Article

හැමෝම කැමති පලවෙනි ආදරේට මම නම් ඒක මතක් කරනවටවත් කැමති නැහැ මනෝජා ප්‍රනාන්දු

Written by Prasad

ඇය මුලින්ම ලංකාවේ ප්‍රසිද්ද වුනේ ගීත රචනාවක රූප රාමුවකින්. නිස්සාර සංසාර ගීතයේ රූප රචනයේ සිටි ඇය අනතුරුවුව නිරූපණ ශිල්පිණියක් විදිහටත්, රංගන ශිල්පිණියක් විදිහටත් අපිට මුණගැහුනා. “පොදු” ටෙලිනාට්‍යයේ “ඇඹේ” කීවම ගොඩක් අය දන්න ඒ මුහූණ මනෝජා ප්‍රනාන්දුගේ. ඔබගේ කලාව ගැන ටිකක් කියමුද?කලාව පැත්තෙන් ගත්තහම මම ගොඩක් නිර්මාණ කරලා නැහැ. නමුත් මේ හෙමින් හෙමින් ආව ගමන ගැන මම සතුටු වෙනවා. මම මගේ ඉලක්කයන් වෙනුවෙන් කැපකිරීම් කරපු කෙනෙක්. කලාවට එන්න කලින් මම කාලයක්ම නර්ථන කණ්ඩායමක හිටියා. එතන මගේ කාලය මම නාස්ති කරා කියලත් මට හිතෙනවා.

ඒ කණ්ඩායමෙන් ඉවත් වෙලා මම ටික කාලයක් ගෙදරම හිටියා. ඒ ඉන්න කාලෙදි අම්මා බයවුනා මම නිකම් කාලේ කා දදා ජීවිතේ නාස්ති කරගනියි කියලා. ඊට පස්සේ හෙමීට කලාවට සම්බන්ධ වෙලා වේදිකා නාට්‍ය වලට එහෙ මෙහෙ යද්දී අම්මා කෑගහන්න ගත්තා මම ගැන බය වෙලා. ඒ වෙලාවේ මට දුක හිතුනා. මගේ වැඩ වලට අම්මගෙන් සහයෝගයක් නෑ කියලා දැණෙද්දී මම කඩා වැටුනා. ඒත් පස්සේ පස්සේ අම්මත් මම එක්ක එන්න පටන් ගත්තා. ඉතිං ඒ ගමනෙදි තමයි මම ගීතවල රූප රචනා කිහිපයකට වගේම පොදු ටෙලිනාට්‍යට සම්බන්ධ වුනේ.

ප්‍රේමය ගැන කියනවනම මට පාසැල් ප්‍රේමයක් තිබුණේ නැහැ. පාසැල් යන කාලේදී පිරිමි ළමයි කිහිප දෙනෙක් මම ගැන විශේෂත්වයක් තිබුණා. නමුත් මම ඒ දේවල්වලට යොමුවුණේ නැහැ. ගොඩක් අයට ප්‍රථම ප්‍රේමය අමතක නොවන මාරම එකක්නේ. හැබැයි මම එහෙම නැහැ. මම ඒ මතකයකටවත් කැමැති නැහැ.

ආදරය කියන දේ හරි අපූරු දෙයක්. කාලයක් මම පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් එහෙම නැහැ. පසුගිය කාලයේදී ආදරයේ මට අලුත් අත්දැකීමක් එකතුවුණා. සාමාන්‍යයෙන් මම මගේ වටා ඉන්න ‍පිරිසගෙන් ආදරේ ලබපු කෙනෙක්. ඒ අතරේ මම හඳුනන්නේවත් නැති පිරිසකගේ ආදරය ලැබීම හරි අපූරු අත්දැකීමක්. ඒ පසුගිය කාලයේදි පොදු නාට්‍යයේ කෞෂිගේ චරිතයට ප්‍රේක්ෂකයින්ගේ ආදරේ ගොඩාක් ලැබුනා. මට ඒ ආදරය හරි වටිනවා.අනාගතයේත් ප්‍රේක්ෂකයාට ඒ වගේ මතක හිටින සුන්දර චරිත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

About the author

Prasad

Leave a Comment