අපිට හොරා කාලා ජීවත් වෙන්න තරම් අහේනියක් තිබුණෙ නැහැ. අපි තිස්සමහාරාමයේ ජීවත්වෙන කාලෙ හොඳට සල්ලි තිබුණා. ඒ කාලේ සිරිමාවෝ මැතිනිය බෙන්ස් එකක් පාවිච්චි කරද්දි අපිට තිබ්බෙත් බෙන්ස් එකක් ම තමයි. අනික තමයි මම ඉස්සර හිටපු මාලක නෙවෙයි. මම දැන් පිස්සු නටන්නේ නැහැ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.”

කියන්න ඉස්සර ඔබව චණ්ඩියෙක් විදියට හංවඩු ගැහිලා තිබ්බ එක ඇත්තක්ද?ඒ දවස් වල ඔබ නයිට් ක්ලබ් වල එහෙම ප්‍රසිද්ධ චරිතයක් නේද? මම චණ්ඩියෙකු නෙවෙයි. අහිංසක මිනිහෙකුත් නෙවෙයි. සාමාන්‍ය තරුණයෙක් විදියට හඳුන්වන්න තමයි මම කැමැති. මම කොහේවත් චණ්ඩිකම් කරා කියලා නම් ප්‍රසිද්ධ වෙලා නැහැ. ක්ලබ් වලදි රණ්ඩු වෙලා තියෙනවා. ගුටි කාලාත් තියෙනවා, ගහලත් තියෙනවා. ක්ලබ් යනවා කියලා හැමදාම ගියෙත් න. මාසෙකට දෙතුන් පාරක් තමයි ගියේ. ඔය කියන විදිහට මම club චණ්ඩියෙක් කියල නං කිව්වට කමක් නෑ.අවසන් වශයෙන් අපි ඔහුගෙන් විමසුවේ ඔහු දේශපාලනයට එනවට ඔහුගේ බිරිඳ කැමතිද කියලයි.මම දේශපාලනයට එනවට අපේ තාත්තා ඇරෙන්න පවුලෙ කිසි කෙනෙක්වත් මගේ බිරිඳ වත් කැමති නැහැ. අනික තමයි මගේ බිරිඳ මේ රටේ ජාතිකයෙක් නෙවෙයි. මම හිරේ ඉද්දි අම්මට හිරේට බත් ගෙනත් දීලා තියෙනවා. මේ ජීවිතේට එයා බයයි. එයා කැමති ලස්සනට නිදහස් ජීවිතයක් ගෙවන්න දේශපාලනයට නම් කැමැත්තක් නෑ.

About the author

Prasad

Leave a Comment