Article

හොට් ශෝර්ට්, බිකිනි වගේ ඒවා අඳින්න තියෙනවනම් මම ඒ චරිත බාරගන්නේ නෑ.ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි

Written by Prasad

වර්තමානයේ ජනප්‍රිය වගේම කලින් කලට කරලියේ කතාබහ වෙන චරිතයක් තමයි සංජානා ගාමාරච්චි කියන්නෙ. ඇගේ නම සංජානා ඔනාලි ගාමාරච්චි වුනත් ඇය සංජානා ගාමාරච්චි විදිහටයි ක්ෂේත්‍රයේදී තම නම පාවිච්චි කරන්නෙ. මාතර ප්‍රදේශයෙන් ක්ෂේත්‍රයට ආව ඇගේ පවුලේ ඉන්නේ ඇය සහ බාල සොයුරියක් විතරයි. ඇගේ මවත් පියත් දෙන්නම ගුවන් හමුදා සේවකයින් වෙන අතර ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නෙ මාතර සුජාතා විද්‍යාලයේ.ඇය කියන විදියට ඇය පාසල් කාලයේ බාහිර වැඩ වලට යොමු නොවුණු තරමක් නිහඬ ළමයෙක්ලු. ඇගේ දෙමව්පියන් හමුදා නිලධාරීන් වීම නිසා ඔවුන් හැදුනේ යම් නීති රීති පද්ධතියක් මැද කියලයි පවසන්නේ.

මොන තරම් නීතිරීති මැද්දෙ හිටියත් පොඩි කාලේ ඉඳන් ඇයගේ හීනව වෙලා නිලියක් වීම ලූ. ඒ ගැන සමහර මගේ යාලුවොන්ට පවා කියද්දී එයාලා මට ගොඩක් හිනා වුනා. මොකද බාහිර වැඩකට වත් ගෙදරින් අවසරයක් නැති වෙද්දි නිළියක් වෙන්න ගෙදරින් අවසර ලැබෙන එක හීනයක් තමයි.
ඒත් මම මගේ උත්සහය අතඇරියේ නෑ. එක්තරා නාලිකාවක තිබ්බ අවුරුදු උත්සවේකට මම ගොඩාක් අමාරුවෙන් අවසර අරගෙන සම්බන්ධ වුනා. ඒ හැම ගමනකටම අම්මත් මම එක්ක ආව. ඒත් මම හිතපු විදිහේ ජයග්‍රහණයක් ඒකෙදි මට හම්බ වුණේ නැහැ.

අවුරුදු කුමරිය ම වෙන්න බැරි වුණත් ඊට වඩා ජයග්‍රහණයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණා. එක උනේ 2018 අවුරුද්දේ වුණත් ඊට පස්සේ මම ආයෙම 2019 අවුරුද්දේ අවුරුදු කුමාරි තරඟයකට ඉදිරිපත් වුණා. එතනදි නම් මට තුන්වැනි ස්ථානය දිනා ගන්න හැකියාව ලැබුණා.එතකොට සංජානගේ කලා ජීවිතයේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනය හැබෑ කරගන්න මග පෑදුවෙ අවුරුදු කුමාරි තරගය ද කියලා අහපු දේට ඇය උත්තර දුන්නේ මේ විදියට

