Article

මම කවදාවත් ජනප්‍රිය නිළිය වෙන්න කැමති නැහැ මගේ නිදහස එකෙන් නැතිවෙනවා දිනිති වල්ගමගේ

Written by Prasad

නම කියූ සැණින් ම අද වෙනකොට ගොඩක් අය ඇයව හඳුනනවා. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නොවුනත් අය රංගනය හරහා බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයන් හමුවට එනවා. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය රංගන කටයුතු සහ තමන්ගේ රැකියා කටයුතුත් එක්ක ගොඩක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගෙවනවා කියන්නේ. ඉතින් අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දිනිති වල්ගමගේ පිළිබඳව. මේ දවස්වල ජීවිතය සහ කරන නිර්මාණ කටයුතු ගැන අපිට පොඩ්ඩක් කතා කරමු.

ටෙලි නාට්‍ය කිහිපයක් හා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා රැකියාවේ කටයුතු සහ ටෙලිනාට්‍ය කටයුතුත් එක්ක මම කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නෙ. ෂැඩෝ, කොළඹ ඉතාලිය, රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නාට්‍යයන් වල මම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ කටයුතුත් එක්ක ඉතින් ටිකක් කාර්යයබහුලයි.ආශාවරී චිත්‍රපටිය ගැනත් අපි චුට්ටක් කතා කරමු.මේ චිත්‍රපටය පසුගිය දා තිරගත වීම ආරම්භ කරා. අවුරුදු හතරකට කලින් කරපු චිත්‍රපටයක් තමයි ඒක. සද්ධාමංගල සූරියබණ්ඩාර අයියා තමයි මාව මේ චරිතයට යෝජනා කරලා තිබෙන්නේ. ඉතින් මේ දවස්වල ඒක එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ රංගනයට අමතරව තිර පිටපත් තිරපිටපත් රචනයටත් පසුගිය දින ගත ගැහුව නේද.?ඔවුන් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන දී බීටීස් ටෙලි නාට්‍යයේ තිර රචනාව සිදු කළේ මම සහ මගේ යාලුවෙක් යාලුවෙක්. ඒ වගේ මගේ මිතුරු මිතුරියන් පිරිසක් සමඟ එකතු වෙලා තමයි ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වුණේ. වුනේ මම ලියන එකට කුඩා කාලයේ මම කැමතියි. මම හිතනවා මට ලියන්න පුළුවන් කියලා. වසංගත කාලයේ මම සහ මගේ යාළුවන් එකතු වෙලා කතා බහ කරමින් සිටින විට අපට හිතුනා අපේ කතාව වගේ කතාව මෙතෙක් නැහැ කියලා. ඒ නිසා අපි කතා කරලා එකතු වෙලා එකතුවෙලා කතාවක් ගෙතුවා. කැම්පස් එකක ඉගෙන ගන්න ළමයි හයදෙනෙක්ගේ කතාවක් ගැන තමයි මේකේ කියවෙන්නෙ.

රැකියාව සහ මේ කටයුතු සියල්ල ම ඔබ සමබරව කරගෙන යන්නේ කොහොමද?” හිත ඇත්නම් පත කුඩා ද කියලා කියල කතාවක් තියෙනවනේ. ඒ නිසා ඕනෑම දෙයක් තමන් ආසාවෙන් කරනවා නම් සමබරව කරගෙන යන්න පුළුවන්.”රංගනයට පිවිසෙන්න අවස්ථාව ලබා ගන්නේ කොහොමද?” අඩිතාලම වැටුණේ මගේ තාත්තාගේ අනුදැනුම ඇතිව. මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරයෙක්. මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යෙදී සම්මානනීය නිළියක් විදිහට සම්මාන ලබලා තියෙනවා. වේදිකා නාට්‍යයකින් තමයි මම රංගනයට පිවිසුණේ. තාත්තගෙන් තමයි මං ඒ පන්නරය ලබන්නේ. ජනප්‍රිය නිළියක් වෙන්න මගේ කවදාවත් ආසාවක් තිබුනෙ නෑහෑ. මොකද ප්‍රසිද්ධිය නිසා නිදහස නැති වෙයි කියලා මට හිතුනා. මොකද මම ක්ෂේත්රයේ වෙන දේවල් දන්න් නිසා. චාමර සමරවික්‍රම අයියා බලෙන් වගේ තමයි මාව හාර කෝටිය ට සම්බන්ධ කරගත්තේ.

පසුගිය දිනක සියත නාලිකාවේ දී ඔබ හා නිවේදකයෙක් අතර යම් කතාබහක් සිදු වුණා. ඒ ගැන කුමක් හරි කියන්න තිබෙනවාද? “ඇත්තටම ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ ඔහු අහපු ප්‍රශ්න වලට උත්තර දුන් එක විතරයි මම කරේ කරේ ඒ ගැන බුද්ධිමත් මිනිස්සු තීරණය කරයි කියල. මම හිතනව සමහරු කියනවා මම ස්ත්‍රිවාදී තරුණියක් කියලා. නමුත් එහෙම හිතන්නේ මොකටද කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ ගැහැනියක් ආන්ඩුවේ සල්ලි සල්ලිවලින් ඉගෙනගෙන සල්ලි තියෙන මනුස්සයෙක් බැඳ්ලා ජීවිත කාලෙම ගෙදරට වෙලා ඉන්න එපා කියලා. පොසක් බිරිඳක් වෙන්නෙ කියලයි මම කියන්නේ. ඒක වැරදි නම් ඒක ස්ත්‍රීවාදී කතාවක් කියලා හිතෙනවා නම් ඒක එහෙම වෙන්න ඇති.සමාජ මාධ්‍ය ජාලාවල ඔබ පිළිබඳව බොහෝ වෙලාවට කතාබහ වෙනවා නේද?” මට මාධ්‍ය ජාලාවල සිදුවෙන දේවල් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. බොහෝ වෙලාවට අපි සමග සාකච්ඡාවක් සිදු කරාට පස්සේ ප්‍රසිද්ධ කරන්න මාතෘකාව විවිධ කතා බහට ලක් වෙන විදිහට දානවා. අපේ මිනිස්සු මුළු කතාවම අහන්නේ නැතුව පොඩි කොටසක් අරගෙන මැරෙන්න හදනවා . මොකද වෙලා තියෙන්නෙ කියලා හොයන්නෙ නැහැ. රැල්ලට කමෙන්ට් කරනවා. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන අපි ඒ එතරම්ම සැලකිල්ලක් දක්වන්න ඕනෙ නැහැ කියලයි.”

About the author

Prasad

Leave a Comment