Article

හැගීම් වලට වහල් වෙලා ඉක්මන් තීරණ අරගෙන විවහා වෙලා දුක් විඳින්න එපා. ලඟදි විවහා වූ සංජනා.

Written by Prasad

දඟකාර යොවුන් චරිත වලට පණ පොවමින් මේ දින වල බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය දිවිතුරා ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් තුළින් හමුවන ඇය ඔනාලි සංජනා ගමාරච්චි.කාලයක් වැඩි ජනප්‍රියත්වයක් නැතුව සිටි සංජානා ලංකාවේ ප්‍රේක්ෂකයන් තුල කතාබහට ලක්වන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක සිදුකල කතාවක් හේතුවෙන්. ඒ සංජානා කැමති වෙන්නේ BMW එකක් තියෙන කොල්ලෙකුට කියපු නිසා. කොහොම වුනත් මේ ප්‍රකශය නිසා සංජානා ජනප්‍රිය වුනා විතරක් නෙවෙයි ඇයට ගොඩක් අයගෙන් බැනුම් අහන්නත් වුනා.ඉතින් මේ විදිහට හිටපු සංජානා පසු ගිය දිනක සිංගප්පුරු සංචාරයකදී තම පෙම්වතා සමඟ විවහා ගිවිස ගත්තා.

ඉතින් දැන් සංජානා ගෙවන ජිවිතේ ගැන ඇය අපිට කිවුවේ මේ විදිහටයි. නොහිතපු විදිහට ඉක්මනින්ම විවහා වෙන්න සිදු වුණා.මගේ විවාහය ගැන කිව්වොත් අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන ගොඩක් කල් වෙනවා. විහගගේ මියුසික් වීඩියෝ එකක රඟපාන්න ගියාට පස්සෙයි අපි දෙන්නා මුණගැහෙන්නේ. එහෙම කාලයක් කතා කරමින් ඉඳලා ටිකක් කල් කතා නොකරත් හිටියා. ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙත් ලඟක් වෙනකල්ම ඒ ගැන මාධ්‍යට කිව්වේ නැහැ. මගේ පෙම්වතා කියනා විවිද අයව පෙන්නලා සමාජ මාධ්‍ය වල ගොසිප් හැදුනා.සංගීත් අයියයි මමයි වැඩියෙන් එකට හිටිය නිසා හැමෝම ඒකාලේ ඇහුවා ඔයාලා දෙන්නා බඳින්නද හදන්නේ පෙම්වතුන්ද කියලා.

ඒකටත් මම කිව්වේ එහෙම දෙයක් නැහැ අපි හොඳම යාළුවො කියලා. විවාහයක් කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්. අම්මලා තාත්තලාගේ බලපෑමට වත් වයස යන නිසාවත් විවාහයකදී ඉක්මන් තීරණ ගන්න හොඳ නැහැ.මමනම් දුක් විදින්න බලාගෙන බැන්දේ නෑ, නමුත් යම් දවසක අපි දෙන්නම බින්දුවටම වැටුනත් මම එයා එක්ක ඉන්නවා කියන මතයේ හැමදාම ඉන්නවා. ලුණුයි බතුයි බැරිනම් වතුර හරි බීලා ඉන්නවා, නංගිලා මල්ලිලාටත් මම කියන්නේ හැගීම් වලට වහල් වෙලා ඉක්මන් තීරණ අරගෙන පසුතැවෙන්න එපා කියලා. කලා කටයුතු ගැන කිවුවොත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල නැහැ. ඒත් කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි.

මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන “දිවිතුරා” ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය රඟපානවා.ඒ වගේම ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍යයකටද රංගනයෙන් දායක වෙන අලුත් නිර්මාණය ගැන ඇය කියා සිටියේ මේ ආකාරයෙන්, මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක. සුපුන් අයියා සහ ටෙලිනාට්‍යයේ කැමරාකරණය කරන ප්‍රභාත් රෝෂන් අයියා තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. ධනවත් පවුලක දඟකාර, කටකාර තරුණියකගේ චරිතයක් ඒක. එයා අනිත් අයගේ හීන දිහා බලන් ඉන්න හරි ආස කෙනෙක්. එයාට හීන නැතුවම නෙමෙයි. ඒත් එයා වැඩිපුරම කැමැති ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයක් වුන ශානික කියන තරුණයාගේ හීන දිහා බලාගෙන ඉන්න. මේ ටෙලිනාට්‍යය ආරම්භ වෙලා තවම දවස් කීපයයි. එයට ඉදිරියේදී හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

About the author

Prasad

Leave a Comment