Article

සුපිරි නැවක උපන්දිනය සැමරූ සචිනි අයේන්ද්‍රා දැන් ගෙවන සුපිරි ජිවිතේ මෙන්න චායාරුප

Written by Prasad

සචිනි අයෙන්ද්‍රා ස්ටැන්ලි එහෙමත් නැත්තම් සචිනි අයෙන්ද්‍රා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. 1982 වස්‍රේ අප්‍රේල් අට වෙනිදා උපත ලැබූ ඇ 2003 වර්ශයේදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගෙන 53 වෙනි මිස් වර්ල්ඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුනා. ඇයගේ ජනප්‍රියත්වය වැඩි වීමට ප්‍රධානම හේතුව වූයේ ඇයගේ පළමු චිත්‍රපටයයි. ඇයගේ පළමු සිනමාපටය වූයේ සනේෂ් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ “ආදරණීය වස්සානය” සිනමාපටයයි. සචිනි මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2004 වර්ශයේදී හොදම සහය නිළියට හිමි සම්මානයද දිනා ගැනීමටද සමත් වුණා.

ඒ වගේම ” සංකාරා සහ ගර්භාෂය” සිනමා නිර්මාණද ඇගේ නිර්මාණ අතරින් වඩාත් කතාබහට ලක්වුනා. ඒ වගේම ඇය රිදී තිරයේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කළා. ඉතින් විවිධ නිර්මාණ එක්ක ඉදහිට දකින්න ලැබෙන සචිනි කලාව තුළ සෙමෙන්, සාර්ථක ගමනක් යන රංගන ශිල්පිනියක ලෙසත් හඳුන්වන්න පුලුවන්.මේ දිනවල ඇය ගැන වඩාත් කතාබහ කරන්න ගත්තා ඇයගේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් හේතුවෙන්. ඇය ඇගේ ම හිස කෙස් ආලේපණයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා.

සචිනි අයේන්ද්‍රා කියන්නෙ රුවැත්තියක්. රූපය නිසාම රූපවාහිනියේ සහ රිදී තිරයෙත් ඇයට ඇති ඉල්ලුම ඉතා ඉහළයි.බොහෝමයක් දෙනකුගේ ආදරය දිනාගත්තු සචිනි අපිට බොහෝ කාලයකින් අලුත් නිර්මාණයකින් දකින්න ලැබුණේ නැහැ.විවාහ ජීවිතයත් සමග කලා කටයුතුවලින් තරමක් දුරස්ව කටයුතු කරන ඇය අපිට නුදුරේදීම නැවතත් රූපවාහිනී තිරය හරහා දකින්නට අවකාශය ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.සචිනි මේ වන විටත් දෙදරු මවක්.ඇගේ දරුවන් කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.

නිතර රූපවාහිනියෙ පේන්න නෑ නේද කියලා ඇහුවම ඇයි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. ”මෙහෙමයි නිතරම මගේ මුණ රූපවාහිනියෙන් පෙන්න ගන්න මට ඕන නෑ, මට ඕන ගුණාත්මක නිර්මාණ වලට මගේ දායක්වත්වය දෙන්න. ඒ නිසා තමයි මාව ඉඳලා හිටලා දකින්නේ. හැබැයි ඉඳහිට දැක්කත් මට තියෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවෙලා නැහැ කියල මන් හොඳටම දන්නවා. අනික මන් දැන් සැහෙන කාලයක් මේ ශේෂ්ත්‍රයේ රැඳී සිටින කෙනෙක් ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ තවමත් මට ඒ විදිහටම කිසිදු අඩුවක් නැතුව ලැබෙනවා ඒ ගැන මට ඇත්තටම සතුටුයි.” ඉතිං මේ සුන්දර රංගන ශිල්පිනිය ටත් අපි අයගේ අයගේ අනාගතය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment