Artist Gossip

ගැහැණුන්ගේ පස්සයි කකුල් දෙකයි පපුවයි තමා අද ලොකුම මාකට් එක විකිනෙන්නේ ඒක නිරෝෂා විරාජිනී

Written by Prasad

ගීත ලෝකයේ වෙනස්ම ගමනක් යමින් තමන්ගේ නම ඉහලින්ම තබන්න සමත්වුණු ගීත කොකිලාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ.ඉතින් අද අපි හිතුවා ඇය ගැන ඔබට කියන්න.මේ ඇය පුවත් පතකට කරපු කතාවක් තමයි අපි ඔබට ගෙන එන්නේ.පසුගිය දවස් වල කළා කරුවන් වෙනුවෙන් පෙනී හිටපු ඇය මේ වසංගතය නිසාම පටන්ගත්ත වැඩ ටිකත් පස්සට දාල නිවසට වෙලා කාලේ ගෙවනවා කියලා තමයි කියන්නේ ඒ වගේමයි වසර 30 තිස්සේ ලාංකීය සංගීතයට කරපු කැපකිරීම් වලට සම්මානයට පාත්‍ර වෙන්නත් ඇයට හැකියාව ලැබෙනවා සම්මානනීය ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ.

වැඩ පටන්ගෙන ගමනක් යන්න හැදුවා විතරයි නැවතත් මේ වෛරසය උඩට ආවා ඉතින් පටන් ගත්ත වැඩ ඔක්කොම පස්සට වැටුනා එක ගැනනම් කනගාටුයි.මෙතනින් පස්සේ එළියේ වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ අවුරුද්දක්වත් බාරගත්ත වැඩ වලටත් තිත තියන්න තමා වෙන්නේ.එළිමහනේ ප්‍රසංග තියන එකනම් දැන් හීනයක් වෙලා ඉන්ඩෝ ෂෝ විතරයි කරන්න වෙන්නේ එකටත් වසංගතය එන්න එන්නම බාදාකරනවා.අලුත් නිර්මාණ කරන්නත් නිර්මාණ කරන අයලග සල්ලි නැහැ කොහොම හරි අපි ආරක්ෂා වෙලා හිටියොත් ඉදිරියේදී ගොඩ යාමක් තියෙයි කියලා හිතෙනවා.

එන්නතත් විදගෙන පරිස්සමට ඉන්න ඕනේ එක විද්දා කියලා ලෙඩේ හැදෙන්නේ නැතුව තියෙන්නෙත් නැනේ රජය කරන මේ වැඩේ නම් හොදයි කියලා තමයි මම කියන්නේ.ඉතින් කළා කාරුවන් වගේම මුළු රටම අසරනවුණු වෙලාවක් මේක මම කනගාටු වෙනවා මුලින්ම ලංකාවේ ඉපදුනු එක ගැන කළා කාරිනියක් විදියට කළා කරුවන්ට තියා සාමාන්‍ය මිනිසුන්ටවත් මේ රජයෙන් වගේම තිබුණු එක රජයකින්වත් අරමුදලක් වෙන් කරලා නැහැ මේ වගේ අවස්තාවක් ආවොත් මුණ දෙන්න.ඉතින් එක ගැන ඇත්තටම තියෙන්නේ දුකක්.වෙන රටවල් වල නම් රටම ලොක්ඩවුන් කරලා මිනිසුන්ට ගෙදරටම සල්ලි යවනවා මෙහෙ එහෙම කිසිම දෙයක් නැ.

ගැහැනියක් උනාම හොද පෞර්ෂයක් තියෙන්න ඕනේ සමාජේ ගැහැණිය කියන චරිතෙට මවාගෙන ඉන්න දේ අපි වෙනස් කරන්න ඕනේ අපිට මිට වඩා දෙයක් කරන්න පුළුවන් අපි ඒ දේ කරන්න ඕනේ.පෙනුම වගේම අනිත් අයසමග ගැටෙන තැන්වල පවා අපි ආරක්ෂා කාරීව පියවර ගන්න ඕනේ එතනට එන බලපෑම් ගැන කල්පනා කරන්න ඕනේ හැමෝම එක්ක එකම විදියට ගනුදෙනු කරන්නේ නැතුව ගැලපෙන තැනට ගැලපෙන විදියට වැඩ කරන්න ඕනේ මොන ප්‍රශ්නේ ආවත් කෙලින් ඉන්න ඕනේ.නන්දාමාලනිය වගේ පෞර්ෂයක් අද වෙද්දී හැදිලා තියෙන්නේ ඒ සීමාවෙන් පිට ගිය නිසා කිසිම තැනක ගෑනු කම කියන එක නැතිකරගන්න හොද නැහැ ඒක රැකගෙන අපි අපේ ගමන යන්න ඕනේ.

අද වෙද්දී ලිංගිකත්වය තමයි ලංකාවේ ගීත වල ලොකුම මාකට් එක වෙන්නේ හැබැයි පිටරටවල් වල මෙහෙට වැඩිය විවෘර්ත මනසක් තියෙන මිනිස්සු හිටියට එයාලත් ලිංගිකත්වය කියන එක මාකට් කරනවා. එක නිසා ලංකාවේ එහෙම කරා කියලා ගානක් නැහැ ඒ උනාට ගැහැණියකගේ කකුල් දෙක පස්ස පපුව ඇග තමයි මාකට් කරන්න ලේසිම අලුත් නිමාන වල දකින්න ලැබෙන්නෙම ඒවා මිනිස්සු නිරුවත වවාගෙන කනවා හැමෝටම ඒක මැජික් එකක් වෙලා හැමෝම හොයන්නේ බලන්නේ ඒක අද කලාවේත් කරන්නේ ඉල්ලන දේ දෙන එකනේ

ඉතින් අද වෙද්දී හැමෝම දගලන්නේ අනුන්ට වැඩිය තමන්ව ජිවත් කරන්න පවුල රැකගන්න මමත් එහෙමයි මේ තත්වය පහව යනකල් මොනවම දෙයක් හරි කරලා ජිවිතේ රැකගන්න බලනවා හැරෙන්න අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ තව ටික කාලෙකින් නැවතත් පෙර විදියටම එලියට බැහැලා වැඩක් කරගන්න පුළුවන් වෙයි එහෙම කාලෙක මම මගේ වැඩ ටික ආයේ පටන්ගන්නවා හැමෝටම කියන්න තියෙන්නේ තමන් ගැන හිතල ගෙදරට වෙලාම ඉන්න කියන එක තමයි.ඉතින් නිරෝෂා ඔන්න ඔයවගේ කතාවක් තමයි කියන්නේ ඉතින් අපි ඇගේ සුන්දර චායාරුප පෙලකුත් ඔබට ගෙන එනවා.

1

2

3

4

5

About the author

Prasad

Leave a Comment