Article

හැමෝටම කියන්නේ මන් වගේ හදිස්සි වෙන්න එපා විවහා වෙන්න උදාරි කෞෂල්‍යා දැක කියන දේ

Written by Prasad

මලී සහ අත්තම්මා ටෙලිනාට්‍ය යුගලය බලපු කෙනෙක්ට උදාරිව අමතක වෙන්න විදිහක් නැහැ. ඒ විතරක් නෙවෙයි “රාවණා” ටෙලි නාට්‍යයේ ද ඇය මතක හිටින චරිතයක් නිරූපණය කළා. නමුත් වර්තමානයේ දී නම් ඇය වැඩිය නිර්මාණ තුළින් අපට දකින්න ලැබෙන්නේ නැහැ. නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳුනු ඇය අද වන විට ව්‍යාපාරික කාන්තාවක් ලෙසින් වැජඹෙනවා. කාලයෙන් කාලයට පුද්ගලික ජීවිතයේ සිදුවුණු යම් යම් සිද්ධීන් නිසා ඇයව කතාබහට ලක් වුණත් අද වෙනකොට ඇය ඇයගේම ව්‍යාපාරයක අයිතිකාරියක් වෙලා ඉන්නවා. ” My dear clothing” කියන ව්‍යාපාරය හරහා ඇය ලක්ෂයකට අධික පාරිභෝගික සංඛ්‍යාවක් ඇය වටා ගොඩනඟා ගන්නට සමත් වෙලා තියෙනවා. ඇය නමින් උදාරී කෞෂල්‍යා.

ඇගේ අලුත්ම වැඩ කටයුතු පිළිබඳ අදහස් දක්වා තිබුනේ මෙලෙසින්..” මම මේ දවස්වල රංගන කටයුතුවලින් නම් තරමක් දුරට ඈත් වෙලා ඉන්නේ. මේ දවස් වල මම මගේම නිමි ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇඳුම් නිර්මාණය කිරීම, නිෂ්පාදනය, බෙදා හැරීම, වගේම ප්‍රචාරක කටයුතුත් කරන්නේ මගේ ප්‍රධානත්වයෙන්. වගේම මම පටන් ගත්තු පන්තියකුත් අතරමඟ නවත්වන්න සිද්ධ වුණා ඒකත් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ කාලය කාර්යබහුලව ගත කරපු නිසා අලුතෙන් නිර්මාණ වලට ලැබුණු ආරාධනා කිසිම දෙයක් බාර ගත්තෙ නැහැ. කාලයක් ඇමෙරිකාවේ මම පදිංචි වෙලා හිටපු නිසාත් රංගනයෙන් ඈත් වෙලා හිටියා. එකෙන් පස්සෙ ඇවිල්ල ආයෙම වැඩ පටන් ගත්තා. ඒ වුනාට ප්‍රේක්ෂකයාට මතක හිටින චරිත කිහිපයක් කරපු නිසා කාලයක් නිහඬව හිටියා කියලා මට තියෙන තැන නැති වුණේ නෑ.

ගෙවිල ගියෙ අතීතය ගැන කතා කරනවා නම් මගේ විවාහය ගැන මට තියෙන්නෙ පසුතැවීමක් විතරයි. මොකද පිටින් පේන තරම් මිනිස්සු සුන්දර නැහැ. හැමෝටම කියන්නෙ විවාහයට හදිස්සි වෙන්න එපා කියලා. හදිස්සිවෙලා ජීවිතයේ ගත්තු සමහර තීරණ ගැන පසුතැවෙනවා. නමුත් එහෙමයි කියලා මම ගෙවී ගියපු කාලය ගැන හිත හිත පසු තැවි තැවී නම් ඉන්නේ නැහැ. මගේ ව්‍යාපාරික කටයුතු හොඳින් කරගෙන යනවා. මගේ අම්මගෙන් තාත්තගෙන් ඒකට හොඳ සහයෝගයක් ලැබෙනවා. එයාලට ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

ආදරය ගැන කතා කරනවා නම් මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපි හමුවෙලා හමු වෙලා වසර දෙකක් විතර වෙනවා. මාව තේරුම් ගත්ත, මගේ ව්‍යාපාර වලට, රංගන ජීවිතයට, උදව් කරන කෙනෙක් එයා. වෙස් මූනු දාගත්තු නොමිනිසුන් අතර එයා වෙස් මුහුණක් දා නොගත්තු සැබෑම ස්වරූපයෙම් ඉන්නමනුස්සයෙක්. ඒ වගේ කෙනෙක් හම්බවුන එක ගැන මම අද සතුටු වෙනවා. විවාහය ගැන නම් දැන්ම අදහසක් නෑ තව ටික කාලයකින් බලනවා.ඉතින් කලා කටයුතුත්, සාමාන්‍ය ජීවිතයේ කටයුතුත්, ව්‍යාපාරික කටයුතුත්, ඇගේ සාර්ථක වේවායි කියන සුබ ප්‍රාර්ථනාව සමගින්ම නුදුරේදීම සුන්දර නිර්මාණයකින් නැවත ඇයව දකින්නට ලැබේවායි කියාත් අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment