Article

හැමෝම මටයි පුතාටයි කුඩ්ඩා කිවුවා දැන් යෝහානිට කුහක කම් කරනවා ඒ කෙල්ල වාසනාවන්තයි අමල් පෙරේරා

Written by Prasad

කලාකරුවා සැම විටම සුන්දර මිනිසකු වන්නේ නැහැ. ඔහුගේ කලාව සුන්දර විය හැකියි. නමුත් අදාළ පුද්ගලයා ආකර්ෂණීය නොවිය හැකියි. සම්මුඛ කතාබහක දී කළාකරුවාගේ කලාව සුන්දර නමුත් ඔවුන් සමග කතාබහ සුන්දර වෙන්නේ දුලබ අවස්ථාවල. මොකද ඔවුන්ගේ art පීස් සුන්දර වුනත් අදහස් හා මතවාද ඉතා උදාසීන නිසා. හිතේ එකයි කටේ එකයි නැතුව, තමන් සුදුත් නොවන කළුත් නොවන අළු චරිතයක් බව ප්‍රසිද්ධියේ කියන, අමල් පෙරේරා කියන්නේ ඉහත කී දුර්ලභ වර්ගයට අයත් කලාවද සුන්දර, කලාව අයිති මිනිසාද සුන්දර චරිතයක්.

පවතින වසංගත තත්ත්වය කලාකරුවන්ට බලපෑවේ කොහොමද? මේක කලාකරුවන්ට විතරක් බලපාපු ප්‍රශ්නයක් නෙවෙයි. හැම මනුස්සයෙකුටම එක විදිහට බලපාපු ප්‍රශ්නයක්. ඒ හින්දා අපි හැමෝම මේකට මුහුණ දෙන්න ඕනේ. මොකද කලාකරුවන්ට වඩා පහළ මට්ටමේ මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ හින්දා කලාකාරයො අපිට වැඩ නැහැ කියලා විවේචනය කර කර ඉඳලා වැඩක් නෑ. කලා කටයුතු වැඩිපුර තියෙන කාලෙ වැඩිපුර සල්ලි හම්බවුන එකත්, දැන් අඩුවෙන් හම්බෙන එකත් ඇත්ත. අපි හැමෝම මොන වෙලාවකදි හරි එන කරදරේකට මුහුණ දෙන්න යම් ඉතුරුවක් අපි ගාව තියාගන්න ඕන. එහෙම වුනානං ඔය විදිහට කියන්න වෙන්නේ නෑ.

මේ රට ඇතුළේ කලාකාරයකුගෙ ප්‍රතිරූපයට විතරක් නෙමෙයි ඕන මනුස්සයෙක්ගේ ප්‍රතිරූපයක් රැකගන්න යම් මට්ටමක මුදලක් තියෙන්න ඕන. නැත්නම් එක එකා ළඟ ඉල්ලගෙන වැද වැටෙන්න වෙනවා, චාටර් වෙන්න වෙනවා. සමහරු කන්න බොන්න දීලා උන් වෙනුවෙන් සින්දු කියන්න කතා කරනවා. එතකොට කලාව අඩුවට විකුණන්න වෙනවා. ඒකත් තමන්ගේ ප්‍රතිරූපයට හානියක්. මම මහ ගොඩක් ඉතුරු කරගත්ත මනුස්සයෙක් නෙවෙයි. ඒත් කාටවත් අතනොපා ජීවත් වෙන ඉතුරුවක් මම ගාව තියෙනවා. ඒ නිසා කාගෙවත් ළඟ අඩුවට විකිණෙන්නේ නැතුව මගේ ඔලුව කෙලින් කරගෙන ජීවත් වෙන්න මට පුළුවන්. නිසා මම කිසියම් ප්‍රමිතියක් තියෙන වැඩ තමයි බාර ගන්නෙ.

කලාකරුවාගේ ආර්ට් එක විතරක් රස විඳින්නෙ නැතුව ඔවුන්ගේ පුද්ගලික ජීවිතයත් ඇදලා ගන්න එක අපේ රසික ප්‍රජාවක දුර්වලතාවයක් ද? කලාකරුවා ගේ පුද්ගලික ජීවිතය කියන එක ප්‍රේක්ෂකයා හාර අවුස්සන්න ගත්තා මේ සෝෂල් මීඩියා වල ප්‍රගමනයන් එක්ක. දැන් බහුතරයකගේ අතේ ෆෝන් එකක් තියෙනවා. ඉතින් එයාලා තමන් ආස කලාකාරයින්ගේ පුද්ගලික එකවුන්ට් වලට ගිහිල්ලා හොඳ කමෙන්ට්ස් දානවා. අකමැති අයට නරක කමෙන්ට් දාලා එනවා. ඒක ඉතින් සාමාන්‍යයයි. හැබැයි මට අනුව ප්‍රේක්ෂකයා විඳින්න ඕනෙ කළාකරුවාගේ කලාව විතරයි. කාරණයක් විදිහට මට ආව ප්‍රශ්නෙදි මටයි පුතාටයි දෙන්නට කුඩ්ඩා කුඩ්ඩා කියලා සෝෂල් මීඩියා වලින් පුදුම විදියට පහර ගැහුවා. එතකොට එයාලට අපේ කලාව පවා අමතක වෙලා ගියා. ඒ වගේ රටක තමයි අපි ඉන්නෙ.

කෙනෙක් මට කියනවා නම් මට සමාජ ජාලාවල ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා කියලා ඒ ප්‍රේක්ෂකයෝ මට හැදුනේ මගේ ප්‍රශ්නේ වෙලාවෙදි. ඒ ගොඩක් අය මගේ එකවුන්ට් එකට ආවේ මගේ ගොසිප් බලන්න . ඒවා බලල බැනලා යන්න. ඇවිල්ල තමයි පස්සේ මගේ රසිකයෝ වුනේ. මොකද මේ ප්‍රශ්නෙට කලින් මගේ සෝෂල් මීඩියා වල ලොකු රීච් එකක් තිබුනේ නැහැ.මාධ්‍යවලින් කලාකරුවාව කුණු කොල්ලෙට විකිණෙනවාද? ඒ ගැන යම් රාවයක් තියෙනවා ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? ” එහෙම දෙයක් නැත්තෙත් නැහැ ඉතින්. tv programs වලට ගියා කියලා අපිට මහ ලොකු ගණන් හම්බෙන්නෙ නෑ. හැබැයි පබ්ලිසිටි එකට හොඳයි. ඔය ප්‍රෝග්‍රෑම්ස් වලදි අපි කියන සමහර වචනයක් එහෙම අල්ලගෙන එයාලම යූටියුබ් දාලා හම්බ කරනවා. ඒවගෙන් උපයන ගානෙන් කොටසක් කලාකාරයාට දෙන්න ඕන කියලවත් සිස්ටම් එකක් ලංකාවෙ නෑ. මට හිතෙන්නෙ වැරැද්ද තියෙන්නේ අපේ සිස්ටම් එකේ. ඒකයි වෙනස් වෙන්න ඕනේ. ඔන්න ඕක වෙනස් වුණාට පස්සේ නාලිකා වලට වෙනවා කලාකාරයාගේ පස්සෙන් එන්න.

අනෙක රියැලිටි තරඟ වල හැමදේම script එකකට වෙනවා කියලා ප්‍රේක්ෂකයාගෙන් චෝදනා එනවා. රියැලිටි තරඟ කොහොමත් යම්කිසි script එකකට තමයි දුවන්නේ. සමහර තැන් script එකට අනුව හයිප් එකට ගේනවා. හැබැයි ඒ වෙලාවට අපි දෙන comments එහෙම නම් ඒ වෙලාවට එන ස්වාභාවික හැඟීමම තමයි. මම නිරෝෂා, ශිහාන්, හැමෝම එහෙම තමයි. ඇයි තරඟකරුවන් තෝරා ගැනීම් වලදී වගේ දේවල් වලදි අපිට script හම්බෙන්නෙ නැහැ. මොකද එහෙම වුනානම් අපි වගේ මිනිස්සු එතනට ඕනේ නෑනේ. ස්ක්‍රිප්ට් එකක් හම්බෙන්නෙ ඔය ගම්වලින් ආවහම ගමේකම, දුක, වගේ දේවල් මාකට් කරන්න තමයි.

