Article

සෙනග දෙනෝදාහක් හිටියත් මේනක මට බබා කිවුවේ නැත්තන් මට ගොඩාක් දුක හිතෙනවා නෙහාරා පිරිස්

Written by Prasad

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියලා කියන්නේ අද වෙනකොටත් එදා තරම්ම ජනප්‍රියත්වයක් උසුලන ආදරණීය කලාකරුවන් දෙදෙනෙක්. පුංචි දගකාරියක් විලසින් පුංචි තිරය ආක්‍රමණය කරපු නෙහාරා පීරිස් මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඒ කාලේ ඉතාමත් විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නවා.ඇය එම ටෙලි නාට්‍යය ට රංගනයෙන් දායක වෙන්නේ මේ වෙනකොට ඇගේ සැමියා වන මේනක රාජපක්ෂ සමඟයි.

මුතු කිරිල්ලී හරහා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න ඇය එයින් පටන් ගත්තු ගමන හිමි පෙත්තටම යනවා. ඇය මේනක සමග ඇති වුනු ආදර සම්බන්ධතාවයකින් ඔහු සමඟ විවාහ පත් වෙනවා. මේනක ඇය සමග විවාහ වෙන්නේ ඔහුගේ පළමු කසාදයෙන් වෙන්වෙලා. කොහොම වුණත් මේ වෙනකොට ඔවුන් දෙදෙනා ආදරණීය ජීවත්වෙන දෙමව්පියන් යුවලක්ද වෙනවා.

ඇගේ පළමු දරු ප්‍රසූතියෙන් පස්සෙ මෑතක ඇය කාලෙකට පසුව තවත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා. අනෙකුත් ටෙලි නාට්‍ය වලට වඩා මේක ඇයට විශේෂත්වයක් වෙනවා. ඒ තමයි මේක අධ්‍යක්ෂනය කරන්නේ ඇගේ ආදරණීය සැමියා මේනක රාජපක්ෂ හින්දා. ඒ ටෙලි නාට්‍යයේ නම තමයි ගුග්ලී. ඇය ගොඩක් කාලෙකට පස්සේ ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් ආදරයෙන් රඟපාන්න චරිතයක් කියලා ඇය ප්‍රකාශ කළා.සැමියා සහ දරුවා සමග ජීවත්වෙන වර්තමාන ජීවිතය පිළිබඳව ඇය අදහසක් ප්‍රකාශ කර සිටියේ මේ විදිහට.

ඒ කාලයේ තිබ්බ සැහැල්ලුව දැන් ජීවිතේ නෑ. මොන දේ මොන විදිහට කරත් ගොඩක් වෙලාවට මතක් වෙන්නෙ අපේ දරුවව. දැන් එයාට අවුරුද්දයි මාසයක් වෙනවා. ඔයාගේ වැඩකටයුතු සහ අධ්‍යාපනය ගැන හිතද්දී ලොකු බයක් දැනෙනවා. නමුත් ඉතින් මං ඒ හැම දෙයක්ම කළමනාකරණය කරගෙන කරනවා.”
මොන තරම් කාර්යබහුල ජීවිතයක් ගත කර තමන්ගේ සැමියා වන මේනක රාජපක්ෂ එක්ක ඇය නිවසේ කටයුතු කළමනාකරණය කර ගනිමින් සිදු කරනවා. දවසක් ඇය ප්‍රකාශ කළේ මොනතරම් වෙනගක් ඉන්න තැනක වුනත් මේනක ඇයට බබා කියලා කතා නොකලොත් ඇයට දුක හිතට බවයි.

About the author

Prasad

Leave a Comment