Artist Gossip

මගේ අසනීපෙ නිසා මගේ බිරිදත් මාව දල ගියා එයා ආයේ අවොත් මම බාර ගන්නේ නැ ගායන ශිල්පී සචිත් පිරිස්

Written by Prasad

ලාංකීය සංගීත කලාවේ තිබුණු තවත් එක දක්ෂ මියුරු හඩක් තමයි සචිත් පිරිස්.ගීත ගණනාවකින්ම වගේම පද රචනය සංගීත තනු නිර්මාණය තුලින් ගමන ඇරබු ඔහු හිටි හැටියේම එකපාරටම කලාවේ නැතුව යනවා.කාලයක් යද්දී අපට දැනගන්න ලැබෙනවා සචිත් දරුණු පිළිකා රෝගයට ගොදුරු වෙලා කියලා.ඉතින් එහෙම කාලයක් පිළිකාවත් සමග සටන් කරන ඔහු මේ වෙද්දී නැවතත් ඔහුගේ සුපුරුදු කළා ජිවිතයට ඇවිල්ල තියෙනවා.ඒ අති සාර්ථක ලෙස පිළිකා මාරයා පරාජය කරමින්.

ඉතින් අද අපි හිතුවා මේ සොදුරු ගායකයාගේ වතගොත ටිකක් ඔබට අරගෙන එන්න.ඉතින් සචිත්ගේ අලුතෙන්ම පටන් ගත්ත ජිවිතේ ගැන සචිත් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්.කාලයක් මට සංගීත වැඩ මගහැරුනා දැන් මම ඒවටත් එක්ක වැඩ කරනවා මගේ අරමුණු එකින් එක ඉදිරියට අරගෙන යනවා සතුටින් මේ දවස් වල ජීවිතය ගෙවනවා.පසුගිය කාලේ හැම වැඩක්ම මට මගහැරුනා එක නිසා මම හිතාගෙන ඉන්නේ මාසෙකට එක ගානේ හරි සින්දුවක් කරලා එළිදක්වන්න.

මම වසර හයකට පස්සේ සින්දුවක් කරා නාඩගම් කියලා එකට ලොකු ප්‍රතිචාර ලැබුනා වසංගතය නිසා රට වහනවා අරිනවා වැඩක් කරන්න බැනේ හරියට කොහොම හරි සමිතා මුදුන්කොටුව එක්ක මම සින්දුවක් කරා දෙව්ලියේ කියලා එකට අතිවිශාල ප්‍රතිචාර ලැබෙනවා හැමෝම වගේ මට කියනවා ඒක හොදයි ලස්සනයි කියලා එහෙම කියද්දී ඇත්තටම දැනෙන්නේ හරිම සතුටක් හිතට.සමිතා කියන්නේ අතිදක්ෂ ගායිකාවක් ඒක නිසා මම ඇයව තෝරාගත්තේ මේ දෙව්ලියේ ගීතය කරන්න වෙළද දැන්වීමකින් ඇයව දැක්කා මම මට ඒ වෙලාවේ හිතුනා මගේ වැඩේට හොදම කෙනා මෙයා කියලා.

මම මගේ ලෙඩේ නිසා ජිවිතේ නැති කරගන්න ගිය අවස්ථා ඕනේ තරම් තියෙනවා දවසක් මම රිවස්ටන් වලිනුත් පනින්න ගියා අවසානයේ මටම තේරුනා මම එහෙම කරලා වැඩක් නැහැ කියලා මට ඇත්ත කියන දේ තේරුම් ගියාට පස්සේ මම කල්පනා කලේ අද දවසේ කොහොමද සතුටින් ඉන්නේ කියලා.මගේ ලෙඩේට උනත් මම කලේ මනස සුවෙන් තියාගෙන හිටපු එක ඒ නිසා තමයි අද නැවත සචිත් කෙනෙක් ඉන්නේ.නැත්තන් මම මේ වෙද්දී මේ ලෝකෙන්ම ගිහින් මනසින් වැටෙන්න හොද නැහැ කිසිම කෙනෙක් අපේ මනස සුවෙන් නම් අපේ ජීවිතෙත් රකෙනවා.පිළිකාව මාරාන්තික උනාට එකට වැඩිය දියවැඩියාව ඊටත් වැඩිය බයානකයි කියන දේ මම කියන්නම ඕනේ ඒක මම දැකල අත්විදපු කෙනෙක්.

පිළිකාවෙන් හෝ ඕනෙම රෝගයකින් වැටුණු කෙනෙක්ගෙන් මම ඉල්ලන්නේ වැටෙන්න එපා වැටෙනවා කියන්නේ අපේ මුළු ජීවිතේම ඉවරයි.ලෙඩ වෙන්න පුළුවන් සල්ලි නැතිවෙනවා අපේ ලගින් ඉන්න අය නැතිවෙනවා නරක කාලයක් වගේම අපට හොද කාලෙකුත් එනවා ජිවිතේ වැටෙන්නේ නැතුව හිත හයියෙන් තියාගෙන ඉන්න එක තමයි ලොකුම බෙහෙත.එහෙම ඉන්න පුලුවන්නම් අපිට අපේ ජීවිතය ඉක්මනින්ම ලැබෙනවා.

මගේ අසනීපයත් එක්ක මගේ බිරිඳ මාව දාලා යනවා මම විවහා වෙලා ලොකු කාලයක් ඇයත් එක්ක ඉන්න බැරිවුනා මගේ ලෙඩේ වදිවෙනවත් එක්කම ඇය මාව දාලා යනවා මම අතීතය අමතක කරලා තමයි දැන් ජිවත් වෙන්නේ මම අතීතයේ සිදුවුණු කිසිම දෙයක් ගැන දැන් හිතන්නේ නැහැ.මගේ ගිය බිරිඳ ආයේ ආවට මම බාරගන්නේ නැහැ එයා එන්නේ නැතිවෙයි කියලා තමයි මට හිතෙන්නේ එයා ඉන්න තැනක හොදින් ඇති කියලා මම හිතනවා.ඇයගැනවත් ඇතිතේ සිදුවීම් ගැනවත් මම කතා කරන්න කැමති නැහැ.

මම දැන් පෙම්වතෙක් නෙවෙයි ආයේ විවහා වෙයිද නැද්ද කියලත් කියන්න අමාරුයි ඒ උනාට මම ජිවිතේ හැමදේම අලුතෙන් පටන් ගත්තා ඉදිරිය්දී බලමු මම ආයේ පෙම්වතෙක් සැමියෙක් වෙයිද කියලා.අසනීපෙ කාලේ මගේ ලගින් හිටියේ මගේ දෙමව්පියන් මගේ සහෝදරයින් දෙදෙනා විතරයි ඇත්තටම අපි අසරණ උනාම අපේ ලග ඉන්නේ අපේ දෙමව්පියන් සහෝදරයෝ විතරයි.මගේ ලෙඩේ දැකලා මගේ අම්ම තාත්තත් මනසින් වැටෙන ඇති හැබැයි කවදාවත් මට ඒ බව පෙන්නුවේ නැහැ එයාලා කියලා තමයි සචිත් අවසානයේ පැවසුවේ.

About the author

Prasad

Leave a Comment