බොහෝ කලාකරුවන් කංසා වගේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම ගැන ඔබ මොකද හිතන්නේ? ඒකට පදනමක් තියෙනවද? මෙහෙමයි ඒ වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ට කලාකාරයෙක් වෙන්න බැහැ. නමුත් කලාකාරයෙක් ඒ වගේ දේවල් පාවිච්චි කරොත් එයාගෙ කලාව තව වැඩි වෙනවා වෙන්න පුළුවන්. සමහරවිට නිර්මාණකරණයට ආසන්න වෙන්න උත්තේජනයක් ලැබෙනවා වෙන්න පුළුවන්.එක එක සංගීත ශෛලීන් වලට සමහර ප්‍රබුද්ධ කුලක විසින් චෝදනා එල්ල කරනවා. ඕව ඇහුවහම සංස්කෘතිය විනාශයි වගේ අනං මනං කියන්නේ තනිකර කුහක කමට. මේ රටේ තරම් කුහක මිනිස්සු කොහෙවත් නෑ. බලන්න yohaniටම කියපු කතා ටික. දරුවගේ වාසනාවට ගොඩක් දේවල් ලැබුණා. ඒකටම මොනතරම් කතා කිව්වද. අපේ රටේ මිනිස්සු තමන්ට නැති ආතල් අනිත් එකා ගන්න කොට පට්ට ඉරිසියයි. ඒක තමා මෙහෙ සිස්ටම් එක.

ජාත්‍යන්තරයට යන්න yohani ට වාසනාව ලැබුනා. අපේ ගොඩක් කලාකරුවන්ට දක්ෂතාවයේ අඩුකමක් නෙවෙයි තියෙන්නේ වාසනාවෙන් මදිකමක්. ඒ අතින් ඒ කෙල්ල හරි වාසනාවන්ත ළමයෙක්. හැබැයි yohani ට වඩා දක්ෂ අය එයාලට ජාත්‍යන්තරයට යන්න නොලැබුණාට yohani ට කුහකකම් කරලා වැඩක් නැහැ මගේ මතය ඒකයි.ප්‍රතිරූප නඩත්තුව සහ ජීවිතය විඳීම ගැන අදහස් දක්වනවා නම් ජීවිතය වින්දේ නැත්නම් ප්‍රතිරූපය නැති වෙනවා. ආකාරය ගේ ප්‍රතිරූපය කියන එක අනිත් අය කොහොම අර්ථ දක්වනවා ද කියන්න මම දන්නෙ නැහැ.නමුත් මම ප්‍රතිරූපය කියලා කියන්නේ මම මම වගේ ඉන්න එකට.අනිත් අය වගේ සිල් අර ගන්න බැහැ. මට ජීවත්වෙන්න ක්‍රමයක් තියෙනවා.අන්න ඒ ක්‍රමය ඇතුලේ මම තෘප්තිමත්. මගේ විදිහ බිරිඳට, දරුවන්ට, යහලුවන්ට, දෙමව්පියන්ට, හොඳ නම් අනිත් අයට හොඳද නරකද කියන එක ගැන මම වද වෙන්නේ නෑ. ඉතිං එහෙම හිටියහම ප්‍රතිරූප නඩත්තුව සහ ජීවිතය විඳීම කියන කාරණා දෙකම වෙනවයි කියන එකයි මගේ අදහස.

About the author

Prasad

Leave a Comment