Article

හැමවෙලේම මම හිතන්නේ මගේ ඇඟ ගැන විතරයි ඒ හැඩේ ඒ විදියටම තියාගන්න තමයි මට ඕනේ සඳනි ප්‍රනාන්දු

Written by Prasad

සඳනි ප්‍රනාන්දු කියලා කිව්වහම අද තරුණ නොදන්න කෙනෙක් නැති තරම්. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයා අතරට ආවේ ඇය වෙළඳ දැන්වීම් කිහිපයකින් සහ ටෙලිනාට්‍ය කිහිපයකිනුයි. ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය නිසාම අපි අද ඇය සමඟ කතා කරන්නට කාලය වෙන්කර ගත්තා. ඔබ කලාවට යොමු වුණේ අවුරුදු කුමාරි තරගයක ජයග්‍රහණයත් සමග නේද. අපිට පොඩ්ඩක් ඒ ගැන විස්තර කියමුකො.

“ඔව් 2016 වර්ෂයේ පවත්වන්නට යෙදුන ස්වාධීන රූපවාහිනී සේවයේ අවුරුදු කුමාරි තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගන්නට මට හැකියාව ලැබුණා. ඒ ජයග්‍රහණයත් සමඟම තමයි මට කලාවට එන්නට අවස්ථාව ලැබුනේ. මොකද එතනින් පස්සෙ මට වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපාන්න අවස්තාව හමුවුණා.එහෙම කාලය ගත වෙද්දි මට ආයෙත් අවුරුදු කුමාරිය තරගයකට සහභාගි වෙන්න ආසාවක් ඇතිවෙනවා. ඒ හින්දම මම 2017 වර්ෂයේ දී ජාතික රූපවාහිනී සේවයේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙනවා. එතනදිත් මය දෙවන ස්ථානය දිනා ගන්නට හැකියාව ලැබෙනවා. වගේ ගොඩක් අලුත් අත්දැකීම් සමග මම ආව ගමනේ මට මගෙම කියලා තැනක් කලාව තුළ ගොඩනගා ගත හැකියාව ලැබිලා තියෙනවා. ඒ ගැන ඉතින් මට ගොඩක් සතුටුයි.

ගැහැනියකගේ පංච පංචකල්‍යානය පිළිබඳව බොහෝ දෙනෙක් කතා වෙනවා. නුඹ හිතන විදිහට ඔබේ පංචකල්‍යානිය පිහිටීම සම්බන්ධයෙන් ඔබ සතුටු වෙනවද ?ඔහු අනිවාර්යෙන්ම. මගේ පෙනුම මට දෙවියන් විසින් දුන් ත්‍යාගයක් විදියට මම සලකන්නේ. ඒ ගැන ගොඩක්ම සතුටු හිතුනේ අවුරුදු කුමාරිය තරඟයෙන් ජයග්‍රහණයක් ලැබුණු මොහොතේ. මොකද ඒ වෙනකම් මම මගේ ලස්සන ගැන හිතුවේ නෑ. මම ලස්සනයි කියලා මං දැනගෙන හිටියේ නෑ. නමුත් ඒ දේ තේරුණේ එතනින් පස්සේ තමයි.

ඒ වගේම මම මගේ රුව රැකගන්න ස්වභාවික සත්කාර වගේ දේවල් කරනවා. මම ගොඩක් වතුර බොන්න හුරු වුණා. අමාරුවෙන් උනත් නිතරම මං වතුර බොනවා. සමේ තෙතමනය පවත්වා ගන්න එක ගොඩක් හොඳයි. කැරට් යුෂ පානය කරනවා, උදෙන්ම ගොටුකොළ යුෂ පානය කරනවා, ඊට අමතරව කහපාට එළවළු පලතුරු ආහාරයට ගන්න එකත් මම අනිවාර්යෙන්ම කරනවා.ඒ වගේම මට හැඩ ඇඟක් දෙවියන් විසින් දීලා තියෙනවා. ඒකත් මනාව පවත්වා ගන්නට මම උත්සාහ කරනවා. කෑම බීම පාලනය කරනවා වගේම ජිම් ගිහිල්ලා, ව්‍යායාම කරලා මගේ ඇඟේ හැඩය පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා.

ලස්සන ගැන ඔබ දකින්නේ කොහොමද ? මට හිතෙන විදියට ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. එක එක්කෙනාට ලැබිලා තියෙන සුන්දරත්වය එක එක විදිහයි. සමහරුන්ට ලස්සන මූණක්, ලස්සන වර්ණයක්, ලස්සන කොණ්ඩයක්, ලස්සන ඇඟක්, ඔය විදියට බෙදිල ගිහින් තියෙනවා. මොනදේ උනත් ගැහැණියකගේ සැබෑ ලස්සන මතුවෙන්න නම් පිරිසිදුකම සහ පිළිවෙල වැදගත් කියලයි මම හිතන්නේ.යුගයේ ජනප්‍රිය නිළි සඳනි ප්‍රනාන්දු අප සමඟ කතාබහට එක්වුණේ එයාකාරයෙන්.

About the author

Prasad

Leave a Comment