ඇත්තටම ඔව්, ඒ අවුරුදු කුමාරි තරගයෙන් පස්සේ මට වෙළඳ දැන්වීම් කිහිපයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ටෙලි නාට්‍ය වලටත් අවස්ථාව ලැබුණා. ජීවිතේ ඇති තුරා කියන ටෙලි නාට්‍ය තමයි මම රඟපාපු මුල්ම එක. මුල්ම ටෙලි නාට්‍යය වුණත් මං එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වා. එතැනදි මට කිසිම අත්දැකීමක් නැති වුණත් ඒ ටෙලි නාට්‍යයේ හිටපු ප්‍රවීණ අය මට ගොඩක් උදව් කරා.ඉතින් සංජානා ඔබට ඔබ ගැන කියන්න කියන්නේ මොකක්ද?මම හරිම සාමාන්‍ය සරල ගැහැණු ළමයෙක්. කියන්න තියෙන දේ මූණටම කියලා දාන කෙනෙක්. කෙලින් කතා කරන කෙනෙක්. සමහර අයට ඒක දිරවන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ඉතින් මම කියන්නේ ඇත්ත මට හිතෙන දේ. සමහර වෙලාවට අපි කෙලින් කතා කලහම ඒක සමහර කටයුතු දරාගන්න බැහැ. මටත් හිතෙනවා මං ටිකක් කටකාරයි කියලා. නමුත් ඉතින් මං ඇත්ත කතා කරන නිසා මට කොච්චර මඩ ගැහුවත් මං හිතනවා මං කියන්න ඕන දේ කිව යුතුයි කියලා.

ඔබ පෙම්වතියක්ද කියලා ඇහුවම ඇය කිව්වේ මේ වගේ දෙයක්.” දැනට නම් මම පෙම්වතියක් නෙවෙයි නමුත් මම කලින් පෙම්වතියක් වෙලා හිටියා. නමුත් අපේ ජීවිතයට අපිට ඕනම වෙලාවේ ඒ කෙනා නැත්නම් ඒ වගේ මනුස්සයෙක්ගෙන් තවදුරටත් වැඩක් නෑ කියලයි මම හිතන්නේ. අපේ ජීවිතවලට කොහොමත් දෙමව්පියන්ට තරම් ආදරේ දෙන්න කාටවත් බෑ. දේකටම මගේ ලග හිටපු මගේ අම්මා මට නැති වුණා. මට ලොකු අඩුවක් විදිහට දැනෙනවා. ඇය ඇගේ අම්මාගේ වියෝවත් ඉතාම සංවේගයෙන් සිහිපත් කළා.

එක් කලකදී සංජානා ගැන ගොඩක් ලොකුව සමාජ ජාලා වල එහෙම කතා කරා වාහනයක කතාවක් සම්බන්ධයෙන්. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ ?මෙහෙමයි ඒකෙදි නම් මට ගොඩක් අය ගොඩක් ගොසිප් හැදුවා ගොඩක් මට ගැහුවා නමුත් මං හැමදේම නිහඬව බලාගෙන හිටියා මොකද සමාජගත වුණේ මං කිව්වට වඩා ගොඩක් වෙනස් කතාවක්. ඒ කිව්ව විදිහට මම බී එම් ඩබ්ලිව් වාහනයක් නම් ඉල්ලුවේ නැහැ. මම කිව්වේ මගේ වාහනයට වඩා ටිකක් ලොකු වාහනයක් මම බදින කෙනාට තියෙන්න ඕන කියල විතරයි. කොච්චර කවුරු කොහොම කිව්වත් ඒක නේද යථාර්ථය. හැංගිලා ඉන්න කට්ටියට වඩා මම ඒක කෙලින් කිව්වේ එකයි වැරැද්ද ගියේ. ඉතින් කොහොම කවුරු මට මඩ ගැහුවත් මං ඒක ගණන් ගන්නේ නැහැ.මොකද මම කිව්වේ ඇත්ත නිසා.

හොඳයි අවසාන වශයෙන් ඔබ රංගනයට නිර්මාණයක් බාර ගනිද්දී සැලකිලිමත් වෙන්නේ මොනවා ගැනද? මම ඒකෙ පිටපත කියවලා බලලා ඒක මට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරනවා. ඒ වගේම ඒකෙදි අඳින්න තියෙන ඇදුනුත් මම බලනවා. hotshot, බිකිනි, වගේ ඒවා අඳින්න තියෙනවා නම් මං ඒ චරිත භාර ගන්නේ නැහැ. අනාගත බලාපොරොත්තුව නම් ඉතින් මේ රංගන කටයුතුත් මගේ සාමාන්‍ය ජීවිතයත් හොඳින් ඉදිරියට රැගෙන යාම තමයි.

About the author

Prasad

Leave a Comment